• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යළි කෘෂි විප්ලවයකට බැසිල් අත තියයි (PHOTOS)

January 6, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
යළි කෘෂි විප්ලවයකට බැසිල් අත තියයි (PHOTOS)
Share on WhatsAppShare on Facebook

කෘෂි නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම මඟින් දේශිය ගොවියා ව්‍යවසායකයෙකු බවට පත් කළ හැකි බැවින් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම සහ සහය ගොවීන්ට ලබාදෙන්නැයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රාදේශිය නිලධාරින්ට උපදෙස් දෙයි.

එමෙන්ම වැවිලි ක්ෂේත්‍රය හරහා සෘජු විදේශ ආයෝජන ලබාගැනීමේ අවස්ථාව පවතින බවත් ජාතික ආර්ථිකයේ වැදගත්ම කොටසක් වන වැවිලි ක්ෂේත්‍රය ග්‍රාමීය මට්ටමේ ජනතාව අතරට ගෙන යාම සඳහා කටයුතු කරන ලෙසද බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේය.

ඊයේ (05) දින අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

වැවිලි ක්ෂේත්‍රයට අදාළව 2021 අයවැය මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් සම්බන්ධයෙන් මෙහිදී නිලධාරින් දැනුවත් කළ අතර වැවිලි ක්ෂේත්‍රයේ දැනට පවතින ගැටළු සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

එමෙන්ම අගය එකතු කළ කෘෂි නිෂ්පාදන මෙරට නිෂ්පාදනය කර හඳුන්වාදීම තුළින් දේශිය වෙළඳපොළ තුළ පමණක් නොව විදේශිය වෙළඳපොළ තුළද හොඳ ඉල්ලුමක් ලබාගත හැකි බවද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

වැවිලි ක්ෂේත්‍රය පුළුල් කිරීම මඟින් අපනයන අදායම මේ වසරේදි තවදුරටත් ඉහළ අගයක පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු බවත් “ගම සමඟ පිළිසඳරක් තුලින් වැඩ සමඟ යළි ගමට” ජාතික වැඩසටහන හරහා 2021 අයවැය ජනතා සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කිරිමට අවශය සහය ලබාදෙන ලෙසත් බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් වැවිලි ක්ෂේත්‍රයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

සමාගම් වතු ප්‍රතිසංස්කරණ,තේ හා රබර් වතු ආශ්‍රිත බෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණ හා තේ රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය, පොල්,කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යංශය සහ උක්, බඩ ඉරිඟු,කජු,ගම්මිරිස්,කුරුඳු,කරාබුනැටි,බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ 2021 අයවැය යෝජනා අනුව ග්‍රාමීය මට්ටමින් වැවිලි ක්ෂේත්‍රය නගා සිටුවීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ. මේ සඳහා රුපියල් මිලියන 9143ක මුදලක් ප්‍රතිපාදන වශයෙන් වෙන් කර ඇත.

අපනයන ගම්මාන 100 ඇති කිරීමේ වැඩසටහන, කුරුඳු ප්‍රවර්ධනය හා අගය එකතු කිරීම, ලංකා සීනි සමාගමේ ධාරිතාව ඉහළ නැංවීම, උක් වගාවේ ඵලදායීතාවය වැඩිදියුණු කිරීම සඳහා නව ප්‍රභේද 7ක් හඳුන්වා දීම, බඩ ඉරිඟු වගාව සංවර්ධනය කිරීමේ වැඩසටහන ,කජු වගාව සංවර්ධනය වැඩසටහන, කහ වගාව සංවර්ධනය වැඩසටහන ඇතුළු වැඩසටහන් කිහිපයක් මෙම වසරේදි අපනයන කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

තේ ක්ෂේත්‍රය තුළ සංවර්ධනයක් ඇති කිරීමට කුඩා තේ වතු හිමියන් සඳහා රුපියල් මිලියන 1400ක නැවත වගා කිරිමේ සහනාධාරයක් ලබාදීමටද යෝජිත අතර රුපියල් මිලියන 50ක නව වගා සහනාධාර ලබාදීමටද යෝජිතය. රබර් ක්ෂේත්‍රය තුළ නැවත වගාවන් සහ නව වගාවන් සඳහා කුඩා රබර් වතු හිමියන්ට රුපියල් මිලියන 1000ක සහනාධාර ලබාදීමට නියමිතය.

මෙම වැඩසටහන යටතේ උතුරු හා නැගෙනහිර පළාත්, අනුරාධපුර,පොළොන්නරුව,මහනුවර,පුත්තලම සහ හම්බන්තොට දිස්ත්‍රික් ආවරණය වන පරිදි තල් බීජ 830,000ක් වගාකිරීමටද යෝජිතය.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ,අරුන්දික ප්‍රනාන්දු,ජානක වක්කුඹුර මහත්වරුන් ඇතළු රජයේ නිලධාරින් රැසක් සහභාගි වූහ.

SendShareShare
Previous Post

ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් කොළ එළියක්

Next Post

අලි සබ්‍රිගෙන් ජාතිවාදී මාධ්‍යයට දැඩි ප්‍රහාරයක් (VIDEO)

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.