• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෙම් ලොවදී දුටු ඔවුන්ද මේ… (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

December 26, 2020
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 5 mins read
A A
පෙම් ලොවදී දුටු ඔවුන්ද මේ… (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

මෛත්‍රිපාල 2018 ඔක්තෝබර් කුමන්ත්‍රණය කරලා රනිල්ව අගමැති ධුරයෙන් ඉවත් කොට මහින්දව අගමැති ධුරයට පත්කළේ සිකුරාදා දිනයකය. හරියටම ඒ සතියේ බදාදා කැබිනට් මණ්ඩලය ඝෝෂාවක් විය. ඝෝෂාවට හේතු වූයේ කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ සහ ජපාන ඒකාබද්ධ ව්‍යාපෘතියකට පැවරීම සඳහා එවකට අගමැති රනිල් ඉදිරිපත් කළ යෝජනාවය. යෝජනාවට මෛත්‍රිපාල එක එල්ලේ විරුද්ධ විය. රටේ ජාතික සම්පත් මෙහෙම විකුණන්න ඉඩ දෙන්න බැරි යැයි කියා ඔහු මරහඬ දුන්නේය. රනිල්ට කැබිනට් පත්‍රිකාව අකුළා ගන්න සිදුවිය. මෛත්‍රි රනිල්ව අගමැති ධුරයෙන් ඉවත් කරන්න ආසන්නතම හේතුව ලෙස ප්‍රකාශයට පත්කළේ එයය.

මෛත්‍රිගේ කුමන්ත්‍රණය එකල මහින්දගේ ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රබල චරිත වූ විමල්, දිනේෂ්, ගම්මන්පිල, වාසු සාධාරණීකරණය කළේ දේශීය සම්පත් කුණුකොල්ලයට විකිණීම නතර කරන්න මෛත්‍රිපාල ගත් ඓතිහාසික තීන්දුවක් කියාය. එකල විමල් රනිල්ව හැඳින්වූයේ ‘වික්කම සිංහ’ කියාය. හම්බන්තොට වරාය චීනයට පැවරීම, ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම, කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දු – ජපාන සමාගමකට පැවරීම විමල්, දිනේෂ්, වාසු, ගම්මන්පිලගේ ප්‍රධාන සටන්පාඨ හතර විය. 2018 අගෝස්තු මාසයේ ඒකාබද්ධ විපක්‍ෂය ලිප්ටන් වටරවුමේ ජනබල සේනා නමින් දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කළහ. එම උද්ඝෝෂණ රැලියේදී විමල්, දිනේෂ්, වාසු, ගම්මන්පිල විදේශ රටවලින් ඉල්ලීමක් කළේය.

‘ලංකා ආණ්ඩුව විකුණන දේවල් ගන්න එපා. අපි බලයට ආපු ගමන් විකුණූ සියල්ල ආපසු ගන්නවා…’

මේ ඔවුන් පරසක්වල ගහල ජාත්‍යන්තරයට කී කතාවය. චීනයට බදු දුන් හම්බන්තොට වරාය යළි ලංකාවට හිමිකර ගන්නා බවත්, සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම අහෝසි කරන බවත්, කොළඹ වරාය නැඟෙනහිර පර්යන්තයට කිසිදු විදේශීය රටකට, විදේශීය ආයෝජකයකුට අත තියන්න දෙන්නේ නැති බවටත් ඔවුහු දිවුරා පොරොන්දු වූහ. ගෝඨාභය 2019 ජනාධිපතිවරණය ජයගත් පසු වරායේ මහා වැඩවර්ජනයක් දියත් විය. වරාය වෘත්තීය සමිති කීවේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ විදේශ රටකට, විදේශ ආයෝජකයකුට නොදෙන බවට පොරොන්දුවක් අවශ්‍ය බවය. විමල් සහ උදය ගම්මන්පිල වරායේ වැඩවර්ජනයට සහාය දීමට ගියහ. තමන් ආණ්ඩුවේ ඉන්නතාක් වරායට අත තියන්න දෙන්නේ නැතැයි ඔවුහු වරාය සේවකයන්ට පොරොන්දුවක් දුන්හ.

