2001-2004 එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ ආණ්ඩුව සහ එල්.ටී.ටී.ඊය අතර සාම සාකච්ජා පැවැත්වීම සදහා මැදිහත්කරු වශයෙන් කටයුතු කිරීම නිසා ලාංකිකයන්ගේ දැඩි විවේචනයට පාත්‍ර වූ නෝර්වේ හිටපු විදේශ අමාත්‍ය එරික් සොල්හයිම් මහතා යළි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කතා කිරීම ආරම්භ කොට තිබේ.
ඒ, ලංකාවේ ඉදිවන දක්ෂිණ අධිවේගී මාර්ගයේ අලුතින් ඉදිවූ කොටසක් මුල්කරගෙනය.
මෙහිදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් අලි කොරිඩෝවක් නිර්මාණය කිරීම වෙනුවෙන් පාළමක් ලෙස තැනීමට එහි කොන්ත්‍රාත් භාර චීන ඉදිකිරීම් සමාගම තීරණය කර තිබේ .
ඒ අලි මංකඩ හරහා දිවෙන මාර්ගය හේතුවෙන් අලින්ගේ සාමාන්‍ය දින චරියාවට බාධාවක් නොවන පරිද්දෙනි.
මෙය චීන සමාගමේ මූලික සැලසුම්වල අන්තර්ගත නොවූවක් බව ඒ සම්බන්ධයෙන් වාර්තාකරන ‘ෂිංහුවා’ මාධ්‍ය ආයතනය පෙන්වා දෙයි.
අදාළ පාරිසරික ගැටළුව අවබෝධ වීමෙන් පසු අදාළ සමාගම මාර්ග සංවර්ධන අධිකාරිය සමග කළ සාකච්ඡාවකින් පසු මෙම පියවර ගෙන ඇතිබවත් එහි සඳහන් වේ.
එය නෝර්වේ පරිසර ක්‍රියාධරයෙකු වන හිටපු විදේශ අමාත්‍ය එරික් සෝල්හයිම් විසින් අගයකිරීමක් සහිතව සිය ට්විටර් ගිනුමේ පළකර තිබුණේ මෙසේය.









