යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චි පරිශ‍්‍රයේ ඉදිකෙරෙන බෞද්ධ විහාරස්ථානයේ ස්ථාපිත කර තිබූ බුද්ධ ප‍්‍රතිමා 02කට කිසියම් පිරිසක් විසින් හානි කර තිබේ.
මෙම විහාරස්ථානය ඉදිකරන්නේ ද යාපනය විශ්ව විද්‍යාලයේ බෞද්ධ සහෝදර ශිෂ්‍ය සංගමයේ සිසුන්ගේ දායකත්වයෙනි.
මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සහ කිලිනොච්චිය පොලීසිය දැනුවත් කිරීමට ද සිසුන් දැනටමත් කටයුතු කර ඇත.
කෙසේවෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ අදාළ පරිශ්‍රයේම පිහිටා ඇති ගණදෙවි කෝවිල ප්‍රතිසංස්කරණය කිරීමට බලධාරීන් පියවර නොගැනීම හේතුවෙන් මෙසේ කිසියම් පිරිසක් බුද්ධ ප්‍රතිමාවට හානි කර ඇති බවකි.










