• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනාවට කල් දැමූ පොහොට්ටුවේ සංවත්සරය අද-හෙට ආසන 32කදී

December 19, 2020
in Exclusive
Reading Time: 5 mins read
A A
කොරෝනාවට කල් දැමූ පොහොට්ටුවේ සංවත්සරය අද-හෙට ආසන 32කදී
Share on WhatsAppShare on Facebook

සිව් දෙස සුරැකි සිව් වසර යන තේමාව මුල් කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිව් වැනි සංවත්සරයට සමගාමීව ප්‍රධාන ආසන සම්මේලන මාලාව අද (19දා) සහ හෙට (20 දා) පැවැත්වීමට නියමිතය.

සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් තෝරා ගත් ආසන 32ක දී මෙම සම්මේලන පැවැත්වීමට නියමිතයි.

රට තුළ පැවති වසංගත තත්ත්වය  හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හතර වැනි සංවත්සරය නියමිත දින නොපැවැත්වීමට  පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා තීරණය කළේය.

ඒ අනුව පක්ෂයේ අනුබද්ධ සංවිධානවල සම්මේලන ඇතුළු ආසන සම්මේලන පැවැත්වීමද කල් දැමීය.

පවතින තත්වය හමුවේ රට තුළ  සියලු අංශයන් හි ක්‍රියාකාරීත්වය ක්‍රමානුකූලව සාමාන්‍ය අතට පත් කිරීම සෞඛ්‍ය උපදෙස් පදනම් කරගනිමින් මේ වනවිට සිදුවෙමින් පවතියි. ඒ අනුවසෞඛ්‍යය නීති රීති දැඩිව අනුගමනය කරමින් ප්‍රාදේශීය සෞඛ්‍ය ප්‍රධානීන්ගේ උපදෙස් සහ අධීක්ෂණයට යටත්ව පක්ෂ සංවිධාන කටයුතු ඉදිරියට ගෙනයාම ආරම්භ කර තිබේ.

පසුගිය සති අන්තයේදී තෝරා ගත් ආසන 61දී ශ්‍රී ලංකා පොදුජන කාන්තා සම්මේලන ද සාර්ථකව පැවැත්වූ අතර එහි  දෙවැනි පියවර වශයෙන් පක්ෂයේ ආසන සම්මේලන මාලාව ද  සාර්ථකව පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත.

මැතිවරණ ආසන කේන්ද්‍ර කරගනිමින් සම්මේලන මාලාව පැවැත්වෙන අතර ඒ සඳහා  පක්ෂයේ අනුබද්ධ සංවිධාන , ක්‍රියාකාරීන් එක්ව මෙම කටයුතු සංවිධානය කරඇත.

දෙසැම්බර් මස 19 දා උදේ 10.00 කළුතර දිස්ත්‍රික්කයේ  හොරණ ආසන සම්මේලනය “අරන් ධාරා ”හෝටලයේදීත්, බණ්ඩාරගම ආසන සම්මේලනය හවස 3.00ට බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේදිත්, කළුතර ආසන සම්මේලනය  හවස 3.00ට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ කාර්යාලයේදීත් පැවැත්වේ.

මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය ආසන සම්මේලනයද එදින උදේ 10.00ට නාවලපිටිය ප්‍රධාන කාර්යාලය කාර්යාලීය රැස්වීම් ශාලාවේදීත්, යටිනුවර ආසන සම්මේලනය හවස 2.00ට ඌරාපොල අභයරාජ පිරිවෙනේ දීත් පැවැත්වේ.

මාතලේ දිස්ත්‍රික්කයේ  දඹුල්ල ආසන සම්මේලනය එදින උදේ 10.00 ට  අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නිවසේ පිහිටි කාර්යාලයේදීත්, ලග්ගල ආසන සම්මේලනය හවස 3.00 ට ලග්ගල සංස්කෘතික මධ්‍යස්ථානයේ දීත් පැවැත්වීමට නියමිතයි.

මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ආසන සම්මේලනය 20 දා උදේ 9.00ට මාතලේ ගාන්දි අනුස්මරණ ශාලාවේදීත්, මාතලේ ආසන සම්මේලනය හවස 3.00ට  මාතලේ හෝටල් පාසලේදීත් පැවැත්වේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත ආසන සම්මේලනය  20 දා හවස 3.00ට හඟුරන්කෙත සංස්කෘතික මධ්‍යස්ථානයේ දී  පැවැත්වේ.

