කොරෝනා වෛරසය සදහා බ්‍රිතාන්‍ය විසින් ලබාදීම ආරම්භ කර ඇති ෆයිසර් එන්බයෝටෙක් එන්නත ලබා ගත් කිහිප දෙනෙකු ආසාත්මිකතා පෙන්නුම් කර තිබේ.
ඒ හේතුවෙන් එන්නතට ආසාත්මිකතා දක්වන පුද්ගලයන්ට එන්නත ලබා නොදිය යුතු බව නිෂ්පාදකයන් දැනුම් දී ඇත.
නව එන්නත ලබාගෙන ටික වෙලාවකින් සෞඛ්‍ය සේවකයන් දෙදෙනෙකු ආසාත්මික රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ප්‍රතිකාරවලට යොමු කර තිබේ.
කෙසේ නමුත් එරටය ඖෂධ නියාමන ඒජන්සිය සඳහන් කරන්නේ මෙම ආසාත්මිකතා මාරාන්තික ඒවා නොවන බවයි.










