ඛේටය (කෙළ) මගින් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සහ භාවිතා කර ඇති මත්ද්‍රව්‍ය වර්ගය හදුනා ගැනීමට හැකියාව ඇති උපකරණ රැසක් මෙරටට ගෙන්වීමට ශ්‍රී ලංකා පොලීසිය දැනටමත් පියවර ගෙන ඇත.
මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම උපකරණය හරහා පුද්ගලයන් මාස කිහිපයක් පුරා භාවිතා කර ඇති මත්ද්‍රව්‍ය පවා හදුනාගැනීමට හැකියාව තිබීමය.
ඒ තුළින් මුලින්ම 80,000කට ආසන්න පොලිස් බළකායේ නිලධාරීන් අහඹු පරීක්ෂාවකට ලක්කිරීමට මේ වන විටත් පොලිස් බලධාරීන් තීරණය කර හමාරය.
අනතුරුව සෙසු ආරක්ෂක අංශ නිලධාරීන් පරීක්ෂාවට ලක්වනු ඇත.
අනතුරුව මත්පැන් පානයකර රිය පදවන රියදුරන් නීතියේ රැහැනට හසුකර ගන්නා ආකාරයට මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවීම් කරන පුද්ගලයින් හඳුනා ගැනීමට මෙම උපකරණ භාවිතා කරනු ඇත.
ඒත් සමග අපේ රටේ බීමත් රිය ධාවනයට සමගාමීව මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය කරන රියදුරන්ට එරෙහිව නීති සංශෝධනයක්ද සිදුවනු ඇත.










