• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාට බනින කවුද මේ මැඬිල්ලේ හිමි (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

January 2, 2021
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 7 mins read
A A
ගෝඨාට බනින කවුද මේ මැඬිල්ලේ හිමි (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook


2015ට පෙර මේ රටේ මිනිස්සු ගෝඨාභය රාජපක්‍ෂව හඳුනාගෙන සිටියේ මහින්දගේ මල්ලි ලෙසය. යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව මනා ලෙස සම්බන්ධීකරණය කරගෙන මහින්දගේ නියෝග අකුරට ක්‍රියාත්මක කොට යුද්ධය දිනල දුන්න ආරක්‍ෂක ලේකම් ලෙසය. 2010ට පසු කොළඹ ලස්සන කිරීමේ වැඩකාරයා ලෙසත් ඔහු නමක් දිනා ගත්තේය.

එහෙත් ගෝඨාභය ලාංකික දේශපාලනයේ කතාබහට ලක් වුණු නමක් නෙවේ. ඔහු ජනප්‍රිය නිලධාරියෙක් විය. ඔහු පළමු වරට දේශපාලනයට අත ගැහුවේ 2011 කොළඹ නගර සභා ඡන්දයටය. කොළඹ නගර සභා ඡන්දය තමාට බාර දෙන්න යැයි ඔහු මහින්දගෙන් ඉල්ලීමක් කොට තිබුණේ නාගරික සංවර්ධන අධිකාරිය බාර ගෙන කොළඹ ලස්සන කිරීමේ මෙහෙයුම ඔහු පටන්ගෙන තිබූ නිසා එයට කොළඹ නගර සභා බලය අවශ්‍ය යැයි ඔහුට දැනුණු නිසාය. කොළඹ නගර සභාව දිනන්න පුළුවන්ය යන මතය ඔහුගේ ඔළුවට දැම්මේ යූ.ඇන්.පී.යෙන් කඩාගෙන ආ මිලින්ද මොරගොඩය.

2006 කොළඹ නගර සභා ඡන්දයේදී කොළම නගර සභාව දිනාගන්න මහින්ද ලොකු උත්සාහයක් ගත්තේය. යූ.ඇන්.පී.යට අලියා ලකුණ පවා අහිමි වුණේ එහි ප්‍රතිඵලයක් වශයෙන්ය. එහෙත් කණ්ණාඩිය ලකුණෙන් කොළඹ යූ.ඇන්.පී.ය දින්නේය. ඒ ජයග්‍රහණය පිටුපස ලොකු කාර්යභාරයක් කළේ කොළඹ නගර සභා පුරපති අපේක්‍ෂක ලෙස නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්‍ෂේප වෙන්න කලින් යූ.ඇන්.පී.ය නම් කළ සිරිසේන කුරේ සහ එකල කොළඹ දිස්ත්‍රික්ක මන්ත්‍රිවරයෙක් වූ මිලින්ද මොරගොඩය.

2011 නගර සභා ඡන්දයේදී මිලින්ද හිටියේ මහින්ද සමඟය. 2010 මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කොට පරාජය වීමෙන් පසු මිලින්ද ගෝඨාභයට කොළඹ ලස්සන කරන්න උදව් කරමින් සිටියේය. තමා පුරපති අපේක්‍ෂක වී සිරිසේන කුරේගේ පුතාවත් ලැයිස්තුවට දමාගතහොත් ඡන්දය දිනන්න පුළුවන් යැයි ඔහු සිතීය. හැබැයි තරග කළ යුත්තේ ස්වාධීන ලැයිස්තුවකින් බව මිලින්ද කීවේය. ගෝඨාභය මෙයට එකඟ විය. ප්‍රශ්නය වූයේ මහින්දව එකඟ කරවා ගැනීමය. ඒ වැඬේ ගෝඨාභය බාර ගත්තේය. මිලින්දගේ උපදෙස් මත කොළඹ දිනන්න පුළුවන් ආකාරය ගෝඨාභය මහින්දට පෙන්වා දුන්නේය. මහින්ද එයට එකඟ විය. හැබැයි මිලින්ද පරාජය විය. ගෝඨාභයගේ පළමු දේශපාලන ව්‍යාපෘතිය එයින්ම අවසන් විය. ඉන්පසු ගෝඨාභය නගරාධිපති ධුරයට පත් මුසම්මිල්ව ෂේප් කරගෙන කොළඹ ලස්සන කරන වැඬේ කරගෙන ගියේය.

