සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයාගේ අනුමැතියකින් තොරව සංචරණ සීමා කරමින් ප්‍රදේශ වසා දැමීම, ආයතන වසා දැමීම, ප්‍රදේශයකින් ප්‍රදේශයකට යාමේ දී පුද්ගලයන් නිරෝධායනය කිරීම නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සියලුම පළාත් සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී ඇත.
ඇතැම් ප්‍රදේශවල පදනමක් රහිතව සංචරණ සීමා පනවමින් ආයතන වසා දමන බවට ලැබුණ පැමිණිලි පදනම් කර ගනිමින් මෙම තීරණයට එළැඹි බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
මෙම තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවද අනාවරණය වී තිබේ.
පදනමකින් තොරව සිදු කරන ක්‍රියාමාර්ග මහජනතාවගේ විරෝධතා මතු වීමටද හේතු වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා පෙන්වා දෙයි.
එමගින් කොවිඩ් 19 රෝගය පාලනය කිරීමට මහජන සහයෝගය ලබා ගැනීමටද බාධා පැමිණ තිබේ.
එම නිසා කිසියම් ප්‍රදේශයක කොවිඩ් 19 ව්‍යාප්ත වීමේ අවධානමක් තිබේ නම් පළාත් සෞඛ්‍ය බලධාරීන් අවශ්‍ය පියවර සඳහා මෙම සතියේ සිට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයාගෙන් අවසර ලබා ගත යුතුය.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා මේ පිළිබඳව සියලුම නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල්වරු ඇතුළු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන්ද දැනුවත් කර ඇත. ඊට අමතරව පළාත් ආණ්ඩුකාරවරු, සෞඛ්‍ය මෙන්ම අභ්‍යන්තර හා ස්වදේශකටයුතු අමාත්‍යාංශය, පළාත් සෞඛ්‍ය ලේකම්වරු, කොවිඩ් නිවාරණ මෙහෙයුම් ජාතික මධ්‍යස්ථානය, පොලිස්පතිවරයාද ලිඛිතව දැනුවත් කර තිබේ.










