• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂය ගහන මඩවලට ආණ්ඩුවෙන් මහින්දානන්ද උත්තර දෙයි

November 25, 2020
in Exclusive
Reading Time: 5 mins read
A A
විපක්ෂය ගහන මඩවලට ආණ්ඩුවෙන් මහින්දානන්ද උත්තර දෙයි
Share on WhatsAppShare on Facebook

විපක්ෂය එල්ල කරන චෝදනාවලට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (25) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පිළිතුරු ලබා දීමට කටයුතු කළේය.

මෙම මාධ්‍ය හමුවට ඩිලාන් පෙරේරා සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරුන්ද එක්ව සිටියහ.

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මෙහිදී වැඩිදුරටත් මෙසේද කීය.

මේ වෙනකොට  ජනාධිපතිතුමා බලයට පත්වීමෙන් අනතුරුව  රජය ඉදිරිපත් කරපු අයවැය විවාදයට බදුන් කරන අවස්ථාවක තමයි අපි මේ මාධ්‍ය හමුව පවත්වන්නෙ.  නොවැම්බර් මාසයේ බලයට පත් වීමෙන් අනතුරුව ජනාධිපතිතුමා පසුගිය  අගෝස්තු මාසයේ පාර්ලිමේන්තු මැතිවරණයකට ගියා. ලංකා දේශපාලන ඉතිහාසයේ ලබපු ඓතිහාසික ම ජයග්‍රහණය එතුමාට ලබා දෙන්න මේ රටේ ජනතාව කටයුතු කළා. මේ රට පාලනය කරපු එක්සත් ජාතික පක්ෂයට එක මන්ත්‍රීධූරයක්වත් ලබා ගන්න බැරි වුණා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරපු පක්ෂය ආසන 54 ට අඩු වුණා. දෙමළ පක්ෂ සන්ධානය ආසන දාසයක්  තිබුන එක දහයට අඩු වුණා. ඒ වගේ ම ජනතා විමුක්ති පෙරමුණ ආසන හයක් තිබුන එක තුනකට අඩු වුනා. මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී උතුරේ අන්තවාදී දේශපාලන පක්ෂවලට වැඩිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් උතුරු නැගෙනහිර මන්ත්‍රී ආසන ලබා ගත්තා. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා මේ රටේ සමස්ත ජනතාව ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ, ජනාධිපතිවරයා යන ගමන අනුමත කරමින් තමයි මාස නවයකින් පවත්වපු පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ ඓතිහාසික ජයග්‍රහණය ලබා දුන්නේ. මම විශ්වාස කරනවා එය අපි මුහුණ දීපු ලොකුම අභියෝගයක් කියලා.

