සිය දරුවා රෝහල්ගත කිරීමේ සිට මළ සිරුර බැහැර කිරීම දක්වා සියලු වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් මියගිය දින 20 ක් වයසැති ළදරුවාගේ දෙමව්පියන් විසින් අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
පෙත්සම්කරුවන් (දෙමව්පියන්) මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆාහිම් සහ ෆාතිනා ෂෆ්නාස් ගොනු කළ මෙම පෙත්සමෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, රිජ්වේ ආර්යාව රෝහලේ අධ්‍යක්ෂ, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, අමාත්‍යාංශ ලේකම් ඇතුළු තවත් කිහිප දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
තම අලුත උපන් දරුවා සඳහා කොවිඩ් -19 වෛරසය වැළදී ඇති බව පැහැදිලි කිරීම සඳහා කිසිදු ලේඛනමය සාක්ෂියක් තමන්ට ලබා දී නොමැති බව පෙත්සම්කරුවන් දෙදෙනා පවසා සිටියි .










