ඇහැළියගොඩ තරාපිටිය ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියකට මුල්ගල තැබීමට පැමිණි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට අද (17) ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ එම ස්ථානයෙන් පිටව යාමට සිදුවිය.
විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වීම සඳහා වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණීමත් සමග ප්‍රදේශවාසීන්ගේ විරෝධය උත්සන්න වූ අතර ඔවුන් පැවසුවේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කළහොත් තමන්ට ජල ගැටලුවලට මුහුණදීමට සිදුවිය හැකි බවය.
එල්ල වූ විරෝධය හමුවේ ව්‍යාපෘතියට මුල්ගල තැබීමේ කටයුතු අත්හැර දැමූ අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගිය නමුත් ඔහුගේ ලේකම්වරයෙකුට ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධයක් එල්ල විය.