2015 ජනාධිපතිවරණ පරාජයට පසු මහින්ද හමුවෙන්න ආ ගෝඨා හිතවාදීන්ට මහින්ද කිව්වේ ගෝඨාභය දක්‍ෂ ලෙස කොළඹ ලස්සන කරලාත් කොළඹ මිනිස්සු තමන්ට ඡන්දය නොදුන් බවය.

මෙහෙව් ගෝඨාභය කරළියට එන්නේ 2015 අප්‍රේල් 23 වැනි දිනය. එදා ඔහුව අල්ලස් සහ දූෂණ කොමිසමට කැඳවා තිබුණේ ඇවන්ගාර්ඞ්, මිහින් ලංකා, මිග් ගනුදෙනුව තුළ සිදුවූ දූෂණ සම්බන්ධයෙන් කරුණු විමසන්නටය. ගෝඨාභය අල්ලස් සහ දූෂණ කොමිසමේ පරීක්‍ෂණ වළක්වාගන්න කෙතරම් උත්සාහ ගත්තත් එය සාර්ථක වන්නේ නැත. අවසානයේදී ඔහු අල්ලස් සහ දූෂණ කොමිසමට යෑමට තීරණය කරන්නේ හාමුදුරු බළකායක් සමඟය. මේ හාමුදුරුවරුද ඇතුළු බළකාය එළියට එන්නේ සිංහලේ ලෙසය. මෙයට නායකත්වය දෙන්නේ මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ය.

මුළු කොළඹම ‘සිංහලේ’ කොඩියෙන් සරසන හිමියන් ඇතුළු මේ බළකාය සිංහලේ කොඩි රැගෙන අල්ලස් සහ දූෂණ කොමිසම් කාර්යාලය වටලන්නේ රටම අන්දමන්ද කරවමින්ය. ගෝඨාභය කොමිසමට එන්නේ බළකායක් සමඟ බව කළින් දැනගන්නා මෛත්‍රි – රනිල් ආණ්ඩුව කොමිෂම ඉදිරිපිට විරෝධතා තහනම් කරමින් කොළම මහාධිකරණයෙන් නියෝගයක්ද ගෙන තිබුණි. එහෙත් ‘සිංහලේ’ බළකාය කොමිසම වටලන්නේ ඒ නියෝගයද නොතකාය. එතැනදී ගෝඨාභය පළමුවරට දේශපාලන කතාවක් කරමින් මෙසේ කීවේය.

‘මම මේ රටට සේවය කළ නිලධාරියෙක්. මට සලකන්නේ මෙහෙම නම් කිසිදු රාජ්‍ය නිලධාරියෙක් රටට සේවය කරන්න එන එකක් නැහැ. මේක දේශපාලන දඩයමක්. මා වෙනුවෙන් මෙතැනට පැමිණ විරෝධතා දැක්වූ හැමෝටම මා ස්තුති කරනවා…’

මේ ගෝඨාභයගේ පළමු දේශපාලන කතාවය. ඔහු ඒ කතාව කරන විට සිංහලේ කොඩි ඔසවමින් ජයඝෝෂා නැඟුවේ මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ඇතුළු ‘සිංහලේ’ බළකායය. මේ 2015 අප්‍රේල් 23 වැනිදා දෙරණ මාධ්‍ය ඒ සිදුවීම වාර්තා කළ ආකාරයය.

උසාවි නියෝග නොතකා අල්ලස් කොමිසම ඉදිරිපිට ඇරැඹූ විරෝධතා උණුසුම් වෙයි. – ගෝඨාභයත් එයි

අල්ලස් කොමිසම ඉදිරිපිට අද කිසිදු උද්ඝෝෂණයක් නොපැවැත්විය යුතු බවට අධිකරණ නියෝගයක් ලබාදී තිබියදී එය නොතකා ස්වාමීන් වහන්සේ කිහිප නමක් දේශපාලනඥයන් ඇතුළු පිරිසක් මේ වන විට එම ස්ථානයේ විරෝධතාවක් ආරම්භ කර තිබේ.