එක්සත් ජාතික පක්ෂය ,අන්තවාදී දේශපාලන පක්ෂ ,ඒ වගේම ජාත්‍යන්තර ජාත්‍යන්තරයේ යම් යම් පාර්ශවයන් වගේම විරුද්ධ බලවේග රැසක් ගෝඨාභය රාජපක්ෂ පරාජය කරන්න  ඒකරාශී වුණා.  මේ අය අද එතුමාට පහර දීමේ ව්‍යාපෘතියක් දියත් කරමින් යනවා.  පසුගිය අවුරුද්දක කාලය තුළ මේ රජය කොවිඩ් වසංගයේ  පළමු රැල්ල  අවසන් කරන්න, පාලනය කරන්න ගනු ලැබූ ක්‍රියාමාර්ග අපි දැක්කා. අද මේ වෙනකොට දෙවෙනි තුන්වෙනි  රැල්ලක් ඇවිල්ලා. නමුත් අනෙක් රටවල විශාල වශයෙන් මරණ ගොඩ ගැහෙනකොට ඉතාම අඩු මරණ සංඛ්‍යාවකගෙන්  කොවිඩ් වසංගතය පාලනය කරන්න අපිට හැකි වෙලා තිබෙනවා. ඒ වගේම මේ වසංගතය හැකි උපරිම මට්ටමෙන් පාලනය කර  ගනිමින් ව්‍යාප්තිය පාලනය කරන්න ආණ්ඩුව ගත යුතු සෑම පියවරක්ම ගන්නවා. පහුගිය අයවැයේදී කොවිඩ් වසංගතයත් එක්ක රටේ ජනතාවටත් සහන ලබාදෙමින් රජයේ ඉදිරියට ගෙන ගියා . විශේෂයෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දැවැන්ත සහන ප්‍රමාණයක්  ලබා දුන්නා. සියලුම කෘෂි කර්මාන්තයට සම්බන්ධ  ආයෝජකයින්ට අවුරුදු 5 ක බදු සහන ලබා දුන්නා. ඒ  වගේම කෘෂිකර්ම අමාත්‍යංශයට බිලියන පනස් අටක් ප්‍රතිපාදන මෙන් කරලා දේශීය කෘෂි කර්මාන්තය නඟා සිටුවන්න දැවැන්ත වැඩපිළිවෙළක් ආරම්භ කරා. ජනතාව මත පැටවිලා තිබෙන බදු වෙනුවෙන් සහන ලබා දෙන්න රජය කටයුතු කළා. පසුගිය වසරක කාලය තුළ ගෙන ගිය පාලනයත් එම සියලු අභියෝග හමුවේ ඉදිරිපත් කළ අයවැයත් දැක්කම ජනතාවට යම් දුරකට සාධාරණ සතුටක් තිබෙනවා. මේ කොවිඩ් වසංගතයක් එක්කම සංචාරක ව්‍යාපාරය කඩා වැටිල. විදේශ ආයෝජන සහ විදේශ ශ්‍රමිකයන් ගෙනෙන ප්‍රතිපාදන පහත  වැටිලා.  මේ සියලු අභියෝග එක්ක තමයි ආණ්ඩුව මේ අය වැය ඉදිරිපත් කළේ. 

මේ හැම හැමදෙයක්ම අතරේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට විරුද්ධව විවිධ චෝදනා එල්ල කරනවා.මේ රටේ ජනතාවගෙන් සියයට පනස් දෙකක් කාන්තාවන්. ඊයේ පාර්ලිමේන්තුවේදී කියවුණා මේ රටේ කාන්තාවන්ට අවශ්‍ය සනීපාරක්ෂක තුවාවලට ආණ්ඩුව  බද්දක් ගහලා කියලා.  ඒක සම්පූර්ණ අසත්‍යක්.  සනීපාරක්ශක තුවා සඳහා කිසිදු බද්දක් පනවන්න රජය කටයුතු කරලා නැහැ ඒක සම්පූර්ණ අසත්‍යයක්. ඒක මේ රටේ කාන්තාවන්ට කරපු නිග්‍රහයක්. ඒ වගේම නැගෙනහිර පර්යන්තය බදු දීම සම්බන්ධයෙන් අපට චෝදනාවක් එල්ල කරනවා. පසුගිය අවුරුදු පහේ දී මේ රටේ පැවති රජය ආර්ථික මර්මස්ථාන බදු දීපු හැටි. හම්බන්තොට වරාය 85% ක් චීනෙට දුන්නා අවුරුදු අනූනවයෙ ඒවා දෙකකට. ඒ ගනුදෙනුවේදී ඉදිකිරීම් සදහා අය කරපු මුදලවත් අපිට අය කරගන්න බැරි වුණා.  ඒ දේපලවල වටිනාකම විතරක් යු එස් බිලියන පහක්. සත පහක් පහක් අය කරේ නෑ.  යූ එස් මිලියන නමසිය ගානකට හම්බන්තොට වරාය වික්කා. විදේශ රටකට එයින් සියයට 85 ක බලයක් දුන්නා. හැබැයි අපේ ආණ්ඩුව කාලේ 2014 වෙනකොට නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කළා. 2019 යහපාලන ආණ්ඩුව ඉන්දියාවයි  චීනයයි එක්ක ගිවිසුමක් අත්සන් කළා. ඒ නිසා අපට සිද්ධ උනා එක  සමථයකට පත් කරගන්න. අසල්වැසි රටවල් අපට තරහා කරගන්න බැහැ. ජාත්‍යන්තර ගිවිසුම් අවලංගු කරන්න බැහැ.

