කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් ඇඳිරිනීතිය සහ සීමා කිරීම් පනවා ඇති කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන්, ‘පංචායුධ පදනමේ’ අනුග්‍රහයෙන් වියලි ආහාර පාර්සල් ලබාදීම අද (28) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් දෙමටගොඩ මහා විසුද්ධාරාම විහාරස්ථානය (අලි දෙන්නා පන්සල) දී සිදු කෙරිණි.
අද දින උතුරු කොළඹ ජනතාව වෙනුවෙන් වියළි ආහාර පාර්සල් බෙදා දුන් අතර ඉදිරි දිනයන්හි කොළඹ නගරයේ අනෙක් කොට්ඨාසයන්හි ජනතාව වෙනුවෙනුත් වියළි ආහාර පාර්සල් බෙදා දීමට නියමිතය.











