• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

JRගේ අවතාරය (අයවැය ගැන හිටපු මහබැංකු අධිපතිවරයකු කරන විග්‍රහය)

December 2, 2020
in News, Politics, Uncategorized
Reading Time: 10 mins read
A A
JRගේ අවතාරය (අයවැය ගැන හිටපු මහබැංකු අධිපතිවරයකු කරන විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

අගමැති සහ මුදල් ඇමති මහින්ද රාජපක්‍ෂ විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ඉදිරි වර්ෂයේ (2021) අය වැය බොහෝ දෙනකු විසින් හඳුන්වනු ලබන්නේ රටේ යහපත වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු “සමෘද්ධිමත්, සංවර්ධනාත්මක” නැතහොත් “වර්ධනගාමී” අය වැයක් බවටය. අවුරුදු එකසිය අසූ එකක් (181) තරම් පැරණි ඉතිහාසයක් ඇති ලංකා වාණිජ මණ්ඩලය පවා ඊට සුබ පතන්නේ මෙවර අය වැය ඊළඟ සංවර්ධන තලයට ඉලක්කගාමී එකක් ලෙසටය.

ලංකා වාණිජ මණ්ඩලය විශේෂයෙන්ම පැවසුවේ “ව්‍යාපාර හිතවාදී, නිෂ්පාදනය පාදක කරගත්, අඛණ්ඩ ප්‍රතිපත්ති අඛණ්ඩිත අය වැයක් බවය. මේ ප්‍රශස්ති ගායනාවේ අර්ථකථනය පසුගිය යහපාලන ආණ්ඩුව ගෙන ගිය ලිබරල්වාදී විවෘත එමෙන් ගෝලීය ආර්ථික ප්‍රතිපත්තියෙන් සම්පූර්ණයෙන්ම බැහැරවීමෙන් ඉදිරි වර්ෂයේ (2021) අයවැය ව්‍යාකූලභාවයෙන් තොරව ඉදිරිපත් කර ඇති එකක් ලෙසිනි. මෙමගින් අරමුණු ගත සාධනීයත්වය මේ ආණ්ඩුව බලයේ සිටිනතාක් කල් පවත්නා බවද ප්‍රකාශ කරයි. අය වැය යටින් මතුවන ජේ.ආර්. අවතාරය කවුරු මොනවා කීවද කිසියම් ප්‍රමාණයක ආර්ථික දැනුමක් ඇත්තෙකු ඉදිරි වර්ෂයේ (2021) අය වැය පිළිබඳව විෂ්ලේෂණය කර බලන විට මේ අය වැයත් එක් දහස් නමසිය තිස් නමයේ දී (1939) මුදල් ඇමති වූ ජේ.ආර්. ජයවර්ධන ලංකා ජාතික සභාවට ඉදිරිපත් කළ නිර්දේශයන්ට කිසිසේත්ම වැඩි වෙනසක් නොවේ.

පශ්චාත් ස්වාධීන යුගයේදී මුදල් ඇමතිවරයා ජේ.ආර්. ජයවර්ධන විසින් (ජේ.ආර්. වශයෙන් පොදුවේ හැඳින්වෙන) ඉදිරිපත් කරන ලද අය වැය වාර්ථා හයකින්ම (6) මේ රටේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු බවට ඉදිරිපත් කළේ මේ ප්‍රතිපත්තිම වේ.

