සිය ආසනය වන හොරණ ප්‍රදේශයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ දකුණු ආසියාවේ විශාලතම ටයර් කම්හල විවෘත කිරීමේ අවස්ථාවට හොරණ පොදු ජන පෙරමුණේ ආසන සංවිධායකවරයා මෙන්ම සංස්කෘතික රාජ්‍ය අමාත්‍යවරයාද වන විදුර වික්‍රමනායක මහතා සහභාගී නොවීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් මතුව ඇත.
අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන, මහින්ද අමරවීර, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, කනක හේරත්, ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න යන මහත්වරු එම අවස්ථාවට සහභාගීව සිටියද විදුර වික්‍රමනායක මහතා එම අවස්ථාවට සහභාගීව සිටියේ නැත.
නමුත් ඊට පසු දින (15) කන්දෙ විහාරේ පැවැති රතන සූත්‍ර දේශනාවට විදුර වික්‍රමනායක මහතා සහභාගීව සිටීම විශේෂ සිදුවීමක් විය.
දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම” (Ferentino Tyre Corporation- PVT Ltd) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පෙරේදා (14) පස්වරුවේ විවෘත කෙරිණ.
හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයට අයත් අක්කර 155ක භූමියක කර්මාන්ත පරිශ්‍රය ස්ථාපනය කර තිබේ.
පළමු අදියර සඳහා කර ඇති ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 100කි.
යුරෝපා තාක්ෂණය සහිත ලොව නවීනතම යන්ත්‍රෝපකරණ භාවිතයෙන් නිෂ්පාදන සිදු කෙරේ.











