• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්-චම්පික-විමුක්ති: පොඩි මිනිසුන්ගේ කැරැල්ල (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

December 19, 2020
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 3 mins read
A A
සජිත්-චම්පික-විමුක්ති: පොඩි මිනිසුන්ගේ කැරැල්ල (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

රෝහණ විජේවීර අත්අඩංගුවට පත්වුණු වෙලාවේ ඔහු ඉල්ලීමක් කළේය. එනම් ඔහුව ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ළඟට අරගෙන යන්න කියාය. තමන්ට වෙනත් අයත් සමඟ කතා හෝ ගනුදෙනු නැතැයි ඔහු කී විට ඔහුව අත්අඩංගුවට ගත් ආරක්‍ෂක ප්‍රධානීන්ට තරහ ගියහ. එවකට රාජ්‍ය ආරක්‍ෂක ඇමැති රන්ජන් විජේරත්න විජේවීර හමුවූ විටදීද ඔහු රන්ජන්ට කිව්වේ තමාව ජනාධිපතිවරයා ළඟට රැගෙන යන ලෙසය. රන්ජන් කෝපයට පත් වී විජේවීරට පහර දුන් බවටද කතාවක් තිබුණි.

‘ඇයි විජේවීරව ප්‍රේමදාස ළඟට අරගෙන නොගියේ…’

ඒක අමුතු කතාවකි. ප්‍රේමදාස ජනාධිපති වූ පසු තමා විජේවීර ඉන්නා තැනකට පැමිණ සාකච්ඡා කරන්න සූදානම් යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. විජේවීර හැංගිලා ඉන්නේ කැලයේ නම් ඇස් බැඳගෙන වුවද විජේවීර හමුවීමට ආරක්‍ෂක නිලධාරීන් නැතිව තනියම එන්නම් යැයි ප්‍රේමදාස කීවේය. කීවා පමණක් නොව ඔහු විජේවීර සමඟ සාකච්ඡා කිරීමට මාර්ගයක් හෙව්වේය. ඒ මාර්ගය ඔහු හදාගත්තේ ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සංවිධානයක් වූ අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලය සමඟ සමීප සබඳතා පැවැත්වූ රුක්මන් සේනානායක හරහාය. ජනතා විමුක්ති පෙරමුණ ආයුධ අතහරිනවා නම් ජනතා විමුක්ති පෙරමුණු නායකයන් තිදෙනකුට යූ.ඇන්.පී. ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව දීමටත්, ප්‍රධාන ඇමැති ධුර තුනක් දීමටත් ප්‍රේමදාස එකඟ විය. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන්නේ තමන්ගේ පන්තිය බවත්, ඔවුන් දක්‍ෂ තරුණයන් බවත්, ඔවුන්ගෙන් වැඩ ගතයුතු බවත් ප්‍රේමදාස තම ඇමැතිවරුන්ට පවා කියා තිබුණි.

ප්‍රේමදාසගේ මේ ජනතා විමුක්ති පෙරමුණු දීගය ගැන කිපී හිටිය දෙදෙනෙක් සිටියහ. එක් අයෙක් රාජ්‍ය ආරක්‍ෂක ඇමැති, යූ.ඇන්.පී. මහ ලේකම් රංජන් විජේරත්නය. අනෙකා එවකට සභානායක රනිල් වික්‍රමසිංහය. ඔවුන් හිතුවේ ප්‍රේමදාස විකාර දොඩවනවා කියාය. ප්‍රේමදාසගේ ආණ්ඩුවේ යූ.ඇන්.පී. ප්‍රභූ පන්තිය නියෝජනය කළේ රන්ජන් සහ රනිල්ය. ඔවුහු ජේ. ආර්.ගේ ගෝලයෝ වූහ. 1988 ජනාධිපතිවරණයේදී යූ.ඇන්.පී.ය දිනවන්න නම් ප්‍රේමදාසව අපේක්‍ෂක කළ යුතු යැයි කීවේ ඔවුන්ය. තමා මේ රටේ ජනාධිපති වුණේ ජනතා විමුක්ති පෙරමුණ භීෂණය නිසා යැයි ප්‍රේමදාස අවබෝධ කරගෙන සිටියත් රන්ජන් සහ රනිල් හිතුවේ ජනතා විමුක්ති පෙරමුණ යූ.ඇන්.පී.යේ විනාශය පතන යූ.ඇන්.පී. යේ පරම හතුරා යැයි කියාය.