සෑම කෙනකුටම යමක් ලැබෙන අය වැය

කෙසේ වෙතත් විවිධ තරාතිරමේ සෑම ප්‍රජා කණ්ඩායමක්ම එක හා සමාන අන්දමින් සන්තෘෂ්ඨියට පත් කෙරෙන අන්දමේ අය වැයක් සකස් කිරීමද එතරම් පහසු කර්යයක් නොවන බවද නොකියාම බැරිය.
මේ දුෂ්කරතාව හඳුනාගනු ලැබ ඇති රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් විසින් වෙබ් සංවාදයකදී සිය තෘප්තිමත් භාවයද දක්වමින් සඳහන් කරන මේ අය වැය සමතුලිතව දෝලනය වන්නාවූ අය වැයක් බව කියයි. “අගමැති සහ මුදල් ඇමති මහින්ද රාජපක්‍ෂ මහතා ගෙනා අය වැයේ සෑම කෙනකුටම යමක් තිබීම ගැන මම සතුටු වෙමි. එහෙත් ජේ.ආර්. (ජේ.ආර්. ජයවර්ධන) විසින් ඉදිරිපත් කරන ලද අය වැයවල දක්නට ලැබුණේද මේ ගුණාංගයන්මය.” ඔහු සඳහන් කර ඇත.

කේන්ස් KEYNES අනුගාමී ජේ.ආර්.

විසිවැනි සිය වසේ ඉතා දක්‍ෂ ආර්ථික විශේෂඥයකු වශයෙන් පිළිගැනීමට පාත්‍රවු ජේා්න් මේනාර්ඞ් කේන්ස් John Maynard Keynes) ජේ.ආර්.ගේ ආර්ථික දර්ශනයට කිසියම් බලපෑමක් කළ අයෙකි. කේන්ස් එක් දහස් නම සිය තිස් හයේදී (1936) සිය ආර්ථික සිද්ධාන්ත ඇතුළත් ග්‍රන්ථය General Theory of Employment, Intern Money) පළ කෙළේය. ග්‍රන්ථය නිකුත් වූ වහාම ජේ.ආර්. ඒ පොත හොඳින් පරිශීලනය කර කේන්ස් ගේ හොඳම ගජයෙක්ද (මිතුරෙක්) වුවේය.
සෑම නිෂ්පාදනයක් පමණක් නොව නිෂ්පාදනය කෙරෙන සෑම ප්‍රමාණයක්ම (සමස්ත නිෂ්පාදිතය) පාරිභෝගික ප්‍රජාව විසින් පරිභෝජනය නොකරනු ලබන බව කේන්ස්ගේ සිද්ධාන්තයකි. ඒ හේතුව නිසා සංවර්ධනය වන්නා වූ රටවල් තාවකාලික ආර්ථික පසුබෑමකට ලක්වන බව එමගින් ඔහු එළැඹි තීරණයය.
සමස්ත නිෂ්පාදනය අලෙවි නොවීමෙන් රටේ දුබලවන ආර්ථිකය සමග විරැකියාව දැඩිව අත්වැල් බැඳගන්නා බවද ඔහුට ප්‍රත්‍යක්‍ෂ විය. මේ තත්වය ජය ගැනීමට නම් අය වැය පරතරයක් (budget deficit ) ඇතිකර නිෂ්පාදනය වෙනුවෙන් දැඩි ඉල්ලුමක් ඇති කළ හැකි බව කේන්ස් අනුමාන කෙළේය. (පසු කලෙක කෙනීසියන්ගේ ආර්ථිකය හෙවත් කෙනීසියන් ආර්ථික සිද්ධාන්ත (Kynesian Economic) වශයෙන් මේ දර්ශනය හඳුන්වනු ලැබිණි.
ඒ අන්දමින් ඇති කෙරෙන නව ඉල්ලුම ඊට පෙර පැවති ඉල්ලුමට සාපේක්‍ෂව ඉහළ තලයකට (මට්ටමකට) පත්වන අතර භාණ්ඩ නිෂ්පාදනයට රජය යොදවන මුල්‍ය ප්‍රතිපාදනයට වැඩි ආදායමක් නිෂ්පාදනයෙන් ඉපැයිය හැකි බවද හෙතෙම උපකල්පනය කෙළේය.
ඔන්න ඔය කරුණු කාරණා මත පිහිටා රටක සංවර්ධනය වෙනුවෙන් කළ යුත්තේ විදේශ රටවලින් භාණ්ඩ ගැනීම අත්හිටවිය යුතු බව හඳුන්වා දෙමිණි. එසේ වූ විට ඉල්ලුම වැඩිවේ. ඉල්ලුම වැඩි වූ විට නිෂ්පාදනය වැඩිවේ. ඉල්ලුම වැඩි භාණ්ඩ ආනයනය නොකෙරෙන බැවින් විිදේශ විනිමය ඉතුරු වේ. සිද්ධාන්තය ඕක විය.
ඌණ සංවර්ධිත රටක් කඩිනමින් සංවර්ධනය කර ගැනීමට හැකි ලේසි පහසු ඒකායන මාර්ගය මේ යැයි එමගින් අනුදක්නා ලදී. සෑම මට්ටමකින්ම ආර්ථිකය රාජ්‍ය පාලනය යටතේ තිබිය යුතුය යන මේ සංකල්පයට වහ වැටුණු ජේ.ආර්. සිය අය වැය ඉදිරිපත් කළේ ඒ මත හිට ගෙනය.

