• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Uncategorized

කොරෝනාවෙන් නැවතුණු පොහොට්ටු සම්මේලන හෙට සිට යළි රට පුරා

January 15, 2021
in Uncategorized
Reading Time: 3 mins read
A A
කොරෝනාවෙන් නැවතුණු පොහොට්ටු සම්මේලන හෙට සිට යළි රට පුරා
Share on WhatsAppShare on Facebook

සිව්දෙස සුරැකි සිව් වසර යන තේමාව මුල් කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිව්වැනි සංවත්සරයට සමගාමීව ආසන සම්මේලන මාලවේ දෙවන අදියර දිවයින පුරා හෙට (16) ආරම්භ වීමට නියමිතය.

මෙම ආසන සම්මේලන මාලවේ පළමු අදියර දෙසැම්බර් මස 19 සහ 20 යන දිනවලදි දිවයිනේ මැතිවරණ කොට්ඨාශ 32 ක පවත්වන ලදි. ප්‍රධාන පක්ෂ නියෝජිත සම්මේලනයට අමතරව කාන්තා, තරුණ ඇතුළු අනෙකුත් අනුබද්ධ සංවිධානවල සම්මේලන ද 61 ක් මීට සමගාමිව පැවැත්වින.

රට තුළ පැවති වසංගත තත්වය හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හතර වන සංවත්සරයේ සමගාමීව උත්සව සියල්ල දින නියමයක් නොමැතිව කල් දැමීමට පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබු අතර ඒ අනුව, සංවිධානය කර තිබු ආසන සම්මේලන, දිස්ත්‍රික් සම්මේලන සහ සමස්ත ලංකා සම්මේලන ඇතුළු සියලු උත්සව කටයුතු තාවකාලිකව අත්හිටු වීමට පක්ෂය තීරණය කළේය.

රට තුළ සියලු අංශයන්හි කටයුතු සෞඛ්‍ය අංශයන්හි උපදෙස් මූලික කර ගනිමින් පැවැත්වීම මේ වන විට සිදු වෙමින් පවති. ඒ අනුව, සෞඛ්‍ය නිතිරිති දැඩිව අනුගමනය කරමින් ප්‍රාදේශීය සෞඛ්‍ය ප්‍රධානීන්ගේ අධික්ෂණයට යටත්ව පක්ෂ සංවිධාන කටයුතු ඉදිරියට ගෙන යාම ආරම්භ කර ඇත.

මැතිවරණ ආසන කේන්ද්‍ර කර ගනිමින් සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම සම්මේලන මාලාව සංවිධානය කර ඇති අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රිවරුන්, පළාත් පාලන නියෝජිතයින් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන්ගේ දායකත්වයෙන් සාමාජිකත්ව සහභාගිත්වයෙන් මෙම සම්මේලන මාලාව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහරගම, දෙහිවල, රත්මලාන, මොරටුව යන ආසනවල සම්මේලන පැවැත්වීමට නියමිතය. මහරගම සම්මේලනය ජනවාරි මස 16 වන දා උදෑසන 10.00 ට සහ දෙහිවල සම්මේලනය සවස 3.30 ට පැවැත්වීමට නියමිත අතර 17 වනදා රත්මලාන ආසන සම්මේලනය උදෑසන 10.00 ට සහ මොරටුව ආසන සම්මේලනය සවස 3.30 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එසේම මධ්‍යම පාළාත නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය, කොත්මලේ ආසනවල සම්මේලන ජනවාරි මස 17 වන දා පැවැත්වීමට නියමිත අතර, මස්කෙළිය ආසන සම්මේලනය උදෑසන 10.00 ට ද කොත්මලේ ආසන සම්මේලනය සවස 2.00ට ද පැවැත්වීමට නියමිතය. මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල ආසන සම්මේලන රැසක් දෙසැම්බර් මස සාර්ථකව අවසන් කර ඇත.

දකුණු පළාත නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික්කයේ වැලිගම, මාතර, අකුරැස්ස, දෙනියාය යන ආසනවල සම්මේලන පැවැත්වීමට නියමිත අතර,  ජනවාරි මස 16 වනදා වැලිගම ආසන සම්මේලනය උදෑසන 10.00 ට ද මාතර ආසන සම්මේලනය සවස 3.30 ට ද පැවැත්වෙන අතර 17 වනදා අකුරැස්ස ආසන සම්මේලනය උදෑසන 10.00ට ද දෙනියාය ආසන සම්මේනලය සවස 3.30 ට ද පැවැත්වීමට නියමිතය.

සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව, මාවනැල්ල ආසනවල සම්මේලන පැවැත්වෙන අතර, ජනවාරි මස 16 වනදා ගලිගමුව ආසන සම්මේලනය උදෑසන 10.00 ට සහ 17 වනදා මාවනැල්ල ආසන සම්මේලනය උදෑසන 10.00 ට පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙම අවස්ථාවන් සඳහා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, ප්‍රාදේශීය නායකයින් ඇතුළු නියෝජිතයින් සහභාගිවීමට නියමිත අතර සෞඛ්‍ය අංශවල මාර්ගෝපදේශයන්ට අනුව සියලු කටයුතු සංවිධානය කරන ලෙස ද පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විසින් සංවිධායක මණ්ඩලය වෙත උපදෙස් ලබා දී ඇත.

SendShareShare
Previous Post

සජිත් උපකාරක ගුරුවරු හමුවෙයි: ප්‍රශ්නය ඒ මොහ‌ොතේම හමුදාපතිවරයාට යොමු කරයි (VIDEO)

Next Post

චම්පිකගේ 43 වන සේනාංකය ඉරිදා සිට සටන අරඹයි

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

Uncategorized

දුප්පත් මිනිස්සුන්ට දෙන අස්වැසුමෙනුත් ගැහිල්ලක් ගහලා! මේක පුදුම රටක්! VIDEO I Sri Lanka Latest News

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News

‘සමාජ මාධ්‍ය රටට අහිතකරයි! අධිකාරියක් මගින් පාලනය කළ යුතුයි!’ රනිල් මෑතකදී පත්කළ වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා මුට්ටිය දාලා බලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ව්‍යාපාරිකයෙක්ගෙන් මිලියනයක අල්ලසක් අරන්! හිටපු ඇමැති ලක්ෂ්මන් යාපාට මහාධිකරණයේ නඩු පවරයි!  I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Uncategorized

ගැහුවාට විරෝධය! අමෙරිකානු සාම සාකච්ජාවලින් ඉරානය ඉවත් වෙයි! I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.