• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2024 සටන තීන්දුයි (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

November 21, 2020
in Exclusive, Gurudawa
Reading Time: 2 mins read
A A
2024 සටන තීන්දුයි (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

ගෝඨාගේ ආණ්ඩුවට වයස දැන් හරියටම අවුරුද්දකි. ගෝඨාට රට පාලනය කරන්න වරම් ඇත්තේ තව අවුරුදු හතරකි. ඒ හතරෙනුත් අන්තිම අවුරුද්ද ජනාධිපතිවරණයට සූදානම් වන වසර නිසා ඒ වසර ගණන්ගත නොහැකිය. ඒ අනුව බලන විට ඉතිරිව තියෙන්නේ වසර තුනක් පමණි. දවස්වලින් ගණන් කරනවා නම් හරියටම දවස් 1095කි. සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා පසුගියදා පාර්ලිමේන්තුවේදී කීවේ තව අවුරුදු තුනහමාරක් කොරෝනා සමඟ ජීවත් වෙන්න පුරුදු වෙන්න කියාය.
‘ඒ කියන්නේ ගෝඨාගේ ඉතිරි අවුරුදු තුනත් යන්නේ කොරෝනා එක්කද…’
ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි ඊට කලින් කොරෝනා ඉවර වුණත් රටේ ආර්ථිකය යන්නේ පල්ලමටය. ආණ්ඩුවේ එකම ආර්ථික න්‍යාය ඩොලර් එක පාලනය කරගෙන ණය පොලී සඳහා ගෙවිය යුතු මුදල අඩුකර ගැනීමය. බඩු මිල වැඩිවීමක් මිස අඩු වීමක් හිතාගත නොහැකිය. වැටුප් කැපීමක් මිස වැටුප් වැඩිවීමක් හිතාගත නොහැකිය. රැකියා අහිමි වනවා මිස රැකියා වැඩි වීමක් හිතාගත නොහැකිය. ආණ්ඩුවේ මන්ත්‍රිවරයෙක් අය – වැයේදී ආඩම්බරයෙන් කීවේ 70 – 77 යුගයේ තිබූ දේශීය ආර්ථිකයට යළි යන බවය. බණ්ඩාරනායක මැතිනියට 1977 විපක්‍ෂ නායකකමත් අහිමි වූයේ 70 – 77 ඇන්. ඇම්. පෙරේරාගේ මේ දේශීය ආර්ථිකය න්‍යාය නිසාය. 1977 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හතේ හත වැදුණේ 70 – 77 දේශීය ආර්ථික ප්‍රතිපත්තිය නිසාය.
‘ගෝඨාගේ ආණ්ඩුවටත් ඒකම වෙයිද..?’
කියන්න දන්නේ නැත. දැනටමත් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය විවේචනය කරමින් යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කොට ඇත. එහි කියන්නේ වෙළෙඳාම කියන්නේ ලංකාවේ බඩු යුරෝපයට විකිණීම පමණක් නොවේ කියාය. යුරෝපා සංගමය කියන්නේ ලංකාවද යුරෝපයේ බඩු මිලදී ගත යුතු බවය. ලංකාවට යුරෝපා බඩු මිලදී ගැනීම තහනම් කොට යුරෝපයට ලංකාවේ බඩු මිලදී ගන්න කියනවා නම් ඒක ජාත්‍යන්තර වෙළෙඳ නීති උල්ලංඝනය කිරීමක් බව යුරෝපා සංගමය පෙන්වා දී ඇත. ජී.එස්.පී. ප්ලස් සහනය ලංකාවට ලබා දීම නිසා යුරෝපය ලංකාවේ දෙවැනි විශාලතම අපනයන වෙළෙඳපොළ බවට පත්ව තිබෙන බවද යුරෝපා සංගමය පෙන්වා දෙයි.
‘යුරෝපා සංගම ජී.එස්.පී. ප්ලස් අහිමි කළොත් මේ ආර්ථික අර්බුද මැද්දේ මොනවා වෙයිද..?’
‘යුරෝපය ලංකාවේ භාණ්ඩ තහනම් කළොත් මොනවා වෙයිද..?’
යුරෝපය පමණක් නොව ඇමෙරිකාවත් ලංකාවේ ප්‍රධාන අපනයන සැපැයුම්කරුවෙකි.
‘ඇමෙරිකාවත් මේ තීරණයම ගත්තොත් මොනවා වෙයිද..?’