ජේ.ආර්.ගේ 1939 ප්‍රතිපත්ති

බි්‍රතාන්‍යයෙන් අපේ රට (ශ්‍රී ලංකාව) නිදහස ලද පසු කඩිනම් සංවර්ධනය උදෙසා ක්‍රියාත්මක කළ යුතු බවට ලංකා ජාතික කොන්ග්‍රසයට ප්‍රතිපත්ති ගොන්නක් ඉදිරිපත් කෙරිණි. ඒවායේ කර්තෘ ජේ.ආර්.ය. අන්න ඒ මල්ලම මෙවර ගෝඨාද ඊට අඩුත් නැතුව වැඩිත් නැතුව එක හා සමාන අනුපාතයටම අයවැයට ඉදිරිපත් කර තිබේ.

සෑම සියලු දෙයක්ම රජය අතට – ජේ.ආර්.

ශ්‍රී ලංකාවේ අනාගත සමාජ සංවර්ධනය සහ ආරක්‍ෂාව “දේශීය ජනතාව අතට” (indigenous population) හිමිවිය යුතුය යන්න එකී ප්‍රතිපත්තිවලට ඇතුළත්ව තිබිණි.
ආහාර ද්‍රව්‍ය මෙහිම (අප රටේම) නිෂ්පාදනයෙන් ආහාර සුරක්‍ෂිතතාව ඇති කළ යුතු යැයි යෝජනා කෙළේය. වගා භූමි ප්‍රමාණය ව්‍යාප්ත කර සීමා මායිම් පුළුල් කර ක්‍රියාත්මක කෙරෙන ගොවි කටයුතු සඳහා නව තාක්‍ෂණය යොදා ගත යුතු බව යෝජනා කෙරිණි.
මේ දක්වා සෑම ආණ්ඩුවක්ම මතුරන්නා වූ සදාකාලික මන්ත්‍රය වන “ගොවියා ආරක්‍ෂා කළ යුතුය” යන මන්ත්‍රය පළමුවෙන්ම “ජප කෙරුණේ” ජේ.ආර්.ගේ නමසිය තිස් නමයේ ඒ අය වැය වාර්තාවෙනි.
එමතුදු නොව “මඩ සෝදා ගත් කල පමණක් සිංහාසනයට සුදුසු” අපේ ලක් ගොවියා ආරක්‍ෂා කිරීම සඳහා අපේ “ලක් මෑණියන්ගේ ඔඩොක්කුවේ” වගා කළ හැකි ඕනෑම “දෙයක්” පිටරටින් නොගෙන අපේ රටේම වගා කළ යුතු බවට ප්‍රතිඥාව ගෙනාවේද නමසිය තිස් නමයේ (1939) ජේ.ආර්.ගේ බජට්ටුවෙනි.
ලංකා පොළොවේ වැවෙන, එමෙන්ම වැවිය හැකි සෑම ආහාර ද්‍රව්‍යයක්ම වවන බවට මේ දක්වා රැව් පිළිරැව් දෙන කේශර හඬ ඇසුණේද ජේ.ආර්.ගේ එම අයවැයෙනි. එමතුද නොව විකිණෙන පෞද්ගලික ඉඩම් රජය මිලට ගෙන මහජන හිත සුවපිණිස යොදා ගැනෙන බවට යෝජනාද කෙරිණි.
යකඩ සහ වානේ, රසායනික ද්‍රව්‍ය සහ පොහාර වැනි ප්‍රමුඛ පෙළේ සියලු කර්මාන්ත රජය යටතේ පැවතිය යුතුය. පෞද්ගලික අංශයට බේකරි සහ සබන් යන කර්මාන්ත පමණි. ඉතාම අවශ්‍ය භාණ්ඩ ආනයනය රජයට පමණක් සීමා වේ. මාර්ගස්ත බස් සහ දුම්රිය වැනි පොදු ගමනාගමන සේවා මෙන්ම ගුවන් සේවාද රජය සතුව පැවතිය යුතුය. රටේ සංවර්ධනය උදෙසා ඒ සියල්ල කළ යුතු බව අයවැයේ දැක්විණි.

