පසුගිය ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා සෞඛ්‍ය නීති රීති කඩ කරමින් මුහුණු ආවරණ නොපැළඳි පුද්ගලයින් 10,000ක් පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
එම පුද්ගලයින්ගෙන් 5,000ක් දෙනා බස්නාහිර පළාතෙන් අත්අඩංගුවට ගෙන ඇත.
එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් කොවිඩ් ආසාදිතයන් 48 දෙනකු හසුවූ බවත්, ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කළ බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
එම පුද්ගලයින් ඇසුරු කළ 300 දෙනකුද ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.