හැබැයි මේ රටට සාධාරණව මේ රටට හොඳක් වෙන විදියට මේ ගිවිසුම සාකච්ඡා කරලා සකස් කර ගන්න මේ වෙනකොට සාකච්ඡා කරමින් යනවා. අපි මේක ලබා දෙන්නේ සියයට පනස් එකයි 49 යි කියන අනුපාතයට. සියයට පනස් එකක් ශ්‍රී ලංකා රජයට අයිතිය තියෙනවා. මේ රටේ රාජ්‍ය සම්පත් තුට්ටු දෙකට විකුණන්න අපි ලෑස්ති නෑ. මේ සියල්ල ආරක්ෂා කර ගනිමින් තමයි අපි මේ වැඩපිළිවෙළ දියත් කරන්නේ. රජය කිසිසේත්ම වැඩි කොටස් වෙනත් රටකට විකුණන්න කටයුතු කරලා නැහැ.

මේ අය වැරදි මත සමාජගත කරන්න උත්සාහ කරනවා ඒ නිසා ආණ්ඩුවක් හැටියට අපි මේ අය වැය ඉදිරිපත් කරලා ආර්ථිකය හරියට කළමනාකරණය කරලා කොවිඩ් වසංගතය  පාලනය කරලා, නැවත ආර්ථිකය ශක්තිමත් කරලා, රට ඉදිරියට ගෙන යාමේ හයිය අතිගරු ජනාධිපතිතුමාට තිබෙනවා. ජනාධිපතිවරයා 2019 දී වැය කරලා තිබෙන මුදල ජනාධිපති ලේකම් කාර්යාලයේ වියදම් පමණක් බිලියන 3.1 යි.වත්මන් ජනාධිපතිවරයා  2020 දී වැය කරපු මුදල බිලියන 1.2 යි. බිලියන 8 ක ඉතුරුවක් කරල තියෙනවා. විදේශ ගමන් සඳහා  2019 දී මිලියන විසි එකයි. මේ වසරේදී තුන් ලක්ෂ තුන් ලක්ෂ හැත්තෑ හත්දහසයි. සමහරු කියයි කොවිඩ් හින්ද යන්න බැරි උනා කියලා. නමුත් නොවැම්බර් ඉඳලා මාර්තු වෙනකන් යන්න පුළුවන්කම තිබුණා. දෙසැම්බර් මාසේ සිංගප්පූරුවට ගියේ තමන්ගේ අතින් වියදම් කරලා. මේක තමයි ජනතාව බලාපොරොත්තු වුණේ. අද වත්මන් ජනාධිපතිවරයා අන්තවාදය නවත්වලා ත්‍රස්තවාදයට තිත තියලා දූෂණය හොරකම නවත්වලා දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ගෙන යනවා. මගේ අමාත්‍යාංශය යටතේ තිබෙන ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සුදුසු සභාපතිවරු පත් කලා.පසුගිය කාලයේ ආණ්ඩුවෙන් වැටුප් ගෙවපු මේ ආයතන අද ලාභ ලබන ආයතන බවට පත්වෙලා තිබෙනවා. රාජ්‍ය වැවිලි සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත්වෙලා තිබෙනවා. සියලු වතු සමාගම් රජයෙන් වැටුප් ගෙවන තත්ත්වයට පත් වෙලා තිබුනේ. මේ අවුරුද්දේ සත පහක්වත් රජයෙන් ලබා දුන්නේ නැහැ. අද තමන්ගේ ස්ව උත්සාහයෙන් වැටුප් ගෙවන, ලාභ ලබන ආයතන බවට පත්වෙලා තිබෙනවා. ඒ වෙන මුකුත් හින්දා නෙවෙයි නිවැරදි පුද්ගලයෝ නිවැරදි ස්ථානවලට දාපු නිසයි.වත්මන් ජනාධිපතිවරයා මාස නමයක් රට පාලනය කරලා ඓතිහාසික ජයග්‍රහනයකුත් ලබාගෙන නව වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන කොට විවිධ අභූත චෝදනා රජයට එල්ල කරන්න ඇතැම් අය කටයුතු කරනවා . ඒවට මුහුණ දෙන්න අපිට හයිය තිබෙනවා.