විදේශීය ශ්‍රමය එපා

අපේ රටට විදේශිකයන්ගේ ශ්‍රමය අනවශ්‍යය. එසේ ශ්‍රමය ලබා ගැනීමද සපුරා තහනම්ය. ඔහු (ජේ.ආර්.) කීය. මේ සම්බන්ධව මෙරට වෘත්තිකයන්ගේ පවා තදබල විරෝධයක් ඇති බව පිළිගත් වර්තමාන ආණ්ඩුව එය ප්‍රතිපත්තියක් වශයෙන් සලකයි. කර්මාන්ත සහ වෘත්තීය පුහුණුවද රජයෙන් සැපයිය යුතු බව ජේ.ආර්.ගේ අය වැය යෝජනාවලියට අඩංගු වූවේය.

කෙනීසියන් න්‍යාය ප්‍රයෝගීකරණය

මහජන සුබ සාධනය උදෙසා ගැනෙන කාර්යයන් වෙනුවෙන් දැරෙන සමස්ත වැයබර සඳහා මුදල් ඉපැයීම බදු ආදායම් මත බව ජේ.ආර්.ගේ යෝජනාවලියට අඩංගුව තිබිණි. ඒ සඳහා ඔහු (ජේ.ආර්.) උපහැරණද දැක්වුවේය.
“ඉංගිරිසි පාලන කාලයෙ සියලුු වියදම් දැරුවේ උපයාගන්නා ආදායම් බදුවලින්ය. එමගින් වියදම් පාලනය හොඳින් කෙරුණා. ඒ නිසා අධිරාජ්‍යවාදී පාලන කාලයේ අයවැය හිගයක් ඇතිවුණේ නෑ” හෙතෙම සිය අය වැය කතාවේදී කීවේය.
කිසියම් රටක් තුලනාත්මක අය වැයක් ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා විශාල ධන සම්භාරයක් අවශ්‍ය වේ. එවිට සමාජ සහ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් යෙදවීමට වැඩිපුර මුදල් නැති වන හෙයින් ඒවා අත්හැර දැමීමට සිදුවේ. ඒ බව පැවසූ ඔහු ඒ නිසා සංවර්ධනය වෙන රටකට හෙවත්, රටක් සංවර්ධනය වීමට අයවැය පරතරයක් තිබිය යුතු බව පෙන්නා දුන්නේය.
ඒ මේ රටේ පළමුවෙන්ම අය වැය පරතරයන් ආරම්භ වූ අවස්ථාව වන අතර එක් දහස් නම සිය පනස් හතර සහ පනස් පහ (1954-1955) වර්ෂ සඳහා මුදල් ඇමති ඇම්.ඩී.එච්. ජයවර්ධන මහතා හැරුණු කොට මේ දක්වාම සිටි සියලුම මුදල් ඇමතිවරුන් විසින් ඉදිරි පත් කරන ලද අය වැය ලේඛනවල අය වැය පරතරය වැළැක්විය නොහැක්කක් විය.
එහෙත් මේ නො හැකියාව නැති බැරි අයට සහන සැලයීමටත් එකමුතු සමෘද්ධිමත් රටක් බිහි කිරීම වෙනුවෙන් මෙ සේ පරතරය ඇතිවන බව කියමින් මෙ තෙක් සිටි සියල්ලෝම වරද සාධාරණිකරණය කළහ.