ප්‍රේමදාසගේ ජනතා විමුක්ති පෙරමුණ ලව් එක ගැන කෝප වී රන්ජන් සහ රනිල් වෙනම හමුවිය. මේ වෙනකොට ප්‍රේමදාස ජනතා විමුක්ති පෙරමුණේ භීෂණයට දේශපාලන විසඳුමක් දෙන්න එවකට විපක්‍ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු පක්‍ෂ සමඟ සර්ව පාක්‍ෂික සාකච්ඡාවක් පවත්වමින් සිටියේය. එයට විපක්‍ෂ නායිකා බණ්ඩාරනායක මැතිනියද සහභාගි විය. වරක් එක් සාකච්ඡා වටයක් නිම වී ප්‍රේමදාස සහ මැතිනිය මුහුණට මුහුණලා තනි සාකච්ඡාවක් පැවැත්වීය. ප්‍රේමදාස සහ මැතිනිය නයි වෛරක්කාරයන් වුණත් ප්‍රේමදාස හමුවී එළියට ආ මැතිනිය කීවේ ඔහු ජේ. ආර්.ට වඩා අවංක, ගනුදෙනු කරන්න ලෙහෙසි නායකයෙක් බවත්, තමන්ට ඔහු ගැන තිබුණේ වැරැදි ප්‍රතිරූපයක් බවත්ය. මැතිනිය හමුවීමෙන් පසු ප්‍රේමදාසද මැතිනිය ගැන පැහැදුණි. දිනක් ප්‍රේමදාස රන්ජන්ට එන්න කියා පැවැසුවේ ජනතා විමුක්ති පෙරමුණ අර්බුදය විසඳන්න මැතිනිය අගමැති කොට ජනතා විමුක්ති පෙරමුණද හවුල් කරගෙන භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම ගැන තමා ගැඹුරින් හිතන බවය. ප්‍රේමදාසගේ ඒ කතාවෙන් රන්ජන්ගේ ඔළුව අවුල් විය. ඔහු දිව ගොස් රනිල් හමු විය. ප්‍රේමදාසට හොඳටම පිස්සු හැදීගෙන එනවා යැයි ඔහු රනිල්ට කීවේය. ප්‍රේමදාසගේ මේ උත්සාහය කඩාකප්පල් කළ යුතු බවට රන්ජන් සහ රනිල් අතර එකඟතාවක් විය. ප්‍රේමදාස – රුක්මන් හරහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජිතයන් සමඟ සාකච්ඡා කරද්දී ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කළ යුතු බවට දෙදෙනාම එකඟත්වයට පැමිණියහ. ඒ සඳහා පොලිසියට සහ හමුදාවට නියෝග දෙන්න හොඳම මිනිහා අගමැති ඩී. බී. විජේතුංග බව දෙදෙනාම තීරණය කළහ. මොවුන් දෙදෙනා ඩී. බී. විජේතුංග හමුවෙන්න ගොස් සර්ව පාක්‍ෂික සමුළුව සාර්ථක වුවහොත් ඔහුගේ අගමැති ධුරයට තට්ටු වෙන බව පෙන්වා දුන්හ. ඩී. බී. ඔවුන් සමඟ එකට වැඩ කරන්න එකඟ විය. රුක්මන් සමඟ සාකච්ඡා කොට ගෙදර යන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල නියෝජිතයන් එකා දෙන්නා අතුරුදන් විය. රුක්මන් මෙය ප්‍රේමදාසට කී විට ඔහුගේ ඇස් උඩ ගියේය. විජේවීර ප්‍රේමදාසව හමුවෙන්න අවස්ථාව ඉල්ලුවේ නිකම් නෙවේ. ප්‍රේමදාස රුක්මන් හරහා එවූ පණිවුඩ ඔහු දැන සිටි නිසාය. රන්ජන් විජේවීර ඝාතනය වූ බව ප්‍රේමදාසට දැන්වූයේ විජේවීර ඝාතනය වූ බව සැක හැර දැනගෙනය. විජේවීර අත්අඩංගුවට පත්වූ බව තමන්ට දැන්නුවේ නැත්තේ ඇයි දැයි කියාත්, විජේවීරව තමා හමුවට නොගෙනාවේ ඇයි දැයි කියාත් අසමින් ප්‍රේමදාස රන්ජන්ට කෑගැසුවේය. ප්‍රේමදාස රන්ජන් කෙරෙහි තිබූ විශ්වාසය නැති කර ගත්තේ එදාය. විජේවීර ඝාතනය වීම ගැන ප්‍රේමදාස සිතින් සතුටු වෙන්න ඇත. එහෙත් එය තමාට වසන් කිරීම ගැන ප්‍රේමදාස කෝප වෙන්න ඇත. විජේවීර ඝාතනය වූ විගස ඔහුගේ දරුවන් සහ බිරිය ආරක්‍ෂා සහිතව හමුදා භාරයේ තබන්න යැයි නියෝග කළේ ප්‍රේමදාසය.
චම්පික රණවක යනු මේ ජනතා විමුක්ති පෙරමුණ භීෂණ කාලයේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ව්‍යාපාර මෙහෙයවූ ශිෂ්‍යයෙකි. ජනතා විමුක්ති පෙරමුණ ගුරුකොටගත් ජාතික චින්තනය නිර්මාණයේදී මහාචාර්ය නලින් ද සිල්වා සමඟ කරටකර වැඩ කළේ චම්පිකය. ප්‍රේමදාසගේ ආණ්ඩු කාලයේ චම්පිකද අත්අඩංගුවට පත්වී වධබන්ධනවලට ලක්විය. හැබැයි විජේවීර ඝාතනය වී ජනතා විමුක්ති පෙරමුණ අතුරුදන් වූ පසු ජනතා විමුක්ති පෙරමුණ චින්තනය විශ්වවිද්‍යාල හරහා දියත් කළේ චම්පික රණවක සහ කරුණාරත්න පරණවිතානලාය. 1994 දකුණු පළාත් සභා ඡන්දයේදී යූ.ඇන්.පී.යේ ගමනක අවසානය ආරම්භ කළ චන්ද්‍රිකා රැල්ල නිර්මාණය කළ ‘ජනතා මිතුරෝ’ චම්පිකගේ නිර්මාණයකි. පළාත් සභා ඡන්දයට පසු එවකට අගමැති රනිල් පාර්ලිමේන්තුවේදී කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ පොදු පෙරමුණ දින්නේ ජනතා මිතුරෝ නිසා කියාය. ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න අවමඟුල අවස්ථාවේ කොළඹ කනත්ත යුද පිටියක් කළේත් ජනතා මිතුරෝය.

ඇත්තටම චම්පිකලා, කරුණාරත්න පරණවිතානලා නියෝජනය කරන්නේ නන්දා මාලිනී ජනතා විමුක්ති පෙරමුණ භීෂණය සමයේ රට අවදි කරන්න කී සින්දුවක එන පදයක් වන ‘ජන දරුවන්’ය. ඇය කියන්නේ ‘රජ දරුවන්’ විනාශ කළ රට හදන්න ‘ජන දරුවන්’ ඉදිරියට ආ යුතුයි කියාය.

රණසිංහ ප්‍රේමදාස වගේම රෝහණ විජේවීරත් රජ දරුවන්ට එරෙහිව කැරැලි ගහපු ජන දරුවන්ය. ප්‍රේමදාස යූ.ඇන්.පී.ය නම් වූ ප්‍රභූ වලව්වේ සාලයට වද්දානොගත් ජනදරුවෙකි. විජේවීර මෙරට ඉංග්‍රීසි කතා කරන ඔක්ස්ෆර්ඞ්, ක්‍රේම්බිජ් අධ්‍යාපනය ලද වාමාංශික ප්‍රභූ නායකයන් වූ ඇන්. ඇම්., කොල්වින්ලාගේ අහලකටවත් වද්දා නොගත් ජන දරුවෙකි. මේ දෙදෙනාට 1988 එකට එකතු වෙන්න අවස්ථාව තිබුණි. ඒත් ප්‍රභූ පන්තිය ඔවුන් දෙදෙනා එකිනෙකා කොටවා විනාශ කළහ.

1988 එදා යූ.ඇන්.පී. ප්‍රභූ පන්තිය තමන්ට දිනන්න බැරි ඡන්දයක් දිනන්න තමන් කළ පව් කරේ යවන්න ප්‍රේමදාසව පාවිච්චි කළේය. 1988 ප්‍රේමදාස පරාජය වූවා නම් ප්‍රේමදාසව යූ.ඇන්.පී.යෙන් පන්නන්නේ යූ.ඇන්.පී.යේ ඒ ප්‍රභූ පන්තියමය. එදා ඒ යූ.ඇන්.පී. ප්‍රභූ පන්තියම 2019 ජනාධිපතිවරණය දිනන්න සජිත්ව පාවිච්චි කළේය.
මහබැංකුවේ, පාස්කු ප්‍රහාරයේ පව් ඔහු කරපිට පැටෙව්වේය. යූ.ඇන්.පී. ප්‍රභූ පන්තිය බැලුවේ පරාජයෙන් පසු සජිත්ව විනාශ කරන්නටය. ඒත් යූ.ඇන්.පී.කාරයන් සජිත්ව ආරක්‍ෂා කොට යූ.ඇන්.පීය අරක්ගත් ප්‍රභූ පන්තිය විනාශ කළේය.

