• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටි ගණන් වෙනවා කියන ගෙම්බා මාක් මහන මැෂිම

December 30, 2020
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
කෝටි ගණන් වෙනවා කියන ගෙම්බා මාක් මහන මැෂිම
Share on WhatsAppShare on Facebook

ගේම් තියෙනවා එක එක ජාතියෙ. මිනිස්සු විකුණනවා විකිණෙනවා. ඒක තමයි විදිය. ඒකෙ හරියක් වරදක් හොයන්න බෑ. දැන් මේ ලංකාවම ගේම් එකක්. ඒ නිසා මේ අකුරු පරිස්සමට කියවගන්න. සමහර වෙලාවට ගේම් ලස්සනට පේන්න ගන්නවා. ඊට පස්සෙ අකුරු කැත වෙනවා. ගේම්කාරයො “මරු” වෙන්න වෙන්න ඒ ගේම් එකට එරෙහි වෙන එක ගොන් පාට් එකක් වෙනවා. ඒ නිසා මේ ගේම් අස්සෙ කරක් ගැහිල්ලත් ගේමක්.
මොකද මිනිස්සුන්ගෙ හුස්ම අස්සෙ ගේමක් ගහගන්න එකෙක්ට අපිට ගේමක් ගහන එක නතිං. ඒ නිසාම අපි මේ ගමන යන්නෙ බොහෝම පරිස්සමට. ඒ නිසා මේ කතාවල අගමුල අපෙන් අහන්න එපා. මොකද අපිට එහෙමයි කියලා කියන්න බෑ සමහර දේක වැඩිදුර විස්තර මොනවාවත්ම.
හුගක් අය හොයාගෙන හොයාගෙන හොයාගෙන යනවා. සමහර අයට තමන්ගේ හිතවතෙක් තමයි පණිවුඬේ කියලා තියෙන්නේ. ඒ හිතවතාට කියලා තියෙන්නේ තවත් හිතවතෙක්. එතකොට එයාට තවත් කෙනෙක්. ඒ තවත් කෙනාට තවත් කෙනෙක්. මේ විදිහට පණිවිඩය ඈතින් ඈතට යනවා. හැබැයි මිනිස්සු ගෙම්බා මාර්ක් මැෂින් හොයනවා. දැන් අපි බහිමු ගෙම්බා මාර්ක් මැෂිමක් තියෙනවනම් මොකද වෙන්නේ කියන කාරණාවට.
ඇත්තටම ඔයා ගාව ගෙම්බා මාර්ක් මැෂිමක් තියෙනවද? එහෙම තියෙනවනම් මේ වැඬේ ඉන්න අය කියන විදිහට ඔයාට හොයන්න පුළුවන් මුදල කෝටි තුනක්, හයක් නැත්නම් සමහර වෙලාවට කෝටි දොළහක් වෙන්නත් පුළුවන්. කෝටි කියන්නේ ශ්‍රී ලංකා රුපියල් කෝටි. දැන් ශ්‍රී ලංකා රුපියල් කෝටි තුනක් හදිස්සියේ මේ වගේ මැෂිමක් විකුණලා හොයාගන්න පුළුවන් නම් ඇයි ඉතිං නිකන් ඉන්නේ? එහෙම නේද? මං දන්නවා මං මේ කතාව කියපු ගමන් ඔයාලටත් හිතෙනවා ගෙදර ගිහිල්ලා ස්ටෝරු කාමරේ ඇරලා නැත්නම් ගෙවල් අහළ පහළ තියෙන කුණු ගොඩක් අවුස්සලා, පරණ බඩු කඬේකට රිංගලා කොහේ හෝ තැනක පුරාවිද්‍යා වටිනාකමක් තියෙන භාණ්ඩ එකතුවක් පීරලා හරි මේ විදිහේ මැෂිමක් හොයාගන්න. දැන් මේ කතාවට අගක් මුලක් නෑ කියලා මම මුලින්ම කියපු දේත් සිහියේ තියාගෙන මැෂින් හොයන්න යන්න කියලා මං ඔයාලට කියනවා. ඒකට හේතුව වෙන්නේ මේ මැෂිම ගන්නේ කවුද, මේ මැෂිමට මුදල් ගෙවන්නේ කවුද, මේ මැෂිමේ හරි වටිනාකම කියන්නේ කවුද කියන එක තාම කවුරුවත් දන්නේ නෑ. හැබැයි ෆේස් බුක් එකේ, යූ ටියුබ් එකේ මේ හැමතැනම දැන්වීම් පවා දාලා තියෙනවා. ගෙම්බා මාර්ක් මැෂිමක් තියෙනවනම් මේ ගාණ දෙනවා කියලා. සමහර තැන්වල සමහර අය දැන්වීම් දාලා තියෙනවා තමන් ගාව ගෙම්බා මාර්ක් මැෂිමක් තියෙනවා කියලා. හැබැයි තවමත් ගෙම්බා මාර්ක් මැෂින් තියෙන කට්ටිය ගෙම්බා මාර්ක් මැෂින්වලින් සල්ලි හොයන්න මහන්සි වෙනවා. ඒ අතරතුරේ සමහරුන්ට පොට පැටලිලත් තියෙනවා. ඒ කියන්නේ මේ ගෙම්බා මාර්ක් මැෂිම කියන එක එක්තරා ටේ්‍රඞ් මාර්ක් එකක් යටතේ තියෙන මැෂිමක්. එහෙම නැතුව පරණ මැෂින් හැම එකක්ම මේ ගණයට අයිති වෙන්නේ නෑ. ඔය කියන වර්ගෙට අයිති නොවෙන පුරාවිද්‍යා වටිනාකමක් තියෙන නැත්නම් පරණ බඩු සම්බන්ධ වටිනාකමක් තියෙන මැෂින් ඕනතරම් අපේ රටේ තිබිලා තියෙනවා
ඉතාම ප්‍රකට වෙළෙඳ නාමයක් යටතේ වෙළෙඳ නාමය යටතේ අපේ රටේ ඕනතරම් මැෂින් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ මැෂින් ගොඩක් ඒවා අද වෙනකොට පාවිච්චි කරන්න බැරි තත්වෙට පත් වෙලා. නැත්නම් පාවිච්චි කරන්නේ නැති තත්වෙට පත් වෙලා. ඒකට හේතුව මේ මැෂින්වල තියෙන තාක්ෂණය දැන් තියෙන තාක්ෂණයට වඩා ඉතාම පහළ මට්ටකයි තිබිලා තියෙන්නේ. ඒකට හේතු වෙලා තියෙන්නේ ඒ යුගයේ වෙනකොට ඒ මැෂින්වලට ඉතාම ඉහළ තාක්ෂණික උපක්‍රම යෙදුවත් අද වෙනකොට ඒවා පරාජය කරන්න පුළුවන් විදිහේ තාක්ෂණික උපක්‍රමවලින් අගතැන්පත් මැෂින් ඇවිල්ලා තියෙන නිසා. හැබැයි මේ විදිහේ මැෂින් පරණ බඩු කඩවල්වල නැත්නම් කුණු ගොඩවල්වල තිබිලා හොයාගෙන ආවා කියලා මේ කියන ව්‍යාපාරයට එකතු වෙන්න බෑ කියලයි ගෙම්බා මාර්ක් මැෂින් හොයන අය කියන්නේ.