ගෝඨාගේ ආණ්ඩුවේ අය වැය

ගෝඨාගේ ආණ්ඩුවේ ඉදිරි වර්ෂයේ (2021) අය වැයද විරැකියාව තුරන් කර සංවර්ධනය සමෘද්ධිය අත්පත් කර දෙන ඉතා අනර්ඝ අයවැයක් ලෙසට ප්‍රශස්ති ගායනා ලබන්නකි. ජේ.ආර්. ආරම්භ කළෙත් ඔය වාක්‍ය ටිකෙන්මය.
පශ්චාත් දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසුව එක්දහස් නමසිය හතළිස් හය (1946) වන විට එක්සත් රාජධානියේ විරැකියාව ඇත්තේම නැති තත්ත්වයේ තිබුණේය. සංඛ්‍යා ලේඛනවලින් වාර්ථා වූයේ සියයට දෙකක (2%) මට්ටමේය.
එහෙත් එක්දහස් නමසිය හතළිස් හයේ (1946) ශ්‍රී ලංකාවේ ජන සංගණනයක් පැවැත්වුවත් රැකියා නැති සංඛ්‍යාව ගණන් ගත යුතු මට්ටමක නොපැවති බැවින් ඒ ඉසව්ව ගණනය කර නැත. ඒ නිසා අපේ රටේ විරැකියාව ගැන මුදල් ඇමති ජේ.ආර්.ට ඒ කාලයේ කතා කරන්නට තරම් දෙයක්ද තිබී නැත.
එහෙත් පසු කලෙක රැකියා සඳහා ලියාපදිංචි වීමේ කාර්යාල ස්ථාපනය කෙරුණු අතර මුදල් ඇමති ජේ.ආර්.ගෙ සමයේ රැකියා වියුක්තයන්ගේ ප්‍රතිශතය සියයට එකක් (1%) තරම් වූ බැවින් ඔහුට වැඩි අපහසුවක් නැතිව ආණ්ඩුව පවත්වා ගෙන යා හැකිවිය.
එක්දහස් නමසිය හැත්තෑ හතර වන තුරුම (1974) එක්සත් රාජධානියේ රැකියා වියුක්තියන්ගේ ප්‍රතිශතය (4%) හතරකි. එහෙත් එක්දහස් නමසිය හැට තුන (1963) වන විට මේ රටේ (ශ්‍රී ලංකාවේ) රැකියා වියුක්තිකයන්ගේ ප්‍රතිශතය හතරකි (4%). අනතුරුව එම ප්‍රතිශතය සියයට අට (8%) දක්වා වර්ධනය විය. අනතුරුව දෙදහස් fදාළහේදී (2012) පමණක් විරැකියා ප්‍රතිශතය හතර (4%) දක්වා අඩුවී යළි වර්ධනය විය.
මුදල් ඇමති ජේ.ආර්. ජයවර්ධන එක් දහස් නමසිය හතළිස් හතේ (1947) අය වැයේදී විරැකියාව තුරන් කරන බවට දුන් ප්‍රතිඥාවට මේ වන විට වසර හැත්තෑ එකක් (71) වී තිබේ. එහෙත් තවමත් කිසිම මුදල් ඇමති කෙනකුට ඒ ප්‍රතිඥාව ඉෂ්ඨ සිද්ධ කිරීමටද බැරිවිය. ආර්ථිකයද තවමත් එසේමය.
කවුරු මොන පුරසාරම් දෙඩුවත් මේ දක්වාම කිසිම කෙනකුට ඔය කියන අන්දමේ සංවර්ධන අය වැයක් නම් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවත් නො කියාම බැරිය.