පහුගියදා වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවේ ආයෝජකයන්ට දීම ගැන මාධ්‍යවේදීන් විමල්ගෙන් ප්‍රශ්නයක් ඇසුවේය. විමල් කීවේ ලංකාවට වාසි විදියට විදේශ ආයෝජකයන් වරාය සංවර්ධනය කරනවා නම් තමන්ගේ විරුද්ධත්වයක් නැති බවය. වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන මෙයට කලින් කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය විකුණන්නේ නැති බවත්, එහි 49%ක කොටස් ඉන්දියාවේ ආයෝජකයන්ට දී වරාය සංවර්ධනය කරන බවත් පැවැසීය. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බවත් කීවේය.

රනිල් 2018 ඔක්තෝබරයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේත් මේ යෝජනාවමය. ඒ යෝජනාවේත් තිබුණේ වරායේ 49%ක කොටස් ඉන්දීය ආයෝජකයන්ට පැවරීමය.

ගෝඨාභයගේ ආණ්ඩුවේ කැබිනට් පත්‍රිකාවේත් තියෙන්නේ ඒකමය.

‘එතකොට විමල්ලා එදා විරුද්ධ වෙලා අද සම්පත් විකුණනවාට පක්‍ෂ වෙන්නේ කොහොමද..?’

විමල් පමණක් නොව වාසු කීවේත් රටට හානිදායක නොවන වරාය සංවර්ධන ව්‍යාපෘතියකට තමන් එකඟ වන බවය. උදය ගම්මන්පිල නම් ඒ ගැන කට ඇරියේ නැත. දිනේෂ් ගුණවර්ධන මේ වරාය ව්‍යාපෘතිය සම්බන්ධ සාකච්ඡාවල නියෝජිතයෙක් ලෙස කටයුතු කරමින් සිටී.

‘හම්බන්තොට වරාය පවරාගෙන කොහොමද, චීනය තරහ කරගන්නේ. අනෙක මේවා ජාත්‍යන්තර ගිවිසුම්…’
‘ඉන්දියාව තරහ කරගෙන කොහොමද..?’

මේ, මේ ආණ්ඩුවේ මැති ඇමැතිවරු නිදහසට කියන කාරණාය. හැබැයි මෛත්‍රිපාල ජනාධිපති ධුරයේ සිට ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමට එරෙහි විය. ගිවිසුම සංශෝධනය කරන්න යැයි ඔහු සිංගප්පූරු අගමැතිවරයාගේ මුහුණටම කීවේය. නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන කැබිනට් පත්‍රිකාව වීසි කළේය. මෛත්‍රිව ජනාධිපති කරන්න ඉන්දියාව කුමන්ත්‍රණය කළා යැයි කීවේ විමල්ලා, උදයලා, වාසුලාය. මෛත්‍රි තමන්ව ජනාධිපති කරන්න උදව් කළ ඉන්දියාවට වරායේ කොටස් පැවරීම එක පයින් ප්‍රතික්‍ෂේප කළේය. ඔහු රනිල්ගේ ආණ්ඩුව එක්ක ප්‍රශ්න ඇතිකර ගත්තේ සිංගප්පූරු ගිවිසුම, නැඟෙනහිර පර්යන්තය පැවරීම වැනි කාරණා නිසාය. ඔහු ඒවාට එකඟ වූවා නම් රනිල්ගේ ආණ්ඩුව එක්ක ඔහුට ප්‍රශ්නයක් ඇති වන්නේ නැත. එහෙනම් ඔහු අදත් ජනාධිපතිය.

‘ඉතින් මෛත්‍රිට තිබුණු කොන්ද මේ ආණ්ඩුවට නැද්ද..?’

මේ ආණ්ඩුව ගැන ‘දි අයිලන්ඞ්’ පුවත්පත පසුගියදා අපූරු කතුවැකියක් ලියා තිබුණි. ඒ කතුවැකියෙන් කීවේ මේ ආණ්ඩුව දුටුවිට මතක් වන්නේ නන්දා මාලිනීගේ සින්දුවක් කියාය. ඒ සින්දුව නම් ‘පෙම් ලොවෙදී දුටු ඔහුමද මේ… ඔහුටද මා අන්ධ වුණේ…’ යන සින්දුවය. ඒ සින්දුවේ තේරුම පෙම් ලොවේදී පෙම් කළ පෙම්වතා පසුව වෙනස් වූ ආකාරයය. මේ ආණ්ඩුවත් මෛත්‍රි – රනිල් ආණ්ඩු කාලයේ මෙරට ජාතිකවාදීන්ට අපූරු පෙම්වතෙක් විය. හම්බන්තොට වරාය චීනයට පැවරීමට එරෙහි ජාතික බලවේග මේ ආණ්ඩුව එකල ප්‍රේමයෙන් මුසපත් කළේය. සිංගප්පූරු ගිවිසුමට එරෙහි වූ වෛද්‍ය සංගමය, අනෙකුත් වෘත්තීය සංගම් ඒ ආදරයෙන් මන්මත් වී සිටියහ. වරායේ වෘත්තීය සමිති ඒ ප්‍රේමයට බොක්කෙන්ම ප්‍රේම කළේය.

