• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා ගමට බහිද්දී බැසිල් අයවැය අරන් බදුල්ලේ ගිහින් (PHOTOS)

December 18, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
ගෝඨා ගමට බහිද්දී බැසිල් අයවැය අරන් බදුල්ලේ ගිහින් (PHOTOS)
Share on WhatsAppShare on Facebook

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුබෑමට ලක්ව තිබෙන මෙරට ආර්ථිකය නගාසිටුවීම සඳහා 2021 අයවැය යෝජනාවලියෙන් ප්‍රමුඛතාවය ලබා දී ඇතැයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහාවන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

රටේ දිශානතිය තීරණය කෙරෙන මෙවර අයවැයෙන් මෙරට ගෘහ ආර්ථිකය දියුණු කිරීම සඳහා මසකට රුපියල් කෝටි 100 බැගින් වෙන් කර ඇතැයිද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ඒ මහතා මෙසේ පැවසුවේ අද (18) බදුල්ල ඌව විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරයේ පැවැති “ගම සමඟ පිළිසදරක් තුළින් වැඩ සමඟ යළි ගමට” ජාතික වැඩ සටහනේ ඌව පළාත් සාකච්ඡාවට එක්වෙමිණි.

ගෘහ ආර්ථිකය දියුණු කල හැකි ව්‍යාපෘති සඳහා මෙම මුදල් වෙන් කර ඇති අතර එක ගමකට එවැනි එක් ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීම සියලු දෙනාගේ වගකීමක් බවද ඒ මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