පොලී අනුපාතය, ආයෝජන සහ මිලපාලනය

සෑම සියලුදෙනාටම අත්වන සමාජ සුබසාධනයක් නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයෙන් සැලසිය නො හැකි බව කෙනීසියන් ආර්ථික සිද්ධාන්තවල ගැලී සිටි ජේ.ආර්. විශ්වාස නොකෙළේය.
තිරසාර මට්ටමේ රැකියා උත්පාදනය වෙනුවෙන් රජය සෑම අංශයක් කෙරෙහිම ව්‍යාප්ත වී සිටිය යුතු බව හෙතෙම එක් දහස් නමසිය හතළිස් හතේදී (1947) ඉදිරිපත් කළ අය වැයෙන් අවධාරණය කෙළේය. කාලයෙන් කාලයට සිදුවන ආර්ථික fදා්ලනයෙන් නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයද ඇද වැටීමේ තත්ත්වයෙන් මිදිය නොහැකි වීම නිසා සේවා නියුත්තිකයන්ටද නරක කල දශාවක් ලබන බව ඔහු කීය. මේ තත්ත්වය මග හැරවීමට නම් කළ යුත්තේ රජය මැදිහත්ව කෙරෙන මහා පරිමාණයේ ආයෝජන මගින් රැකියා උත්පාදනය කිරීමය.
රජයේ වගකීම අවශ්‍යතා මත මිල පාලනය කිරීමය. එපමණක් නොව පොලී අනුපාතය පාලනය කළ යුතුය. ආයෝජන පාලනය කළ යුතුය. පෞද්ගලික ආයෝජන දිරිමත් කළ යුතුය. එමෙන්ම පළාත් පාලන ආයතනවල ප්‍රාග්ධන වියදම් කෙරෙහිද සැලකිලිමත් විය යුතුය. යන කරුණු ජේ.ආර්. ගේ අය වැයට සංගෘහිත විය.
ගෝඨාගේ ආණුඩුවද ඇත්ත වශයෙන්ම කරන්නේ ජේ.ආර්. එක්දහස් නමසිය හතළිස් හතේදී (1947) සිය අය වැයෙන් ඉදිරිපත් කළ ඔන්න ඔය දේමය. මිල පාලනය කිරීමය. පොලී අනුපාතය පාලනය කිරීමය. ආයෝජන පාලනය කිරීමය. ප්‍රමුඛතා දැක්විය යුතු ක්‍ෂේත්‍ර හඳුනා ගනු ලැබ ඒ කෙරෙහි පෞද්ගලික ආයෝජන දිරිමත් කිරීමය. සැපයුම් අංශය දිරිමත් කිරීම සඳහා ගෝඨාගේ ආණ්ඩුවේ අය වැයේ යෝජනාව සහනාධාර සැපයීමය. මේ ජේ.ආර්.ගේ අය වැය යෝජනාය.
ණයගෙන රාජ්‍ය අංශය ව්‍යාප්ත කිරීම