ඒ වගේම මේ විදිහේ මැෂිමක තියෙන උවමනාව මොකක්ද කියන එකත් සමහර අය කියනවා. ඒකට හේතුව විදිහට ඒ අය කියන්නේ මේ ගෙම්බා මාර්ක් කියන මැෂිමේ රෙඞ් මර්කරි කියන ඉතාම වටිනා ද්‍රවයක් අන්තර්ගතයි කියලා. අන්න ඒ නිසා මේ මැෂිම විදේශිකයින් විසින් මිලදී ගන්නවා. එහෙම මිලදී ගෙන ඒ තුළ තියෙන රෙඞ් මර්කරි අරගන්නයි මේ කෝටි ගාණක් මුදල් වියදම් කරන්නේ කියලා බොහෝ අය කියනවා. එහෙම රෙඞ් මර්කරි ගන්නේ කවුද? ඒවායින් ගන්න ප්‍රයෝජනය මොකක්ද කියන එක බොහෝ දෙනෙක් දන්නේ නෑ. හැබැයි නොදන්නවා වුණාට මේ මැෂිමේ රෙඞ් මර්කරි තියෙනවද, ඒවා ක්‍රියාකාරී මට්ටමේ තියෙනවද කියන එක සම්බන්ධව නම් අද වෙනකොට හොයන්නත්, ඒ සදහා අවශ්‍ය කරන උපකරණ හොයාගන්නත් අපේ ගොඩක් අය දැනගෙන ඉන්නේ. මේ මැෂිමේ ක්‍රියාකාරී මට්ටමේ රෙඞ් මර්කරි තියෙනවද කියලා හොයාගන්න ඉතාම ප්‍රාථමික මට්ටමේ පහසුකම් සහිත එක්තරා ජංගම දුරකථනයක් යොදාගන්නවා.
ඒ ජංගම දුරකථනය මැෂිම ගාවින් තියලා ඒ ජංගම දුරකථනය හිතාගන්න බැරි විදිහට මැෂිමේ තියෙන අර රෙඞ් මර්කරි බලයෙන් ඕෆ් වෙනවානම් ඒ මැෂිමේ රෙඞ් මර්කරි ක්‍රියාත්මකයි කියලා තමයි මේ අය කියන්නේ. ඒකට කියන්නේ ෆන්ෂන් බලනවා කියලා. දැන් ෆන්ෂන් බලන්න ගන්න මේ ජංගම දුරකථනය සාමාන්‍යයෙන් අද වෙනකොට වෙළෙඳපොළ වටිනාකම රුපියල් එක්දහස් පන්සියයක් වැඩිම වුණොත් දෙදහක්. හැබැයි ඔබ දන්නවද දන්නේ නෑ මේ රෙඞ් මර්කරි බැලිල්ලයි ගෙම්බා මාර්ක් මැෂිමේ සෙල්ලමයි හින්දා මේ ජංගම දුරකථනයත් අද වෙනකොට වෙළෙඳපොළේ රුපියල් පන්දහේ සිට දහදාහ දක්වා මිල වෙලා තියෙනවා. සමහර වෙලාවට දොළොස්දහට, පහළොස්දහටත් මේ රුපියල් දාහක් දෙදහක් වටින ජංගම දුරකථනය මිලට ගන්න ගොඩක් අය හොයනවා.
හැබැයි මේ විදිහට හොයාගෙන හොයාගෙන හොයාගෙන ගියාට අවසාන වශයෙන් මේ ගෙම්බා මාර්ක් මැෂිමක් අර රුපියල් කෝටි ගාණකට අලෙවි කරපු කෙනෙක් කොහේ හරි ඉන්නවද කියලා අපි නම් දන්නේ නෑ. එහෙම කෙනෙක් ඉන්නවනම් කරුණාකරලා අපිට කියන්න මම මෙච්චර මුදලක් අරගත්තා කියලා. අපි ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරනවා. පෞද්ගලිකත්වය ආරක්ෂා කරලා කිසිම හේතුවක් නිසා අර ඔහුගේ ඇයගේ අනන්‍යතාවය හෙළි වෙන්න නොදී අපි ඒ කතාවත් ලියන්නම්. කතාව ලියන්න එපානම් කතාව නොලියා ඉන්නම්. හැබැයි මේ වෙලාවේ මේ විදිහට ගෙම්බා මැෂින් හොයාගෙන නොමග ගිහිල්ලා ඉන්න පිරිසට අපි හරි පාර කියලා දෙන්න ඕන නිසයි ඒ විදිහට එහෙම කෙනෙක් සල්ලි ගත්තානම් කියන්න කියලා කිව්වේ.
අපි ඒ විදිහට ඉල්ලීමක් කරන්නත් එක හේතුවක් තියෙනවා. සමහරවිට මේ වගේ කූට ව්‍යාපාර පිටිපස්සේ තියෙන්නේ අපි කවුරුත් නොදන්න හිතාගන්නවත් බැරි ඉතාම පුංචි දෙයක් වෙන්න පුළුවන්. දැන් මේ වෙලාවේ අර රුපියල් දාහ දෙදාහට අලෙවි වන ජංගම දුරකථනය රුපියල් දහදාහට විකුණනවා වගේ පොඩි පොඩි ව්‍යාපාරික අවස්ථා හදාගන්න මේ විදිහේ ලොකු ව්‍යාපාරික සිහින මවනවා වෙන්නත් පුළුවන්. මොකද ඒකට හේතුව වෙන්නේ එක දවසකින් කෝටි දොළහක්, දහතුනක් හොයනවා කියලා කියන්නේ ඉතාම විශාල සිහිනයක් නිසා.
ඒ සිහිනයේ දිග පළල අපිට මැනගන්න නොතේරෙන නිසා.