මේ නියෝගය නොතකා මැදගොඩ අභයතිස්ස, බෙංගමුවේ නාලක, මුරුත්තෙට්ටුවේගම ආනන්ද ඇතුළු ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් එම ස්ථානයේ විරෝධතාවයේ නිරතව සිටී.’

මේ ගෝඨාභයගේ දේශපාලන උත්පත්තියය. ගෝඨාභය නමැති රාජ්‍ය නිලධාරියාට දේශපාලන උත්පත්තියක් දුන්නේ මැඬිල්ලේ පඤ්ඤාලෙගා්ක හිමියන්ගේ ‘සිංහලේ’ සංවිධානයය. එතැන් සිට සිංහලේ අකුරු හතර රටම ගිනියම් කරනු ලැබීය. ත්‍රිවීල් පිටුපස සිංහලේ අකුරු හතරෙ ස්ටිකර් ඇලවිණි. කඩපිල්වල, යාන-වාහනවල, හන්දිවල, සිංහලේ ස්ටිකර්, බැනර්, පෝස්ටර් ඇලවුණි. මෙය අමුතුම රැල්ලක් බව අවබෝධ කරගැනීමට මෛත්‍රි – රනිල් ආණ්ඩුවට වැඩි වේලාවක් ගතනොවීය. එදින අල්ලස් කොමිසම ඉදිරිපිට ‘සිංහලේ’ ජාතික කොඩිය විකෘති කර ඇතැයි ආණ්ඩුව චෝදනා කළේය. සිංහලේ කොඩිය ලෙස ප්‍රචාරය කළේ රජ කාලේ සිංහ කොඩියය. රට පුරා ව්‍යාප්ත වූයේ මේ කොඩියය. උදය ගම්මන්පිල කොඩිය ආරක්‍ෂා කරමින් කතා කළේය. ඩලස් අලහප්පෙරුම කොඩිය පිළිබඳ කනගාටුව පළකළේය.

එම විරෝධතා රැස්වීමට දේශපාලනඥයන් බොහෝ දෙනෙක් පැමිණියේ මහින්ද රාජපක්‍ෂගේ උපදෙස් මතය. 2005 සිට 2015 තෙක් මහින්දගේ ආණ්ඩු කාලයේ ප්‍රධාන මාධ්‍ය චරිත දෙකක්ද එහි පැමිණ සිටියහ. එක් අයෙක් ලේක්හවුස් සභාපතිව සිටි ප්‍රවීණ ලේඛකවරයකු සහ කතුවරයකු වූ බන්ධුල පද්මකුමාරය. අනෙකා මහින්දගේ ආණ්ඩුවේ ගුවන්විදුලි සභාපති වූ හඞ්සන් සමරසිංහය.

‘ගෝඨාට මේ උත්පත්තිය මතකද…?’

මැඬිල්ලේ පඤ්ඤාලෝක හාමුදුරුවන් නම් කියන්නේ මතක නැහැ කියලාය. ගෝඨාභය පසුපස පන්නන හමුදා බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගත් විටදීද පෙරට ආවේ මැඬිල්ලේ පඤ්ඤාලෝක හාමුදුරුවන්ගේ බළකායය. ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයකදී රජයෙන් දේපොළවලට අලාභහානි කළාය කියා මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමි, බෙංගමුවේ නාලක හිමි, මාගල්කන්දේ සුදත්ත හිමි, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි අත්අඩංගුවට පත්විය. මෙම හිමිවරුන්ව අත්අඩංගුවට ගන්න වරෙන්තුද නිකුත් කරනු ලැබීය. ඒත් මේ හිමිවරු 2015 අප්‍රේල් 23 පටන්ගත් සටන අත හැරියේ නැත. මේ හාමුදුරුවරු සටන අවසන් කළේ 2019දී ගෝඨාභයව ජනාධිපති පුටුවේ වාඩිකරවමින්ය.