ගාල්ල දිස්ත්රික්කයේ අක්මීමන සම්මේලනය 19දා උදේ 10.00ට කුරුඳුවත්ත චීන මිත්‍රත්ව ශාලාවේදීත්, රත්ගම ආසන සම්මේලනය හවස 3.00ට රත්ගම ‘’ග්‍රේට් විලා’’ හෝටලයේ දී පැවැත්වේ. 20දා උදේ 10.00ට වඳුරඹ නගර ශාලාවේදී ශාලාවේ දී බද්දේගම ආසන සම්මේලනයත්, සවස 3.00ට පෙට්ටිගල පැලවත්ත පාරේ පිහිටි සම්පත් අතුකෝරල අතුකෝරල මහතාගේ නිවසේ දී හිනිදුම ආසන  සම්මේලනයත් පැවැත්වේ.

මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ආසන සම්මේලනය 19දා හවස 3.00ට දෙනියාය ෆුඩ්ස් සිටි භූමියේ දී ත්, දෙවිනුවර ආසන සම්මේලනය 20දා හෙට උදේ 10.00ට දික්වැල්ල ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේදීත්, හවස 3.00ට කඹුරුපිටියේ උපාලි විජේවර්ධන සම්මන්ත්‍රණ ශාලාවේදීත් කම්බුරුපිටිය ශාලාවේ දී කඹුරුපිටිය ආසන සම්මේලනය ත් පැවැත්වීමට නියමිතව ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ආසන සම්මේලනය 20 දා හවස 3.00ට තංගල්ල නගර ශාලාවේ දී පැවැත්වේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ  සේරුවිල ආසන සම්මේලනය  20 දා හවස 3 ට කන්තලේ නගර ශාලාවේ දී පැවැත්වේ .

කුරුණෑගල දිස්ත්‍රික්කයේ  යාපහුව ආසන සම්මේලනය 19 වැනි දා උදේ 10ට මහව නගර ශාලාවේදීත්, ගල්ගමුව ආසන සම්මේලනය හවස 3.00ට ගල්ගමුව සතිපොල භූමියේත් පැවැත්වේ .20දා  උදේ 10.00ට වාරියපොල ආසන සම්මේලනය  වාරියපොල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ දීත්, හවස 3.00ට ශෝබාලංකා හෝටලයේ දී හිරියාල ආසන සම්මේලනයත් පැවැත්වේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය ආසන සම්මේලනය 19 වෙනිදා උදේ 10.00ට  බකමූණ පොල අසලදී, පොලොන්නරුව ආසන සම්මේලනය  හවස 3.00ට පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී පැවැත්වේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය ආසන සම්මේලනය 19 වෙනිදා උදේ 10.00ට මහියංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදීත්, බණ්ඩාරවෙල ආසන සම්මේලනය හවස 3.00 ට බණ්ඩාරවෙල නගර ශාලාවේදී ත්,  හපුතලේ ආසන සම්මේලනය  20දා හවස 3.00ට දියතලාව සංස්කෘතික මධ්‍යස්ථානයේදීත් පැවැත්වේ.

මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ආසන සම්මේලනය 19දා උදේ 10.00ට තණමල්විල සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ත්, මොණරාගල ආසන සම්මේලනය 20 දා උදේ 10.00 ට මොනරාගල ප්‍රාදේශිය සභා ප්‍රජා ශාලාවේදීත් පැවැත්වෙයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ආසන සම්මේලනය 20දා උදේ 10.00ට කලවාන බස් නැවතුම්පොළ අසල රුවන් ශාලාවේදීත්, රක්වාන ආසන සම්මේලනය හවස 3.00ට  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ ගොඩකවෙල නිවසේදීත් පැවැත්වීමට නියමිතයි.

සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් අනෙකුත් සෞඛ්‍ය ක්‍රමවේද පිළිපදිමින් මෙම ආසන සම්මේලනය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබේ.

SendShareShare
Previous Post

නුවරඑළියට රේසින් ට්‍රැක් එකක්: කේබල් කාර් ව්‍යාපෘතියක්: ක්‍රීඩාංගණ 3ක්

Next Post

සජිත්-චම්පික-විමුක්ති: පොඩි මිනිසුන්ගේ කැරැල්ල (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.