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුන ලංකාවට යන්න වෙන්නේ හොම්බෙන්ය.
‘එතකොට 2024 ජනාධිපතිවරණයේදී මොනවා වෙයිද..?’
ගෝඨාට ඕනෑ නම් 2024ට කලින් හදිසි ජනාධිපතිවරණයකට යා හැකිය. එවිට ජනාධිපතිවරණය කැඳවන්න වෙන්නේ 2023දීය. 2023 ජනාධිපතිවරණය කැඳවනවා නම් ගෝඨාගේ ආණ්ඩුවට තව ඉතිරිව ඇත්තේ අවුරුදු දෙකකි. හේතුව ජනාධිපතිවරණය පවත්වන 2023 අවුරුද්ද ඡන්ද සටනටම ගෙවී යනවා මිස වැඩක් කරන්න බැරි වන නිසාය. දැන් පේන හැටියට මේ යන විදියට ආර්ථිකයේ වෙනසක් කරන්න බැරිය. ඒ නිසා ගෝඨා කලින් ජනාධිපතිවරණයකට යයි කියා හිතන්න බැරිය. ඊළඟ අවුරුද්දෙවත් දෙවියෝ බලයි කියා ඒ අවුරුද්දත් යනවා ඇරෙන්න හදිසි ජනාධිපතිවරණය කැඳවන්න වෙන්නේ මහජන ගිනිගොඩක් මැදය.
ආණ්ඩුව නොකිව්වාට ආර්ථික වර්ධන වේගය යන්නේ ඍණය. මීට පෙර ලංකාවේ ඍණ ආර්ථික වර්ධන වේගයක් පැවැතියේ 2001 චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේය. ඒ ප්‍රභාකරන් ගුවන් තොටුපොළට, කොළඹ වරායට මහ බැංකුව ඇතුළු කොළඹ ආර්ථික මර්මස්ථානවලට ගහල ආර්ථිකය බින්දුවට වට්ටවා තිබියදීය. ඒ කාලේ බඩු මිල ඉහළ ගියේ රොකට්ටුවක් යන්නා වගේය. ආර්ථික ප්‍රශ්න හේතුකොට ගමේ, ආසනයේ, දිස්ත්‍රික්කයේ මිනිසුන්ගේ ප්‍රශ්නවලට මුහුණ දීමට නොහැකිව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් එස්. බී. ද ඇතුළුව ආණ්ඩුවේ විශාල පිරිසක් කඩාගෙන විපක්‍ෂයට ගියහ. 1999 ජනාධිපතිවරණයත්, 2000 මහ මැතිවරණයත් දින්න චන්ද්‍රිකාගේ ආණ්ඩුව හරියට වසරකින් වැටුණි. 2001 මහ මැතිවරණයෙන් චන්ද්‍රිකාගේ ආණ්ඩුව අන්ත පරාජයකට ලක්විය. ඒ ආර්ථිකය ඍණට යෑමෙන් බඩු මිල ඉහළ යෑම, රැකියා අහිමි වීම, වැටුප් කැපීම දරාගත නොහැකිව ජනතාව චන්ද්‍රිකාගේ ආණ්ඩුවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ නිසාය. 1999 ජනාධිපතිවරණයේදී කොටි බෝම්බයෙන් ඇසක් අහිමි වූ චන්ද්‍රිකාව දැක කඳුළු පුරවාගෙන ඡන්ද පෝලිමේ සිටි කාන්තාවෝ 2001දී චන්ද්‍රිකාට ගෙදරම යන්න කියා ඡන්ද දුන්හ.
ගෝඨාගේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඇත. ඒ නිසා ගෝඨාගේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ වට්ටවන්න බැරිය. එහෙම වට්ටවන්න සජිත්ගේ සමඟි ජනබලවේගය උත්සාහයක්වත් නොගත යුතුය. රනිල් වික්‍රමසිංහගේ 2002 ආණ්ඩුවත්, 2015 ආණ්ඩුවත් විනාශ වූයේ ඔළුගෙඩි එහාට, මෙහාට කරල ආණ්ඩු හදන්න ගිහින්ය. ජේ. ආර්. 70 – 77 වනතෙක් ඉවසා සිටියා වගේ සජිත්ගේ සමඟි ජනබලවේගය ජනාධිපතිවරණය එනතෙක් ඉවසා සිටිය යුතුය. මේ ආණ්ඩුව ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රිවරුන්ට එපා වූවාට වැඩක් නැත. මිනිසුන්ට එපා වන තෙක් ඉවසා සිටිය යුතුය. ආණ්ඩුව මිනිසුන්ට එපා කරවන්න ජේ. ආර්. 70 – 77 කළා වගේ සත්‍යග්‍රහ, පා ගමන්, විරෝධතා රැලි පවත්වමින් ජනතාව සංවිධාන කළ යුතුය.
