මාතලේ නගරාධිපතිවරයා වන ඩල්ජිත් අලුවිහාරේ මහතා එම තනතුරින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
ඊට අදාළ ගැසට් නිවේදනයද මේ වනවිට නිකුත් කොට තිබේ.
නීතිවිරෝධී කටයුතු මුල් කරගෙන මෙම ඉවත් කිරීම සිදු කොට ඇති බවද දැනගන්නට ඇත.
මෙම නගර සභාවේ බලය හිමිව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටය.










