කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වීමට නියමිත භෝජන සංග්‍රහය අත්හිටුවීමට කටයුතු කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉල්ලා සිටියේය.
අද (10) පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් ඒ මහතා මෙසේද කීය.
“ඔබ තුමාගේ භෝජන සංග්‍රහය ගැන බොහෝම ස්තූතියි. මේ වෙලාවේ 225 කැඳවනවා. රටේ ජනතාවට කන්න නැති වෙලාවේ මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ යන වියදමත් කොවිඩ් ප්‍රශ්නයට දාන්න පුළුවන් නම් හොඳයි කියලා. මොකද අපිට මතකයි අපේ කරූ ජයසූරිය කථානායක තුමා පාස්කු ප්‍රහාරය දවසේ කථානායකතුමාගේ භෝජන සංග්‍රහයක් තිබුණේ නෑ. මම හිතනවා මේ වෙලාවේ ආණ්ඩුවටත් ඔබතුමාටත් හොඳයි මේ තීරණය. මේක සාම්ප්‍රදායිකව තියෙන එකක් මේක නැති කරන්න කියනවා නෙමෙයි. මේ මොහොතේ පුළුවන් නම් ආණ්ඩුවක් හැටියට කල්පනා කරන්න මේක ගැන හොඳයි.“
මෙයට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ පිළිබඳ කල්පනාකර බලන බව ද පැවසීය.