‘ඉතින් එහෙව් හාමුදුරුවරු අද ඇයි ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කරන්නේ..?’

2015 අප්‍රේල් 23 ගෝඨාභයව ආරක්‍ෂා කරන්න අල්ලස් සහ දූෂණ කොමිසම වටලපු මැඬිල්ලේ හිමිගේ බළකාය පසුගියදා ගෝඨාභයගේ ජනාධිපති කාර්යාලය වැටලුවේ මුස්ලිම් කොවිඞ් මරණ භූමදාන කළයුතු යැයි ගෝඨාගේ ආණ්ඩුවේ අධිකරණ ඇමැති අලි සබ්‍රි ගෙන යන සටනට එරෙහිවය.

ගෝඨාභයත්, ගෝඨාභයව බලයට ගෙන ආ ජාතික බලවේගයත් අතර බෙදීම පටන්ගත්තේ අලි සබ්‍රි නිසා බව මෙම ලියුම්කරු ලීවේ මෙයට මාස කිහිපයකට පෙරය. පසුගියදා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රඟදැක්වුණේ ඒ සටනය. මුස්ලිම් කොවිඞ් මරණ ප්‍රශ්නය රටේ ජාතික ප්‍රශ්නයක් බවට පත්කළේ ආණ්ඩුවත්, ආණ්ඩුවට හිතවත් මාධ්‍යයත්ය. ඒ 2020 මහ මැතිවරණය දිනන්නටය. ඒ වෙන කොට කොරෝනා නිසා පාස්කු බෝම්බය මිනිසුන්ට අමතක වී ඇතැයි කියා මුස්ලිම් විරෝධය අවුස්සා සිංහල – බෞද්ධ ඡන්ද ගන්න ආණ්ඩුව කොවිඞ් මුස්ලිම් මරණ ආදාහන කරනවාද, භූමදාන කරනවාද යන ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් කරලීය. දැන් මෙය උතුරේ දෙමළ ප්‍රශ්නයටත් වඩා බරපතළ ප්‍රශ්නයක් වී ඇත.

‘ගෝඨාභයව බලයට ගෙන ආපු හාමුදුරුවරු ගෝඨාභයගේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කරන විට මට බණ්ඩාරනායකව මතක් වුණා…’

මේ පරණ ශ්‍රී ලංකාකාරයෙක් කී කතාවය. එකල වත්මන් ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටි පරණ පාර්ලිමේන්තුවේ බණ්ඩාරනායකව බලයට ගෙන ආ හාමුදුරුවරු, බණ්ඩාරනායක හඳුන්වා දුන් බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුමට එරෙහිව සත්‍යග්‍රහ කළහ.

‘දවසක් මම බණ්ඩාරනායකගෙන් ඇහුවා ඔබ කොහොමද ඔය තරම් ශක්තිමත් යූ.ඇන්.පී. ආණ්ඩුව වට්ටල බලය ගත්තේ කියල. එතකොට එතුමා මට කිව්වා මම මිනිසුන්ගේ යටි හිතේ අන්තීමටම තියෙන ජාතිවාදය කෝටුවකින් කූරු ගාලා ඇවිස්සුවා විතරයි කියල. මම කිව්වා මම නම් කවදාවත් ඕක කරන්නේ නැහැ. ඒක හරියට ගින්දර අවුලනවා වගෙයි. ඒකෙන් රටත් අපිත් හැමෝම පිච්චෙන්න පුළුවන් කියල මම එතුමාට කිව්වා…’

මේ සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ කීව කතාවකි.

ලී ක්වාන් යූ මියයන්න කලින් 2013දී තවත් අපූරු කතාවක් කීවේය.

‘රාජපක්‍ෂලා හරිම ජාතිවාදියි. ඔවුන් යටතේ කවදාවත් ලංකාව පොහොසත් එක්සත් රටක් වෙන්නේ නැහැ.’

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

එජාපයේ 2ක් අරන් සජිත් අලුත් අවුරුද්දේ වැඩ අල්ලයි

Next Post

ඇඟපතින් ලොකු වුණාට මම තාම පොඩියි

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.