ඌව තැන්න සුමන හිමියන්ට ජනාධිපති සමාව දෙන්න පුළුවන් නම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාටද ජනාධිපති සමාව ලබාදීමට හැකි බව අමාත්‍ය විමල් විරවංශ ප්‍රකාශ කළේය.
කොළඹදී අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.
” ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව හිමිවුයේ උන්වහන්සේ විශාල ආයුධ තොගයක් ලබා ගැනීමේ චෝදනාව නිසයි. නමුත් දුමින්ද සිල්වාගේ නඩුවට අදාළව තීන්දුව ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ බලපෑම් එල්ල වුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඒ වගේම එම නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් අධිකරණ විනිසුරුවරියක් සමග සිදුකළ දුරකථන සංවාදවල හඬ පට නිකුත් වුණා. ඒවගෙන් තේරුම් ගන්න පුළුවන් දුමින්ද සිල්වාගේ නඩුවට බලපෑම් එල්ලවුවා කියලා. ඌවතැන්න සුමන හිමියන්ට ජනාධිපති සමාව දුන්නා වගේ දුමින්ද සිල්වාටත් සමාව ලබාදීමට හැකියි කියලා අපි කියනවා” අමාත්‍ය විමල් විරවංශ ප්‍රකාශ කර සිටියේය.










