කම්කරු අමාත්‍යංශයේ ඊයේ (08) පැවැති රැස්වීමකදී රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා හා අමාත්‍යංශ ලේකම්වරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වේ.
මෙහිදී සාකච්ජා වී ඇත්තේ අද (09) දිනට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සාකච්ජාවට ගැනීමට නියමිතව ඇති කරුණු කාරණා පිළිබදවය.
කෙසේවෙතත් මෙම සාකච්ජාව අතරතුරදී අමාත්‍යංශ ලේකම් ඇතුලු නිලධාරීන් සහ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව දැනගන්නට තිබේ.
‘උස්සලා පොළොවේ ගහනව….’, ‘ මගේ වැඩ ඔක්කොම බකල් කරනවා…’, ‘අමාත්‍යංශය ඇතුළෙ ඉදන් මට කෙළිනවා….’, ‘මම දන්නවා මේවට කාගෙන්ද නියෝග ගන්නෙ කියලා…’ යනාදී වශයෙන් උණුසුම් වචන හුවමාරුවක් එහිදී සිදුව ඇති බවද දැනගන්නට ඇත.










