කොරෝනා ආසාදිතව සිට ඇති රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වූ දිනයේ කැබිනට් අමාත්‍යවරයකුගේ නිල කාමරයේ පැයකට අධික වේලාවක් ගත කොට ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
පාර්ලිමේන්තු නිලධාරීන් විසින් හකීම් මහතාගේ පළමුපෙළ ආශ්‍රිතයන් සෙවීම සදහා සීසීටීවී කැමරා පද්ධතිය පිරික්සීමේදී මේ බව අනාවරණය වී ඇත.
එහිදී දැකගන්නට ලැබී ඇත්තේ හකීම් මහතා අදාළ කැබිනට් ඇමැතිවරයාගේ පාර්ලිමේන්තු කාමරයට ගොස් පැයක පමණ වේලාවක් එහි ගත කොට ඇති බවකි.
ඒ අනුව වහාම අදාළ අමාත්‍යවරයාට සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස පාර්ලිමේන්තු බලධාරීන් දැනුම් දී ඇති බවද දැනගන්නට තිබේ.