ආයේ මේ රටේ මිනිස්සු නිර්පාක්‍ෂික පොදු අපේක්‍ෂකයන්ට ඡන්දය දෙන්නේ නැත. සිස්ටම් එකට පිටින් එන දේශපාලනඥයකු නොවන අය ජනාධිපති කරන්නේ නැත. හමුදා නිලධාරීන් ජනාධිපති කරන්නේත් නැත. 2015 සිට මේ දක්වා මිනිස්සු හොඳට පාඩම් ඉගෙන ගෙන ඇත. 2015 සිට 2019 දක්වා මෛත්‍රි – රනිල් ආණ්ඩුව මිනිසුන්ට එපා වූයේ වෙනත් පක්‍ෂයක පොදු අපේක්‍ෂකයෙක් ජනාධිපති කොට යූ.ඇන්.පී.ය රට පාලනය කරන්න ගොස් ඇනගත් ඇනගැනිල්ලෙන්ය. මේ ආණ්ඩුවේ ප්‍රශ්නය මිනිසුන්ට තවම හොයාගන්න අමාරුය. මිනිසුන්ට පේන්නේ ලොකු ප්‍රශ්නයක් තියෙන බවය. දේශපාලනය තේරෙන අයට ප්‍රශ්නය තේරෙයි. ජනාධිපති රට පාලනය කරන්නේ හමුදාව ඇතුළු නිලධාරී පිරිසක් සමඟය. ආණ්ඩු යාන්ත්‍රණය නොහොත් මැති ඇමැතිවරු, මන්ත්‍රිවරු අගමැති මහින්ද රාජපක්‍ෂ සමඟ වෙන දේ බලාගෙන සිටී. ආණ්ඩුවේ දේශපාලන බලය හසුරුවන පක්‍ෂය තියෙන්නේ බැසිල් රාජපක්‍ෂ අතෙහිය. එක්කෝ ගෝඨාභය පොදුජන පෙරමුණේ නායකයා වී රාජපක්‍ෂ නොවන නාමික අගමැතිවරයෙක් පත්කරගෙන රට ආණ්ඩු කළ යුතුය. එක්කෝ මහින්ද ජනාධිපති වී 2005 – 2015 මෙන් නාමික අගමැතිවරයෙක් පත්කරගෙන රට පාලනය කළ යුතුය. නැත්නම් බැසිල් ජනාධිපති වී පොදුජන පෙරමුණු නායකයා වී නාමික අගමැතිවරයෙක් පත්කරගෙන රට පාලනය කළ යුතුය.
අද මිනිස්සු ඉල්ලන්නේ 2015ට කලින් මෙරට තිබුණු එවැනි ආණ්ඩුවක්ය. එවැනි ආණ්ඩුවක් හදන්න සමඟි ජනබලවේගයට පුළුවන. එහි නායකයා සජිත්ය. අනෙක ඔහු දේශපාලනයේ මැති, ඇමැති ධුර දරා, මන්ත්‍රිකම් දරා පළපුරුද්දක් තියෙන අයෙකි. අනෙක ඔහුට සමඟි ජනබලවේගයේ හොඳ ටීම් එකක් සිටී. දක්‍ෂ, තරුණ ටීම් එකක් සිටී.
සජිත්ගේ නායකත්වයෙන් මේ ටීම් එක දක්‍ෂ ලෙස පාර්ලිමේන්තුව තුළත්, සමාජ මාධ්‍ය තුළත් ආණ්ඩු විරෝධී සටන මෙහෙයවමින් සිටී. තුනෙන් දෙකක බලයක් සමඟ හැප්පෙන සජිත්ගේ විපක්‍ෂය සංසන්දනය කරන්න ඕනෑ 2010 තුනෙන් දෙකක බලයක් තිබූ මහින්දගේ ආණ්ඩුවත් එක්ක හැප්පුණු රනිල්ගේ විපක්‍ෂයත් සමඟය. 2010 මහින්දගේ ආණ්ඩුව 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන වේලාවේ රනිල් හිටියේ ඉන්දියාවේ මිතුරකුගේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වෙමින්ය. 18ට පක්‍ෂව යූ.ඇන්.පී. මන්ත්‍රිවරු කිහිප දෙනෙක්ම ඡන්දය දුන්හ. යූ.ඇන්.පී.යෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර ගත් මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රිවරුද වෙනම සහාය දුන්හ. යූ.ඇන්.පී.ය ඡන්දය ප්‍රකාශ නොකර නැඟිට ගියේය. 2010 සිට 2013 ජනවාරි හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝගය එනතෙක් යූ.ඇන්.පී.ය පාර්ලිමේන්තුවේ හිටියේ මරනින්දේය. යූ.ඇන්.පී.ය ඇහැරෙව්වේ ශිරාණි බණ්ඩාරනායකය. ඒත් එවකට විපක්‍ෂ නායක රනිල් ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයේදී පාර්ලිමේන්තුව උත්තරීතරයි කියා ආණ්ඩුවට පක්‍ෂව කතා කළේය.

