මිලියන 41 ක ජනතාවක් සිටින යුක්රේනයේ යළිත් වතාවක් කොරෝනා වසංගතය හිස එසවීමත් සමග රට පුරා යළි අගුලු දැමීමක් අද (08) සිට සිදු කිරීමට තීන්දු කර ඇත.
ඒ අනුව එහි සියලුම පාසල්, අවන්හල් සහ කායවරධන මධ්‍යස්ථාන වසා දමා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
සැප්තැම්බර් මාසයේ දී යුක්රේනයේ කොරෝනා වයිරස් ආසාදන යළිත් ඉහළ යාමට පටන් ගත් අතර එය සාපේක්ෂව ඉහළ මට්ටමක පවතී.
ජනවාරි 8 වනදා වන විට රට තුළ කොරොන රෝගීන් මිලියනයකට වඩා වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 19,588 කි.
යුක්රේනය වසංගතයේ උච්චතම අවස්ථාව දෙසැම්බර් වන අතර ජනවාරි වන විට දිනකට රෝගීන් 12,00ක් 14,000 ක් පමණ වාර්තා වී ඇත.
විනෝදාස්වාද මධ්‍යස්ථාන වැසීම සහ මහජන රැස්වීම් තහනම් කිරීම ඇතුළු නව ක්‍රියාමාර්ග ජනවාරි 24 වන දින දක්වා ක්‍රියාත්මක වේ.