ජේ.ආර්. රාජ්‍ය අංශයට යෙදුවේ ණයට ගත් මුදල්ය

ඉංගිරිසි පාලන කාලයේ එනම් එක් දහස් නමසිය තිස් නමයේ (1939) සිට එක් දහස් නමසිය හතළිස් හය (1946) දක්වා රජයේ සමස්ත වියදම රුපියල් විසි තුන් කෝටි හැත්තෑ ලක්‍ෂයකි (23,70,00,000). ජේ.ආර්. ජයවර්ධන මුදල් ඇමති වශයෙන් රාජකාරි කළ එක් දහස් නමසිය හතළිස් හතේ (1947) සිට එක් දහස් නමසිය පනස් තුන (1953) දක්වා වූ සත් වසරක කාලයට සමස්ත වියදම රුපියල් හැත්තෑ හතර කෝටි විසි ලක්‍ෂයකි (74,20,00,000). වෙනස පනස් කෝටි පනස් ලක්‍ෂයකි (50,50,00,000). ජේ.ආර්.මෙසේ වියදම් කළේ ණයට ගත් සල්ලිය.
මෙසේ වූයේ අපේ රෝගයට ජේ.ආර්. ජයවර්ධන මුදල් මුදල් ඇමතිවරයා ආර්ථික විශේෂඥ ජේා්න් මේනාර්ඞ් කේන්ස් fදාස්තරගේ තුණ්ඩුවට අනුව අපට බෙහෙත් පෙවූ නිසාය.
ඉංගිරිසි පාලන කාලයේ එනම් එක් දහස් නමසිය තිස් නමයේ (1939) සිට එක් දහස් නමසිය හතළිස් හය (1946) දක්වා ණයට ගෙන තිබූ රජයේ සමස්ත ණය ප්‍රමණය රුපියල් දෙ කෝටි හතළිස් ලක්‍ෂයකි (2,40,00,000). ජේ.ආර්. සිය ධූරයේ සිටි සත් අවුරුදු කාලයට ගෙන තුබූ ණය ප්‍රමාණය රුපියල් හැට නම කෝටි පනස් ලක්ෂයකි (69,50,00,000). වෙනස රුපියල් හැට හත් කෝටි දස ලක්‍ෂයක් (67,10,00,000). ඒ ණයෙන් රුපියල් කෝටි තිස් එකක් (31,00,00,000) ඒ සමයේ පිහිටුවන ලද මහ බැංකුවෙන් ලබා ගෙන තිබිණි. (මේ ණය ප්‍රමාණය මේ දක්වාම වැඩිවී මේ වන විට ලංකාවේ වෙසෙන සමස්ත ශ්‍රී ලාංකික ජන ගහනය වන දෙ කෝටි පනස් ලක්‍ෂයකට ආසන්න සෑම සියලු කෙනකුම (කිරිබොන දරුවකු පවා) රුපියල් හත් ලක්‍ෂයකට (7,00,000) ආසන්න මුදලකට ණයකරුවකු කර තිබේ.)

ප්‍රතිකර්ම නැති කේන්ස් වෙදකම

අන්තිමේදී ජේ.ආර්.ට යථාර්ථයට මුහුණ දෙන්නට සිදුවිය. විරැකියාව තුරන් කිරීම සහ ආ්ර්ථික සංවර්ධන පොරොන්දු ඔහුගේ ඇඟිලි අතරින් පහළට රූටා වැටුණි. එක් දහස් නමසිය පනස් එකේදී (1951) සියයට හයයි දශම දෙකක් (6.2%) වූ ආර්ථික වර්ධනය එක් දහස් නමසිය පනස් තුනේදී (1953) සියයට එකයි දශම නමයකට(6.2%) බැස්සේය.
අපනයනය කළ තේ මිලද බැස්සේය. ආනයනය කළ හාල් මිල නැංගේය. දෙවැනි මහා ලෝක සංග්‍රාම සමයේ සිට සතියකට සෑම පවුලක සෑම සාමාජිකයකුටම නොමිලේ දුන් හාල් සේරු දෙක (2) අත්හිටුවන්නට සිදු විය.
කීර්තිධර ආර්ථික විශේෂඥ ජේා්න් මේනාර්ඞ් කේන්සිගේ සිද්ධාන්තවල අපේ ව්‍යාධියට ප්‍රතිකර්ම නොවිණි. ජේ.ආර්. ඇමරිකාවෙන් ඩොලර් කෝටි පහක (5,00,00,000) ණයක් ඉල්ලන්නට ගියේය. නුදුන් නිසා හිස් අතින් ආපසු ආවේය. ප්‍රශ්නයට එකම විසඳුම ආණ්ඩුවෙන් අපට ලැබුණේය. “පටි තදකර ගනිල්ලා” ඉන් පසු වැඬේ දුරදිග ගියේය. අගමැතිටත් මුදල් ඇමතිටත් ඉල්ලා අස්වන්නට සිදුවිය. නවීන මූල්‍ය සිද්ධාන්ත සහ ගෝඨා ගේ අයවැය ජේ.ආර්.ගේ යෝජනා හැත්තෑ වසරකට පසුව වෙනත් මුහුණුවරකින් යළි මතු වී තිබේ. දැන් රට සම්පත් ඌණතාවෙන් පෙළේ. අය වැය හිඟය පියවීමද ගැටළුවකි. ගෝඨාට කාගේ පිළිසරණක්ද? විසඳුමක්ද නැත. කොවිඞ් වසංගත මාරයා දත් තිස් දෙකම (32) විළිස්සා බලා සිටියි. බදුවලට අත තියන්නද නොහැකි තත්ත්වයේය.

