මහර බන්ධනාගාරයේ සිදුවීමෙන් රැදවියන් 8 දෙනෙක් මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් මේ සිදුවීම පිළිබඳව පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරයා හරහා කරනු ලබන පරීක්ෂණයක් පිළිබඳව විශ්වාසය තැබිය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (30) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පිටත සිටියත් ඇතුළත සිටියත් බන්ධනාගාරයේ සිටියත් පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වගකීමක් බව පැවසූ විපක්ෂ නායකයා, බන්ධනාගාරයේ කොරෝනා පොකුරක් නිර්මාණය වනතුරු ආණ්ඩුව නොසැලකිලිමත් වීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කළේය.
මහර බන්ධනාගාරයේ සිදුවීම පිළිබඳව අපක්ෂපාතී, විශ්වාසනීය පරීක්ෂණයක් වහාම පැවැත්විය යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.