කොවිඩ් වසංගතයත් පාලනය කරලා, නැවත ආර්ථිකය ශක්තිමත් කරලා 2019 ලබාදුන්න සියලු සහන ජනතාවට  ලබාදෙමින් මේ ගමන යන බව මතක් කරනවා.   මේ මාස දෙකේ  පමණක් නෙවෙයි ඉතිරි අවුරුද්ද පුරාමත් කිසිම හාල් හිඟයක් ඇති නොවෙන විදියට ජනතාවට අවශ්‍ය සහල් ලබා දෙන්න අපි කටයුතු කරනවා.  පසුගිය කන්න දෙකේ විතරක් හෙක්ටයාර අහාර ලක්ෂ හැට පන්දහසක් අපි වගා කළා . ඒ අනුව සහල් මෙට්‍රික් ටොන් මිලියන 1.8 ක් නිෂ්පාදනය වෙලා තිබෙනවා.  පරිභෝජනයේදී  පාරිභෝගිකයින්ට අවශ්‍ය වෙන්නේ බිලියන 1.9යි. පොහොර සහනාධාරය ලබාදෙන සෑම ගොවියෙක්ගෙන්ම හෙක්ටයාරයකට කිලෝ දාහක් අපිට මිලදී ගන්නවා සහතික මිලකට. ඒ අනුව මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් පමණ වී අලෙවි මණ්ඩලය සතු වෙනවා ලබන ජනවාරියේ ඉඳලා. සියලුම වී ගබඩා නවීකරණය කරන්න රුපියල් බිලියන 100 ක මුදලක් අපි වෙන් කරලා තියෙනවා. සියලුම ගොවියන්ගෙන් පළමු  හෙක්ටයාරයකට කිලෝ දාහකුත් දෙවැනි හෙක්ටයාරයට කිලෝ 500 කුත්  සහතික මිලට වී මිලදී ගන්නවා. ඒ මිලදී ගැනීම තුළ සහල් මිල පාලනය කරන්න පුළුවන්. ජනාධිපති වරයාගේ සෞභාග්‍යයෙ දැක්ම යටතේ බෝග 16කින් ස්වයංපෝෂිත කිරීමේ වැඩ පිළිවෙලක් දියත් කරනවා. අපේ රටට අවශ්‍ය අල ලූණු මිරිස් වලින් සියයටඅනූ පහක් දැනට ආනයනය කෙරෙනවා. දෙදහස් 24 ජනවාරි වෙනකොට මේ කිසිවක් ආනයනය කරන්නේ නැති වෙන්න අපේ රටේම නිෂ්පාදනය කරන්න අපි කටයුතු කරනවා. පසුගිය කාලයේ බඩ ඉරිගු හිඟයක් තිබුණා නමුත් මේ පාර හෙක්ටයාර ලක්ෂ පහක් අස් වද්දලා තියෙනවා. මේ සියල්ල නිෂ්පාදනය කරන්න අපි කටයුතු කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මම දැක්කා එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ  වෙබ් සයිට් එකේ දාලා තිබුණා මිලියන එකසිය ගාණකට ආහාර හිඟයක් ඇති වෙනවා කියලා. අපේ රටේ එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. ඕන වෙලාවක රටේ ජනතාවට කන්න දෙන්න අවශ්‍ය දේ අපි නිෂ්පාදනය කරනවා.   

