කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමග ඇහැලියගොඩ සහ ගොඩකවෙල ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරිමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
ඒ අනුව ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයට අයත් මින්නන, විලේගොඩ, යකුදාගොඩ, අස්ගගුල උතුර, බෝපත්ත යන ප්‍රදේශත් ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රක්වාන නගරය, රක්වාන උතුර, රක්වාන දකුණ, මස්ඉඹුල, කොට්ටල යන ප්‍රදේශ ද මෙලෙස හුදකලා කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
මේ අතර හෙට උදෑසන 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කොට තිබු වේල්ල විදිය, කෙසෙල්වත්ත සහ මරදාන පොලිස් වසම් හුදෙකලා භාවයෙන් මුදා හැරීමට තීරණය කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
මිට අමතරව කොම්පඤ්ඤ විදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම, හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම ද හෙට සිට හුදෙකලා භාවයෙන් මුදා හැරීමට නියමිතව ඇත.
වැල්ලවත්ත පොලිස් වසමට අයත් මයුර පෙදෙස, බොරැල්ල පොලිස් වසමේ හල්ගහ වත්ත, කාලිපුල්ල වත්ත සහ වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය ද හුදෙකලා භාවයෙන් මුදා හැරීමට නියමිතව ඇත.










