ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කරන ලද පරීක්‍ෂණයකින් අනතුරුව ඒ මහතාට Covid-19 ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇත.
ඒ අනුව මේ වනවිට අමාත්‍යංශයේ අමාත්‍යවරයාට සමීපව කටයුතු කළ නිලධාරීන් අනාවරණය කර ගැනීම ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත.