මන්ත්‍රී ඩිලාන් පෙරේරා

මේ දවස් වල නලින් බණ්ඩාර මහතා නැවතත් සමාජය නොමඟ යවන තොරතුරු  ප්‍රකාශ කරමින් සිටිනවා. එතුමා කියනවා ලංකාවෙම උසාවි වහලා කියලා. උසාවි අරින්නේ ආණ්ඩුවේ සම්බන්ධ අයට ඇප ගන්න විතරයි කියලා. පට්ටපල් බොරුවක් ලංකාවේ කොහෙවත් උසාවි වහලා නැහැ.  එතුමා පිල්ලෙයාන් මන්ත්‍රීතුමා ගැන සදහන් කළා. සාමාන්‍යයෙන් ලංකාවේ නීතිය අනුව රිමාන්ඩ් බන්ධනාගාරයේ තියාගන්න පුළුවන් කාලය උපරිම අවුරුද්දයි. හැබැයි  පිල්ලෙයාන්  මන්ත්‍රිතුමා අවුරුදු පහක් රිමාන්ඩ් බන්ධනාගාරයේ හිටියා. එතුමාට විරුද්ධව චෝදනා තිබෙනවා නම් අවුරුද්දකින් බෙල් දෙන්න ඕනේ. අවුරුදු පහක් එතුමාව රිමාන්ඩ් එකේ තියා ගත්තේ ඇයි. ඒ පහුගිය ආණ්ඩුවට විරුද්ධව දේශපාලනයක් කරපු නිසයි. ඒක තමයි අධිකරණය නිවැරදි කළේ.   අධිකරණයට ඇඟිලි ගහලා තියෙන්නේ අපි නෙවෙයි පසුගිය රජයයි. ලලිත් වීරතුංග මැතිතුමාගේ නඩුව ගත්තම ඒ නඩු තීන්දුව දෙන දවසේ ම ලංකාව ඉන්න සෑම නීතිවිශාරදයෙක්ම කිව්වා ඒ නඩු තීන්දුව වැරදියි කියලා. ලලිත් වීරතුංග මැතිතුමාට සහ පැල්පිට මැතිතුමාට ඒ ගනුදෙනුවෙන් කිසිදු පෞද්ගලික වාසියක් නැති බව ඒ නඩු තීන්දුවෙන් ම කියවුණා. සමහර නඩුකාරවරුන්ට ටෙලිෆෝන් එකෙන් කතා කරලා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් තමයි ප්‍රමෝෂන් එකක් දෙන්නං අරයව හිරේ දාන්න කියලා කිව්වේ.මෛත්‍රීපාල සිරිසේන මහත්තයට අද රෑට කතා කරන්නං කියලා මේ අය නඩුකාරවරුන්ට කිව්වා.දවස් දෙක තුනක් යනකොට ඒ අයට අවශ්‍ය නඩු තීන්දු ලැබුණා.  අපේ ආණ්ඩුව අධිකරණයට ඇඟිලි ගහනවා නං මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිතුමා භාරදුන්න ටොප් ටෙන් චෝදනා ටිකට පැය විසිහතරෙන් ඒ කටයුතු කරන්න තිබුණ.