අද එහෙව් සජිත් සමඟ විජේවීරගේ ජන දරුවන් නියෝජනය කරන චම්පික එක්වී ඇත. ඔහු අලුත් ගමනක් යන්න පසුගියදා හෙළ උරුම හැව ඇරියේය. මේ දෙන්නා අතරට එක් විය යුතු තව චරිතයක් තිබේ. ඒ ප්‍රේමදාස, විජේවීර වගේම ජන දරුවෙක් වූ විජය කුමාරණතුංගගේ පුත් විමුක්ති කුමාරණතුංගය. ප්‍රේමදාසට යූ.ඇන්.පී. ප්‍රභූ පන්තිය සැලකුවේ කෙසේද, විජේවීරට වාමාංශික ප්‍රභූ පන්තිය සැලකුවේ කෙසේද ඒ ලෙසම විජයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වලව් පන්තිය නොසැලකීය. විජය දේශපාලන ගමනක් යන්න ඒ වලව් පන්තියෙන් විවාහයක් කරගත්තත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඔහුගේ රූපය පාවිච්චි කළා මිස ඔහුව වලව්වේ සාලයට වැද්දගත්තේ නැත. විජය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හැර ගියාට පසු සමීප සබඳතා පැවැත්වූයේ ප්‍රේමදාස සමඟය. ඒ ප්‍රේමදාසගේ මිතුරකු වූ ගාමිණී ෆොන්සේකා හරහාය. වරක් අනුර බණ්ඩාරනායක පාර්ලිමේන්තුවේදී කීවේ මගේ නළු මස්සිනා නොහොත් විජය අද දුවන්නේ ප්‍රේමදාස මහරජාට කියල අරන් දුන්න වාහනයක ඒ තෙල්වලින් කියාය. ඇත්තටම ප්‍රේමදාස 1988 ජනාධිපතිවරණයට එද්දී විජයද එක්සත් සමාජවාදී පෙරමුණෙන් ජනාධිපතිවරණයට තරග කරන්න තීරණය කොට තිබුණි. විජයගේ ඒ තීන්දුවට ප්‍රේමදාස සතුටු වූයේ විජය කඩන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂිකා මැතිනියගේ ඡන්ද නිසාය. විජය මියගියාට පසු ප්‍රේමදාස ඔසී සහ මහජන පක්‍ෂයත්, විජයගේ මවත් රැකබලා ගත්තේ විජය සමඟ තිබූ සමීප සම්බන්ධය නිසාය.

විජේවීර අතින් විජය ඝාතනය විය. ප්‍රේමදාසගේ අතින් විජේවීර ඝාතනය විය. උතුරේ ප්‍රභූ දමිළ බ්‍රාහ්මණ කුල දේශපාලනයට අභියෝග කළ තවත් ජන දරුවෙක් වූ ප්‍රභාකරන් අතින් ප්‍රේමදාස ඝාතනය විය. 1988 දී ප්‍රේමදාස, විජේවීර, විජය එකට එකතු වූවා නම් පොඩි මිනිහාගේ දසාව රටට ලබන්නේ එදාය.

රාජපක්‍ෂලා කියන්නේ ප්‍රේමදාසට එරෙහිව පාද යාත්‍රා ගිහින් පොල් ගහපු පවුලකි. විජය කුමාරණතුංගව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් නෙරපන්න බණ්ඩාරනායක පවුලේ ඔටුන්න හිමි කුමරු අනුර බණ්ඩාරනායක එක්ක කුමන්ත්‍රණය කළ පවුලකි. ජනතා විමුක්ති පෙරමුණ ජනදරුවන්ගේ උපන් බිම වූ හම්බන්තොටින් ජනතා විමුක්ති පෙරමුණ ශුද්ධ කරන්න රන්ජන් විජේරත්නට උදව් කළ පවුලකි. ඒ රජ පවුලට එරෙහිව ජන පවුල හදන්න රජ දරුවන්ට එරෙහිව ජන දරුවන් හදන්න සජිත් සහ චම්පික එකට එක් වී තිබේ. ඒ ජන දරු හවුලට අද පොදුජන පෙරමුණත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් දොර වහල තියෙන විජයගේ පුත් විමුක්තිත් එකතු වුණොත් 1988 පරාජය වූ පොඩි මිනිහාගේ නැතහොත් ජන දරුවන්ගේ කැරැල්ල දිනන්න තියෙන ඉඩ බොහෝ වැඩිය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කොරෝනාවට කල් දැමූ පොහොට්ටුවේ සංවත්සරය අද-හෙට ආසන 32කදී

Next Post

අසමසම බලයක් ඇති විස්මිත නිමැවුම

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.