කොරෝනා වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් හෙට දින සිට දින 03ක් වසා දැමිමට මිට සුළු මොහොතකට පෙර තින්දු කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් රංජිත් යාපා පවසයි.
දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ සමග කළ සාකච්ඡාවකින් පසු මෙම තිරණය ගත් බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එම කොට්ඨාශයට අයත් පාසැල් 26ක් මෙසේ වසා තැබෙන බව දැනගන්නට ඇත.










