මැතිඇමැතිවරුන් තිදෙනෙකු කොරෝනා රෝගීන් ලෙස හදුනාගැනීමත් සමග හෙට (12) සහ අනිද්දා (13) යන දෙදින තුළ සමස්ත පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයම පීසීආර් පරීක්ෂණ සදහා යොමු කරවීමට බලධාරීන් පියවර ගෙන ඇත.
මේ බව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද දැනුම් දී ඇති බලධාරීන් අවශ්‍ය නම් ඔවුන්ටද පැමිණ පීසීආර් පරීක්ෂණ සිදු කර ගන්නා ලෙස දැනුම් දී තිබේ.
මේ අතර වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා කොරෝනා ආසාදිතයකු ලෙස වාර්තා වීමත් සමග මැති ඇමැතිවරුන් 30 දෙනකුට අධික ප්‍රමාණයකට නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇති බවද වාර්තා වේ.