සමඟි ජනබලවේගය එසේ නොවේ. පළමු පාර්ලිමේන්තු රැස්වීමේ සිට ඔවුන් පාර්ලිමේන්තුව තුළ සිය බලය පෙන්වමින් සිටී. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ගියේ එක් මන්ත්‍රවරියක් පමණි. 20ට පක්‍ෂ වූ සුළු ජාතික පක්‍ෂ මන්ත්‍රිවරුන්ට කකුල් දෙක දෙපැත්තේ තබාගෙන ඉන්න ඉඩ නොදී ඔවුන්ව ආණ්ඩුවටම තල්ලු කරන්න සමඟි ජනබලවේගය සමත් විය.

සමඟි ජනබලවේගයට අද කතා කරන්න මාධ්‍යයක් නැත. මෙය දැන ඔවුන් ඉතා සූක්‍ෂ්මව සමාජ මාධ්‍ය හසුරුවමින් සිටී. රටේ සියලුම මාධ්‍ය ගෝඨාගේ ආණ්ඩුව වර්ණනා කරද්දී සමාජ මාධ්‍ය හරහා ගෝඨා ෆේල් යන කැම්පේන් එක නිර්මාණය කරන්න ඔවුන් සමත් වී ඇත. අවසානයේ ගෝඨාට සිය පළමු වසර සමරා ජාතිය අමතන කතාවේ ගෝඨා ෆේල් යන කැම්පේන් එකට පිළිතුරු දීමට සිදුවිය. මේ විදියට 2024 වන විට මේ ටීම් එක රට රත්කළොත් ජනාධිපතිවරණයට හොඳ වේදිකාවක් හැදීම අසීරු නොවේ.
‘ජනාධිපතිවරණය දින්නොත් පක්‍ෂ නායකයාත් ඔහුය. ආණ්ඩුවේ නායකයාත් ඔහුය.
‘2024 සටනට සජිත් ආවොත් පොහොට්ටුවෙන් එන්නේ ගෝඨාද..?’
ඒක තීරණය කරන්නේ රාජපක්‍ෂ පවුලය. සමහර විට බැසිල් පාර්ලිමේන්තු යන්නේ නැතිව ආණ්ඩුවේ පව් කරගහන්නේ නැතිව ජනාධිපතිවරණයට එයිද කියන්න බැරිය. කවුරු ආවත් ප්‍රධාන චරිතය මහින්ද විය යුතුය.
මොකද මහින්ද නැතුව රාජපක්‍ෂ පවුලට ඡන්ද දිනන්න බැරිය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පැංචලා 200කින් එකට ආව සුපිරි පැංචා

Next Post

මහජන බැංකුව හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එකතුවෙන් Lanka QR ගෙවීම් පහසුකම

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.