වරාය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමු කර තිබේ.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි.
කෙසේ වෙතත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊට විරෝධය පළ කළේ ය.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේ වරාය වෙනත් රටකට විකිණීමට ආණ්ඩුව පිඹුරුපත් සකස් කර ඇති බවත්, සේවක විරෝධය යටපත් කිරීම සදහා වරාය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට කටයුතු කරන බවත්ය.
නමුත් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කළේය.











