කොරෝනා වැළදී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීම සදහා ලංකා රජය අවසර ලබා දිය යුතු බව ඉල්ලමින් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධාන කොට තිබේ.
අද (12) දින මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වීමට සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු වෙනත් රටවල්ද කොරෝනා සිරුරු භූමදානය කිරීම සදහා අවසර ලබා දී තිබියදී ලංකා රජය ඊට අවසර ලබා නොදීම මෙම උද්ඝෝෂණයට හේතු වී ඇත.