සාමාන්‍යයෙන් කෝටි දොළහක් හම්බ්වෙනවා නම් ඕන කෙනෙක් ඕන දෙයක් කරයි. ඇත්තටම ඒකේ වරදක් නෑ. හැබැයි ඉතිං ගෙම්බා මාර්ක් මැෂින් හෙවිල්ලත් කවුරු හරි එක දේශපාලකයෙක්ට ලොකු කොන්ත්‍රාත් එකක් දීලා එයාට තනියම කරගන්න දුන්නොත් ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ විදිහට තනි තනියෙන් විකුණන කෙනෙක්ට විකුණගන්න දෙනවානම් ඒකත් හොඳයි කියලා අපිට වෙලාවකට හිතෙනවා. කොහොම නමුත් අද වෙනකොට මේ ගෙම්බා මාර්ක් මැෂින් හෙවිල්ල විශාල සෙල්ලමක් බවට පත්වෙලා. අපි මේ පින්තූරවල ඉදිරිපත් කරන පරණ මැෂින් ඔබ හොයන්න යන්න එපා. අපි මේ ගනුදෙනුවේ මැදිහත්කරුවෙක් නෙමෙයි. අපි කොතනවත් තැනක ඉදලා ඔබට උදව් කරන්නේ නෑ. ගෙම්බා මාර්ක් මැෂින් හොයන කෙනෙකුටවත්, ගෙම්බා මාර්ක් මැෂින් හම්බවුණ කෙනෙකුටවත් අපිට දුරකථන ඇමතුමක් දුන්නා කියලා ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන එකක් නෑ. හැබැයි අපි මේ කියන්නේ මේ වෙලාවේ අපේ රටේ ඇතිවෙලා තියෙන තත්වය. මිනිස්සු පිස්සුවෙන් වගේ ගෙම්බා මාර්ක් මැෂින් හොයනවා.
ඔයත් ඒ ගොඩට එකතු වෙනවද නැද්ද කියන එක තීරණය තියෙන්නේ ඔයාගේ අතේ. කොහොම නමුත් ගෙම්බා මාර්ක් මැෂින් කෙසේවෙතත් ෆන්ෂන් බලන ජංගම දුරකථන නම් අද වෙනකොට ලොකු මුදලකට අලෙවි වෙනවා. ඒ නිසා අපිට නම් වෙලාවකට හිතෙනවා මේක ඇත්තටම ගෙම්බා මාර්ක් මැෂින් ව්‍යාපාරයක් නෙමෙයි. මේක අර රුපියල් දාහේ දෙදාහේ ජංගම දුරකථනය රුපියල් දහදාහට විකිණිල්ලේ කූට උපක්‍රමයක්ද කියලත්. කොහොම නමුත් මේ කතාවේ තව කොටසක් අපි ඉතාම ඉක්මනට ඔබට කියන්න බලාපොරොත්තු වෙනවා. අපි කාලයක් තිස්සේ අකුණු සන්නායක හෙව්වා. කාලයක් තිස්සේ කිඹුල් හූනෝ හෙව්වා. කාලයක් තිස්සේ ගරුඬෝ, පත්තෑයෝ පස්සේ ගියා.
හැබැයි එහෙම ගියපු කවුරුවත් තමන් ගාව තිබිච්ච අමාරුවෙන් හොයා ගත්ත දේ විකුණලා කෝටිපතියෙක් වුණා කියලානම් අපි දන්නේ නෑ. එහෙම අය ඉන්නවා වෙන්න පුළුවන්. සමහරවිට අපිට රහසින්. කොහොම නමුත් එහෙම අය ඉන්නවානම් එහෙම අය අපිට කියන්න ඕන අපි කියන්නේ බොරු කියලා. අපි කියනවා කෙළින්ම ඔය ඔක්කෝම නිකන්ම නිකන් විලාසිතාවලින් පිරිච්ච විකාර ව්‍යාපාර කියලා. මිනිස්සු මිනිස්සුන්ගේ උවමනාවල්, පොඩි පොඩි දේවල් ඉෂ්ඨ කරගන්න ලොකු ලොකු ගොන් පාර්ට් කරනකොට අපේ රටේ අයනම් හරි පහසුවෙන් ගොනාට අදිනවා. ඒ නිසා ඔයත් එහෙම කෙනෙක්ද කියලා තීරණය තියෙන්නේ ඔයාගේ අතේ. හැබැයි ගෙම්බා මාර්ක් මැෂිමක් විකුණලා කෝටියක් දෙකක් හොයාගත්තොත් අපි ඒකේ වරදක් කියනවා නෙමෙයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ලංකාවටම එපා වූ නෝර්වේ සොල්හයිම් යළි ලංකාවට අත තියයි

Next Post

තිස්ස… තිස්ස… ඔබ කොහිද….?

MORE NEWS

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.