කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් තිදෙනකු අද (6) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
කෝට්ටේ, කහතුඩුව සහ මග්ගොන යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 98, 80 සහ 71 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් තිදෙනෙක් අද දිනයේදී මිය ගිය අය අතර වෙති.
මෙම මරණ 3 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 140 ක් දක්වා ඉහළ ගිය බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
මේ අතර මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (06) පස්වරු 9.15 වනවිට එක්වූ ආසාදිතයන් 286 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 648 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, එම පොකුරුවල සමස්ත ආසාදිතයන් ගණන 24,322 දක්වා ඉහළ ගොස් ඇත.