අධිකරණයට ඇඟිලි ගහන්නෙ නැහැයි කියන්න හොඳම අවස්ථාව තමයි මේක.  නියම නඩු තීන්දු ඇවිල්ලා නිවැරදි වෙනකොට කියනවා වහල තියෙන උසාවි ඇරගෙන අපි නඩු තීන්දු දෙනවා කියලා. කොහෙවත් උසාවි වහල නැහැ. සමහර තැන් තියෙනවා හුදකලා වෙච්චි ගම් හෝ නගර ඒ නගරවල උසාවි වහල ඇති නමුත් අනෙක් සෑම තැනකම උසාවි ඇරලා සාමාන්‍ය විදියට නඩු අහනවා. ඒ නිසා මේ විදිහට ජනතාව නොමඟ යැවීම නවත්වන්න ඕනේ.මේ කරන්නේ සම්පූර්ණයෙන්ම කොවිඩ් වසංගතය විකුණාගෙන දේශපාලනය කිරීමයි. අද ලෝකයේ කොවිඩ් වසංගතය නිසා අපිට දකින්නට තිබෙන භයානකම දේ තමයි ඒ වසංගතය ලෝකයේ විවිධ රජයන් පාලනය කරන්න කටයුතු කරන කොට ඒක වාණිජකරණය වීම. කොවිඩ් වලට එන්නතක් සොයා ගැනීමත් අද ලෝකයේ බලගතු රටවල් අතර තරඟයක් බවට පත්වෙලා.  අපේ රට ඇතුළෙත් කොවිඩ් වසංගතය වාණිජකරණය වෙලා. නීතියානුකූලව පරීක්ෂණ කට්ටල ලංකාවට ගෙන්නන කොට ගෙන්නන කෙනාට වෙනත් බිස්නස් තියෙනවා නං ඒ ව්‍යාපාරත් එක්ක තරග කරන උදවිය ඒ තරගකාරිත්වය නිසා අනෙකාට පහර දෙන්න පටන් අරන්.  මාධ්‍ය ආයතන අතරත් අද ඒ තරගය ඇති වෙලා. ජනාධිපතිතුමා කොවිඩ් වසංගතය අපේ රටේ ඒ නිවැරදි ලෙස කළමනාකරණය කර ගත්තා . අනෙක් රටවල් වල දහස් ගණන් මැරෙන මැරෙනකොට අපි ඒ මරණ ගණන වැඩි නොවෙන්න  පාලනය කරගත්තා. දෙවැනි රැල්ල එනකොට ආපු වෛරසය ශක්තිමත් නිසා තමයි  පුළුවන් තරම් දුරස්ථ භාවය ආරක්ෂා කරගන්න කියලා කියන්නේ. මෙතනදී සිද්ධ වෙන්න ඕනේ ජනාධිපති වරයාගේ ඒ ජනාධිපති වරයාගේ ක්‍රියාකලාපයට පහර ගැසීම නෙවෙයි. ආසාදිතයින් සොයා ගැනීමට වඩා වේගයෙන් ඔවුන් සුවපත් කරන්න අපිට හැකියාව ලැබිලා තිබෙනවා. අද රෝගීන් සංඛ්‍යාව එක්ක බලන කොට දහ අට දහසක් පමණ සුව වෙලා ගෙදර ගිහින් තියෙනවා. මෙතැනදි මාධ්‍යයටත් වගකීමක් තිබෙනවා.

