පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොල කාර්යාලයේ සේවිකාවකට පහර දුන් එම කාර්යාලයේ ඉංජිනේරුවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දුරකථන අංකයක් ලබාදීමට ප්‍රමාද වූ බව කියමින් මෙම සිදුවීම සිදුවූ බවට වන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු විමත් සමග ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි අවධානයක් යොමුව තිබිණ.
මෙම පහරදීම සම්බන්ධයෙන් ඉංජිනේරුවරයාගේ වැඩතහනම් කිරීමට පියවර ගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සඳහන් කර සිටියේය.










