සිය 75 වන උපන්දිනය නිමිත්තෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරාම මාවතේ පිහිටි නිලනිවසේදී තවත් උපන්දින කේක් ගෙඩියක් කැපීමට පියවර ගත්තේය.
මෙම අවස්ථාවට සිය පවුලේ හිතමිත්‍රාදීන්, පාර්ලිමේන්තු මැතිඇමැතිවරු ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටිනු දැකගත හැකිවිය.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ නෙළුම් කුළුණේ හැඩයට සකස් කළ කේක් ගෙඩියක් කැපීමට අගමැතිවරයා පියවර ගැනීමය.
මහින්ද රාජපක්ෂ මහතා උදෑසනම සිය පළමු මුනුපුරා වූ නිර්වාන් රාජපක්ෂ සමග උපන්දිනය සමරා කේක් ගෙඩියක් කැපීමට පියවර ගෙන තිබිණ.