කෙනීසියන් ආර්ථික සිද්ධාන්තවලට අනුගතව ජේ.ආර්. මහ බැංකුවට ගිය පාරේම ගෝඨාටද යාමට සිදුවී තිබේ. එදා ජේ.ආර්. ගියේ කෙනීසියන් ආර්ථික සිද්ධාන්තය ජප කරමිනි. එහෙත් මෙදා ගෝඨාට යාමට සිදුවී ඇත්තේ ඒ මන්ත්‍රයම නවීන මුල්‍ය සිද්ධාන්තය ලෙසට මොඩිෆයි කළ මන්තරයක් ජප කරමිනි.

නවීන මුල්‍ය සිද්ධාන්තය ඉදිරිපත් කර ඇති අද්වකාත්වරුන් තර්ක කරන්නේ උද්ධමන අනුපාතය සියයට පහළොව (15%) තරමට නැග්ගත් මිනිසුන් මැරෙන්නේ නැති බව කියමිනි. මොනවා හරි රජය නොකළොත් නම් මිනිසුන් නම් නසින්නේමය.

අසංවර්ධිත සංවර්ධන අය වැය

මේ දක්වා ඉදිරිපත් කෙරුණු සෑම අය වැයක්ම සංවර්ධන අයවැය වශයෙන් හඳුනවා දෙනු ලැබුවෝ ඒවා සකස් කළ න්‍යායාචාර්යවරයෝමය. ඒවා එ සේම යැයි කීමට සැදී පැහැදී සිටින්නෝද “එහෙයි” කියන්නෝමය. ඇත්ත වශයෙන්ම ඒවා සංවර්ධන අය වැයක්ද යන්න කියන්නට කෙනෙකුද, කියන්නට දෙයක්ද නැත්තේමය.

කවුරු මොනවා කීවද එක පරම්පරාවක කාලයක් තුළ හෝ අපේ රට අවම වර්ධන තලය වූ සියයට අටක (8%) මට්ටමකට හෝ ගෙන ඒමට තරම් අය වැයක් මෙතෙක් ඉදිරි පත් කෙරී නැති බව “ළෙහි අත් ගසා” කිව යුතුව තිබේ.
ඉදිරිපත් කෙරෙන අයවැයවල වරද කොතැනද?

පරිභෝජන සීමා නැත. එමෙන්ම නිස්සන්ට (සුදුස්සන්ට) සම්පත් ගලායාමක්ද නැත. අවශ්‍ය ආයෝජන උදෙසා සම්පත් නැත. වර්ධනය ඉස් මතු කිරීම වෙනුවෙන් පූද්ගලික අංශයට ව්‍යාපාර හිතකාමී පරිසරයක් සකස් කළේ නම් සෑම කෙනකුටම යමක් ලැබෙන සංවර්ධනයක් ළඟා කර ගත හැකි වන්නේය.

දේශපාලන ක්‍ෂේත්‍රයේ ජේ.ආර්. අවතාරය ආර්ථිකයෙනුත් මතුවේ

විසිවැනි ආණ්ඩුක්‍රම සංශෝධනයෙන් සර්ව බලකාමී දේශපාලන විධායක ජනාධිපති ජේ.ආර්.ගේ අවතාරය මතුවී ඇත්තා සේම මේ වන විට ආර්ථික ක්‍ෂේත්‍රය අතරින්ද ඒ අවතාරයම හිස ඔසවන අන්දම පැහැදිලිව පෙනේ.

(ඩේලි එෆ්.ටී. පුවත්පතට මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජයවර්ධන මහතා විසින් සකස් කළ ලිපියකි.

SendShareShare
Previous Post

අද සුළි සුළග ලංකාවට එද්දී මේ විදිහට හිටියොත් ජීවිතේ බේරගන්න පුළුවන්

Next Post

අය වැය හොඳ නරක

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.