ශ්‍රී ලංකාවේ පළමු වැනි විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා සිය දේශපාලන දිවිය පුරාම ගත කළ, වෝඩ් පෙදෙස කොළඹ 07 පිහිටි නිවස ගරා වැටෙන තත්ත්වයකට පත් ව තිබේ.
ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි මේ පිළිබඳව සොයා බැලීම සඳහා ජාතික උරුම, ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඊයේ (27) බොරැල්ල එම නිවස වෙත ගොස් ඇත.
ලාංකීය දේශපාලන ඉතිහාසයේ තීන්දූ තීරණ රැසක් ගත් ස්ථානයක් ලෙස මෙම නිවස මතු පරපුර සඳහා උරුම කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී පැවැසීය.
ඒ අනුව ආග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම ස්ථානය කෞතුකාගාරයක් සහ පරිසර මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට පියවර ගන්නා බව ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.






















