ආණ්ඩුව ගජමිතුරන්ට සහන ලබා දීම සදහා රුපියල් 50කට තිබූ සීනි බද්ද ශත 25ට එක රැයකින් අඩු කළ බවත්, ඒ හරහා රුපියල් බිලියන 4ක මුදලක් සෞභාග්‍යයේ ගජමිතුරන්ට පමණක් ලැබුණ බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කළේය.
මේ හරහා ජනතාවට සත පහක හෝ වාසියක් නොලැබුණු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම මෙම බදු සහන හරහා භාණ්ඩ 4කින් පමණක් ආණ්ඩුවට සිදුවූ මුලු පාඩුව බිලියන 7 ඉක්මවා යන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