ග්‍රාමීය අවශ්‍යතා සදහා මෙවර අයවැයෙන් ප්‍රමුඛතාවය ලබා දී තිබෙනවා. රජය බාර ගන්න විට ආර්ථිකය තිබුණු තත්ත්වය වගේම, කොවිඩ් වසංගත තත්වය නිසා මුහුණ දෙන්න සිදු වූ මූල්‍ය අර්බුදය පිළිබඳවත් ඔබ දන්නවා. අද සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා. විදෙස් ශ්‍රමිකයින්ගෙන් පමණයි විදේශ මුදල් ලැබුණේ. නොවැම්බර් මාසය වෙනකොට එහි 34% ක වැඩිවීමක් සිදුවුණා. ඉදිරියේදී නව වෙළෙඳ පොළ අවස්ථා හඳුනා ගැනීමට වගේම පුහුණු ශ්‍රමිකයින්ට එම අවස්ථා ලබාදීම මගින් විදේශ විනිමය වැඩි කර ගැනීමට අපි පියවර ගන්නවා. විදේශ ආධාර සහ ණය ලබාදෙන බොහෝමයක් රටවල් අද වන විට කොවිඩ් වසංගතයට ගොදුරු වී තිබෙන නිසා විදේශ ආධාර ලැබෙන්නේ නැහැ . ඒ වගේම රජයේ ණය ලබා ගැනීම සීමා කරලා තියෙනවා.
මෙරටට පැමිණෙන විදෙස් ආයෝජකයින්ට දින 14ක නිරෝධායන කාලයකට යටත් වෙන්න සිදුවෙනවා. එවැනි තත්ත්වයක් යටතේ වුවත් පහුගිය මාසයේ දී අපේ රටේ නව කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න හැකි වුණා. සැප්තැම්බර් මාසයේදී ඩොලර් බිලියනකට වැඩි අපනයන ආදායමක් අපට ලබා ගැනීමට හැකිවුණා.මේ නිසා අපේ රටට ඉන්ධන ආනයනය කිරීම හා ඖෂධ ආනයනය කිරීමට බාධා වුනේ නැහැ. මෙවැනි තත්වයක් යටතේ 2021 අයවැය යෝජනාව ඉදිරිපත් වුණේ.
අයවැයෙන් ග්‍රාමීය සංවර්ධන ප්‍රමුඛතා හඳුනාගෙන තිබෙනවා. සෑම ග්‍රාම සේවා වසමකටම පෙර පාසලක් මාතෘ සායනයක් ලබා දෙනවා. නව ලොවට ගැලපෙන ලෙස අධ්‍යාපනය වෙනස් කරමින් ගමේ පාසල් වල යටිතල පහසුකම් වර්ධනය වෙනුවෙන් මුදල් වෙන් කර තිබෙනවා. පාසල්වල ජලය සනිපාරක්ෂක කටයුතු ආදිය සම්පූර්ණ කරනවා. ඩිජිටල් ශ්‍රී ලංකාවක් බවට රට පත්කරන්න ජනාධිපතිතුමා වෙහෙසෙනවා. ඉදිරි මාස 12 තුළ ලංකාවේ සියලුම නිවෙස් වලට අවශ්‍ය සන්නිවේදන මාර්ග පද්ධතිය සකස්කිරීමට මේ වන විටත් පියවර ගෙන තිබෙනවා.
පසුගිය මහින්ද රාජපක්ෂ පාලන කාලයේ මෙන්ම මෙවරද මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ වගේම සියලු දෙනාට බීමට ජලය සපයන්න පියවර අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ක්‍රීඩාව දියුණු කිරීම සඳහා, ග්‍රාමීය ක්‍රීඩකයින්ට ඉදිරියට ඒමේ අවස්ථාව සැලසීම සඳහා රුපියල් මිලියන 8400 ක් වෙන් කර තිබෙනවා. පරිසරය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් වැව් ප්‍රතිසංස්කරණය කෙරෙනවා. නාගරික පරිසරය තුළ එක් නාගරික වනෝද්‍යානයක් හෝ ඇති කරන්න කරන්නට පියවර ගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 10,000 ක් වෙන් කර තිබෙනවා.
ගමේ යෝජනා අනුව අලුත් යෝජනා ඉදිරිපත් කිරීමට ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටුවට අවස්ථාව ලැබෙනවා. ග්‍රාම සේවා වසම් 14 021 තුලම ගමේ යෝජනා ලබා ගැනීම සඳහා රැස්වීම් පැවැත්වෙනවා. ග්‍රාමීය යෝජනා සැකසීමේදී වැඩි පිරිසකට ප්‍රතිලාභ ලැබෙන යෝජන සදහා ප්‍රමුඛතාවය ලබා දෙන්නැයි ඉල්ලා සිටිනවා. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට, දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටුවට, අදාල හඳුනාගත් අමාත්‍යාංශයට හා ජනාධිපති කාර්ය කාර්ය සාධන බලකායට මෙම යෝජනා යොමු කල යුතුයි. ගමේ සංවර්ධනය වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දෙන ආකාරයේ වැඩසටහන් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් සම්බන්ධ කර ගනිමින් හෝ සකස් කරන්න. වෙනස්ව සිතන්න බියවෙන්න එපා.
මේ අයවැය රට යන දිශාව තීරණය කරන අය වැයක්.ඔබ අප සියළු දෙනා එක්ව නිවැරදි තීරණ ගැනීම හරහා රට සෞභාග්‍යමත් රටක් කිරීමේ හැකියාව තිබෙනවා. රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට කිසි විටෙකත් පසුබට වෙන්නේ නැහැ.සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කරන්න කරන්න අපි කරන්න අපි උත්සාහ කරනවා. සෞඛ්‍ය උපදෙස් අනුව සංචාරක ව්‍යාපාරය ඉදිරියට ගෙන යනවා.ඒ අනුව පළමු කණ්ඩායම එළැඹෙන 26 වෙනිදා මෙරටට එනවා.
අපේක්ෂා කළ තරම් වර්ෂාවක් මේ වසරේ ලැබී නැහැ. මේ නිසා වගාවලට හානි සිදුව තිබෙනවා.සේනා දළඹු උවදුරත් බලපෑවා. නියඟය තව තවත් දැඩි වූවොත් ගොවීන්ට සහන ලබා දෙන්න අවශ්‍යයි.
කසළ කළමනාකරණය වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නත් අපේ රජය සූදානම්. කසල මගින් විදුලිය නිපදවීමට ව්‍යාපෘතියක් වත්තල ක්‍රියාත්මක කර තිබෙනවා. එම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් රට පුරා එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා .
දේශීය නිෂ්පාදන සඳහා වෙළෙඳ පොල අවස්ථා උදා කරන අතරේ උසස් පුමිතියකින් යුත් දේශීය නිෂ්පාදන සඳහා අපේ නිෂ්පාදකයින් දිරි ගන්වනවා.
මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, විජිත බේරුගොඩ, තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර, ඩිලාන් පෙරේරා ඇතුළු බදුල්ල මොණරාගල දිස්ත්‍රික්ක නියෝජනය කරමින් දේශපාලන නියෝජිතයින් සහ සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්වූහ.

SendShareShare
Previous Post

ධම්මික කපුවාගේ කාලි පැණි නාඩගමට මහ සඟරුවනේ විරෝධය (VIDEO)

Next Post

නුවරඑළියට රේසින් ට්‍රැක් එකක්: කේබල් කාර් ව්‍යාපෘතියක්: ක්‍රීඩාංගණ 3ක්

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.