අපේ ජන බල පක්ෂයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතුරලියේ රතන හිමියන් හෙට (05) දිනයේ සිය මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමට නියමිතව ඇත.
අතුරලියේ හිමියන් හෙට දින දිවුරුම් දීමෙන් අනතුරුව අසුන් ගන්නා ස්ථානය සම්බන්ධයෙන් මෙතෙක් පාර්ලිමේන්තු බලධාරීන්ට දැනුම් දීමක් කර නොමැති බව දැනගන්නට තිබේ.
කෙසේවෙතත් නිල නොවන ආරංචි මාර්ග සදහන් කරන්නේ හෙට දින නැතත් ආසන්නතම දිනෙකදී උන්වහන්සේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට නියමිත බවකි.











