කැබිතිගොල්ලෑව සහ වව්නියාව ප්‍රදේශවල පිහිටි දුෂ්කර පාසල්වල ගුරු හිඟයට පිළියමක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් ගුරුවරුන් ලෙස යෙදවීමට රජය තීරණය කර ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
ඒ අනුව එම ප්‍රදේශයවල පාසල්වල ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ විෂයන්වල ඉගැන්වීමට ගුවන් හමුදා නිලධාරීන් යෙදවීමට සූදානම් වෙමින් ඇතැයිද ඔවුන් සදහන් කරයි.
නමුත් මෙම තීරණයට සම්පූර්ණ විරෝධය පළ කරන බව සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
විද්‍යාපීඨ 19කින් පිටවූ පුහුණු ගුරුවරුන් විශාල පිරිසක් මේ වන විට පත්වීම් ලබාදීම ප‍්‍රමාද කර ඇති බවත් ආණ්ඩුව කළ යුත්තේ ඉක්මනින් ඔවුන්ට පත්වීම් ලබා දී ඔවුන් දුෂ්කර පාසල්වලට අනුයුක්ත කිරීම බවත් ඒ මහතා සඳහන් කළේය.
දුෂ්කර පාසල්වලට ගුවන් හමුදා නිලධාරීන් යෙදවීමට තීන්දුවක් ගෙන ඇත්තේ ජනාධිපතිවරයා විසින් ගම සමග පිළිසදරක් වැඩසටහනට සහභාගී වූ අවස්ථාවක දී බව ද ස්ටාලින් මහතා තවදුරටත් පැවසීය.










