මීරිගම ප්‍රාදේශීය සභාවේ 2021 වසර සදහා ඉදිරිපත් කෙරුණු අයවැය ලේඛනය ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරියකගේ ජන්දයද ඇතුලුව වැඩි ජන්ද 21කින් සම්මත වී තිබේ.
පොදුජන පෙරමුණේ සභාපති නන්දසිරි රණතුංග මහතා ඉදිරිපත් කළ අයවැයට පක්ෂව ජන්ද 31ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ජන්ද 10ක් පමණි.
මෙහිදී දක්නට ලැබුණු විශේෂත්වය වන්නේ ජවිපෙ මන්ත්‍රීවරිය වන වාසනා දර්ශනී ප්‍රනාන්දුද ඊට සහාය පළ කොට තිබීමය.










