දිවයිනේ ප්‍රදේශ ගණනාවකම ව්‍යාප්තව පවතින වඳුරු රිළා සතුන්ගේ ප්‍රශ්නයේදී ඔවුන් බෝවීම වැළැක්වීම සඳහා වන්ද්‍යානුකරණය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි වනජීවී සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා මව්රටට පැවසීය.
එම වැඩපිළිවෙළ ගිරිතලේ සහ අම්පාර ප්‍රදේශයෙන් ආරම්භ කළද, මේ දිනවල පවතින කොරෝනා ප්‍රශ්නය නිසා එය අතරමඟ ඇනහිට ඇති බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම ඒ සඳහා දැනට අවශ්‍ය තරම් වනජීවී නිලධාරි සංඛ්‍යාවේ අඩුවක් පවතින හෙයින් ඉදිරියේදී යුද හමුදාවේ සහාය ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා ලිඛිත අවසරයක් ලබා ගැනීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.
ප්‍රාදේශීය මට්ටමෙන් එය සිදු කිරීමේදී පළාත් මට්ටමෙන් පිහිටුවා ඇති හමුදා කඳුවුරුවල සහාය ලබා ගැනීමට පහසු වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
-ප්‍රේමලාල් විජේරත්න