යුද්ධ කරන කාලෙත් මාධ්‍යයෙන් කිව්වේ හමුදාවේ කොයිතරම් මැරුණා ද එල්ටීටීඊ එකෙන් කොයි තරම් මැරුණා ද කියලා. ඒ වගේම අද වෙනකොට කෝවිඩ් මරණ ගණන ගැන තමයි  මාධ්‍යයෙනුත් වැඩිපුර අනාවරණය කරන්නේ.  මිනිස්සු පත්තරේ බලන්නේ මැරුණ ගණන   කොයිතරම්ද කියලා. සමගි ජන බලවේගය බලන් ඉන්නේ ඊයේ තුනක් මැරුණා නං අද පහක් මැරුණේ නැත්තෙ ඇයි කියලා.  රාජ්‍ය හෝ පෞද්ගලික හෝ සියලු මාධ්‍යයට වගකීමක් තිබෙනවා කොරෝනාවලින් රෝගය හැදිලා මැරෙනවට වඩා සිතින් මැරෙන මිනිසුන්ගේ හිත හදන එක. මේ මරණ ගාන ගැන කියනකොට රටේ  සාමාන්‍ය ජනතාව අතරත් බියක් ඇති වෙනවා.  මේ රෝගයත් එක්ක ජීවත් වෙන ජනතාවගේ මනස පාලනය කර ගත යුතුයි. මේ  කොරෝනා වසංගත තත්ත්වය බිස්නස් එකක් කර ගන්න අයට හසු වෙන්නේ නැතුව ශක්තිමත්ව මුහුණ දෙන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගේනකොට පී.සී.ආර් පරීක්ෂණ කරපු අය කැමති නැහැ . අවසානයේ දී සිද්ධ වෙන්නේ තරගකාරිත්වයක් ඇති වීමයි. ආණ්ඩුවේ වෑයම වාණිජකරණය වෙලා තර්ක විතර්ක යන්නේ පරීක්ෂණ කට්ටල ගෙන එන  කොම්පැණිය  අතර මිසක් ලෙඩා හොඳ කරන එක ගැන නෙවෙයි . ඒ නිසා මේ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රට අරන් යන දිසාව සාම්ප්‍රදායික දේශපාලන දිසාවෙන් ඔබ්බට ගිය දිසා වක් . දැන් අමාත්‍යාංශ වල අමාත්‍යාංශ වල ෆොටෝ සාප්පු නැහැ රාජ්‍ය ලාංඡනය විතරයි. ජනාධිපතිතුමා බලයට ඇවිල්ලා පැය විසි හතරේන් මේ රටේ ජනතාව ඉල්ලපු වෙනස සිදු කරා. අද ජනාධිපතිවරයා එක්ක යන්නේ වාහන තුනයි.

එතුමාගේ කාර්ය මණ්ඩලය අඩු කළා. එතුමාගේ වියදම අවුරුද්දකට  බිලියන ගානකින් අඩු කරල තියෙනවා. තාප්ප උඩ සිගරට් එකක් බිබී හිටපු අපේ තරුණයා ස්වෙච්ඡාවෙන් තාප්පෙන් බැහැලා තාප්පේ ලස්සන චිත්‍ර ඇන්දා . ඒ පරිසරය ආරක්ෂා කර ගැනීමේ ජනාධිපති වරයාගේ වැඩපිළිවෙළට ශක්තියක් දෙන්නයි. එතුමා දේශපාලන වශයෙන් විශාල වෙනසක් සිදු කළා සාම්ප්‍රදායික දේශපාලනඥයින් 225ම දියවන්නාවට දාන්න ඕනේ කියලා ජනතාව කියන යුගයක හොඳ නායකත්වයක් දීලා රට අලුත් දිසාවකට අරගෙන යනවා.  අප සිදුකළ යුත්තේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එතුමාට ශක්තියක් ලබා දීමයි. අද විවේචනයක් එල්ල වෙනවා කෝවිඩ් වසංගතය සමාජගත වෙලා කියලා කියන්නේ නැත්තේ ඇයි කියලා .ඒක කියන්න ඕනෙ සෞඛ්‍ය අංශ. සජිත් ප්‍රේමදාස මහතාගේ මනදොළ පිනවන්න විතරක් ප්‍රකාශ නිකුත් කරන්න රජයකට බැහැ . දැන් විපක්ෂ නායකයා තුමාට තියෙන තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේක සමාජගත වෙලා  කියලා  කියන්නේ නැති එක . අපේ රජය සෞඛ්‍ය අංශ කියන විදියට විදියට තමයි සෑම විටම කටයුතු කරලා තිබෙන්නේ.ඒ නිසා මේ අවස්ථාවේදී බොරුව සමාජ ගත කරන්නැතුව රජයට සෑම දෙනා ම ශක්තියක් විය යුතුයි.

SendShareShare
Previous Post

අරුනැල්ලේ බඹරැල්ලේ සිරි

Next Post

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය Xiaomi වෙයි

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.