අපනයන බලපත්‍ර නොමැතිව ඉන්දියාවෙන් ගෙන්වීමෙන් පසු නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ නීතිවිරෝධි කහ ටොන් 30ක් සම්බන්ධයෙන් ගත් තීන්දුව මේ වනවිට අනාවරණය වී ඇත.
ඒ අනුව එම වියලි කහ ටොන් 30 ආයුර්වේදයට ලබා දීමට තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.
මෙම කහ ටොන් 30 වටිනාකම රුපියල් කෝටි 3ක් පමණ වන බවද දැනගන්නට ඇත.










