දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියාකාරිකයන් විසින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සමරමින් ඊයේ (27) දින මහවිරු සැමරුම් සිදු කොට ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත.
ඒ අනුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඉදිරිපස බිත්තියේ කොටි නිල ලාංජනය වන නියඟලා මල විදුලි ආලෝකයෙන් දල්වා එම සැමරුම් සිදු කිරීමට පියවර ගෙන තිබේ.
මීට අමතරව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේද විවිධ සටහන් තබමින් මෙම සැමරුම් සිදු කිරීමට ඔවුන් පියවර ගෙන ඇත.











