පාර්ලිමේන්තුවේ සිදුකරන ලද කොවිඩ් 19 හදුනා ගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණයෙන් පාර්ලිමේන්තු භෝජනාගාරයේ සේවය කරන වේටර්වරියකට කොරෝනා වෙයිරසය ආසධනය වී ඇති බව තහවුරු වී තිබේ.
මේ වනවිට එම භෝජනාගාරයේ ආහාරපාන ලබාගනු ලැබූ ආණ්ඩු පක්ෂ ලේකම්වරයාට හා අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු පිළිබද සම්බන්ධීකරණ ලේකම්වරයාට කොවිඩ් 19 වෙයිරසය ආසදනය වී ඇති බව ද හදුනා ගෙන ඇත.
එමෙන්ම පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ නියෝජ්‍ය මහලේකම් හැර සභානායක ලේකම්, ආණ්ඩු පක්ෂ ලේකම්, විපක්ෂ පක්ෂ නායක ලේකම්, වේත්‍රධාරී , නියෝජ්‍ය වේත්‍රධාරී හා සහකාර වේත්‍රධාරී ඇතුලු සියලුම අංශ ප්‍රධානින් දිවා ආහාරය ලබා ගනු ලබනුයේ පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන්ගේ භෝජනාගාරයෙන් වේ.
ඒ අනුව මෙම භෝජනාගාරයේ ආහාර පාන ගනු ලැබූ ඉහත කී පාර්ලිමේන්තුවේ සියලුම විධායක නිලධාරීන් හට කොවිඩ් 19 වෙයිරසය ආසදනය වීමේ අවදානමක් මෙ වන විට මතුව ඇත.