‍ දැන් මේ හැමෝටම තේරෙන්නේ තමන් ඒ ප්‍රේම දැලේ පැටලී මුළා වුණු බවය. නන්දා මාලිනීගේ සින්දුවේ සඳහන් ලෙස තමන් මිදි යුෂ යැයි කියා හලා හල විෂ බිව්ව බවය.

‘හැබැයි මේ ආණ්ඩුව මිලේනියම් ගිවිසුම අස්සන් කළේ නෑනේ…’

ජාතික බලවේගවල උතුරන කෝපයට හසු නොවී වහන් වෙන්න විමල්ලා, උදයලා, වාසුලා කියන්නේ ඔය කතාවය. ඇත්තටම මේ ආණ්ඩුවට ඕනෑ වුණේ ජාතික බලවේග සතුටු කරන්න මිලේනියම් ගිවිසුමේ කොටස් කිහිපයක් වෙනස් කර මිලේනියම් ගිවිසුමෙන් රටට හිමිවෙන අරමුදල ලබා ගැනීමය. ඇමෙරිකාව ඒකපාර්ශ්විකව මිලේනියම් ගිවිසුම ඉවත් කර ගත්තේ නුඹලා ලංකාවේ මිනිසුන්ගේ හිත් තුළ පැළ කරපු මිලේනියම් ගිවිසුම කියන බොරු ගහේ නුඹලාම එල්ලියල්ලා කියාය. ඇත්තටම මිලේනියම් ව්‍යාපෘතියට ලංකාව ඇතුල් කරන ලෙස මුලින්ම ඉල්ලා සිටියේ 2005 බලයට ආ මහින්දගේ ආණ්ඩුවය. ඒත් ඇමෙරිකාව මහින්දගේ ආණ්ඩුවට මිලේනියම් ප්‍රදානය දුන්නේ නැත. ඒ මානව හිමිකම් කඩකිරීම් නිසාය. මහින්දගේ ආණ්ඩුව මිලේනියම් ප්‍රදානය ඉල්ලා වසර 10කට පසු ඇමෙරිකාව එය ලංකාවට දෙන්න තීරණය කළේ මෛත්‍රි – රනිල් ආණ්ඩුව ගැන විශ්වාසයෙන්ය. මහින්දවාදීන් මෙයට කෝප විය. මෛත්‍රි – රනිල් ආණ්ඩුව එම ප්‍රදානයේ මුදල්වලින් රට සංවර්ධනය කළහොත් තමන්ට යළි බලයට එන්න නොලැබෙනු ඇතැයි ඔවුන් බිය විය. ඔවුන් මිලේනියම් ගිවිසුමට එරෙහිව රට උසීගැන්වූයේ ඒ බලාපොරොත්තුවෙන්ය. ගෝඨාභයට ඡන්දය දුන්නු ඡන්ද ලක්‍ෂ 69 හිතාගෙන හිටියේ ඇමෙරිකාවට මිලේනියම් ගිවිසුම අස්සන් කරන්නේ නැතුව නින්ද යන්නේ නැහැ කියාය. එය අහිමි වීමේ පාඩුව ඇමෙරිකාවට නොව ලංකාවට බව ඔවුන් තේරුම් ගත්තේ නැත. දැන් ලංකාවට අහිමි වුණු මිලේනියම් ආධාර ප්‍රදානය ගන්න ලොව අනෙක් රටවල් පොරකමින් සිටී.

බන්දු සමරසිංහගේ විකට භාෂාවෙන් කියනවා නම් ‘ලංකාවට මාර වැඬේ වුණේ’ කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නැත. විමල්, උදය, දිනේෂ්, වාසු දකින විට නම් මතක් වන්නේ ‘ඒකා සාක්කුවේ’ නාට්‍ය පෝස්ටරයය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සෙනසුරු ඒරාෂ්ටකයේ ඇත්ත කතාව

Next Post

අවදානමක් අරගෙන හිරු එකේ 31 පාටියට ගියා

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.