• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල්-නාමල් අලුත් වැඩකට අත ගහයි

December 10, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
බැසිල්-නාමල් අලුත් වැඩකට අත ගහයි
Share on WhatsAppShare on Facebook

“වැඩ සමඟ යළි ගමට” වැඩසටහන හරහා ග්‍රාමීය ක්‍රීඩාපිටි ප්‍රතිසංස්කරණය හා තරුණ තරුණියන්ගේ ක්‍රීඩා අවශ්‍යතා සපුරාලීම තුළින් ලබන වසර තුළ ගම් මට්ටමින් ක්‍රීඩා ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කළ හැකි බව ආර්ථීක පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන්කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය

ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් ක්‍රීඩා හා තරුණ කටයුතු නිලධාරින් සමඟ අද (2020.12.10) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදි ඒ මහතා මේ බව සඳහන් කළේය.

තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කුසලතාවයන් වැඩිදියුණු කර ක්‍රීඩා ආර්ථිකයක් ඇති කිරීමට සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාව තුළින් බලාපොරොත්තු වන බවත් එමඟින් රටේ ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් ලබාගැනීමට අපේක්ෂා කරන බවත් බැසිල් රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් අදහස් කළේය.

මෙවර අයවැයෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු සඳහා මිලියන 8264ක මුදලක් වෙන් කර තිබෙන බවත් අයවැය ඉතිහාසය තුළ ක්‍රීඩා හා තරුණ කටයුතු අංශය සඳහා වැඩිම මුදලක් වෙන් කළ පළමු අවස්ථාව මෙය බවත් බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

කොවිඩ්19 වසංගත තත්ත්වය පැතිරීමත් සමඟ ආර්ථිකයේ විශෘල පසුබෑමකට ලක්ව සිටින අවස්ථාවක ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියක් පැවැත්වීම ආර්ථීකයට විශාල ශක්තියක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ග්‍රාමීය මට්ටමින් ක්‍රීඩා ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේදි ක්‍රීඩා හා තරුණ කටයුතු නිලධාරීන්ගේ පූර්ණ මැදිහත්වීම අවශ්‍ය වන බවත් ග්‍රාම සේවා වසම් මට්ටමින් ක්‍රීඩා පිටි සකස් කිරීමේදි ග්‍රාම සේවා වසමට ක්‍රීඩා සමාජයක් ආරම්භ කර එම ක්‍රීඩා සමාජයේ මූලිකත්වයෙන් ක්‍රීඩා පිටිය සඳහා සුදුසු භූමියක් තෝරා ගැනීම සිදු කරන ලෙසත් මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා ක්‍රීඩා හා තරුණ කටයුතු නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

පාසල් මට්ටමින් ක්‍රීඩා පිටි ප්‍රතිසංස්කරණය කිරීමේදි පළාත් අධ්‍යාපන කාර්යාලය හා අධ්‍යාපන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසත් ඒ මහතා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ ලබන වසර වන විට ග්‍රාමිය හා පාසල් මට්ටමින් ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ප්‍රවර්ධනයක් බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම ගම් මට්ටමින් ප්‍රතිසංස්කරණය කරනු ලබන ක්‍රිඩා පිටිවල ග්‍රාම සේවා වසම් මට්ටමින් මෙන්ම ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් ද ක්‍රීඩා තරඟාවලීන් පැවැත්වීමට කටයුතු කරන බවද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

ක්‍රීඩා කුසලතාවන්ගෙන් පිරි ගමේ තරුණ තරුණියන් ජාතික තලයෙන් ජාත්‍යන්තර තලයට ගෙන ඒම මෙම වැඩසටහනේ මූලික අරමුණ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය තේණුක විදානගමගේ මහතා, අමාත්‍යංශ ලේකම්වරු, ජාතික තරුණ සේවා සභාවේ නිලධාරින් සහ ක්‍රීඩා හා තරුණ කටයුතු නිලධාරින් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූහ.

SendShareShare
Previous Post

අයවැයට තුනෙන් දෙක ලැබුණත් දෙකක් අඩුවෙයි

Next Post

අයවැය අස්සේ මන්ත්‍රීවරු දෙන්නෙක් ‘ස්නූකර්’ ගහලා (PHOTOS)

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.