ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් ජන්දයක් අවශ්‍ය බවට මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා ඉල්ලීමක් කර ඇත.
මෙවර වැය ශීර්ෂයන් සම්බන්ධ විවාදයේදී අමාත්‍යංශයක් සම්බන්ධයෙන් ජන්ද විමසීමක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වේ.
ඒ අනුව ආණ්ඩු පක්ෂය සියලුම මැතිඇමැතිවරුන් පාර්ලිමේන්තුවට කැදවීමට පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.
අද සවස ඒ සම්බන්ධයෙන් ජන්ද විමසීම පැවැත්වීමට නියමිතය.










