• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිංහරාජ කැලෑ පාරට පසු ජලගැලුම් නිම්නය මැදිනුත් කැලෑ පාරක් කපන්න යයි

November 17, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
සිංහරාජ කැලෑ පාරට පසු ජලගැලුම් නිම්නය මැදිනුත් කැලෑ පාරක් කපන්න යයි
Share on WhatsAppShare on Facebook

මනම්පිටිය පාලමේ සිට මහවැලි ගඟට සමාන්තරව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යාණය මැදින් කිලෝ මීටර් 13ක් දුරැති  මාර්ගයක් ඉදිකිරීමට කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බවත්, මෙම මාර්ගය ඉදිකිරීම නිසා ප්‍රදේශයේ දැනට පවතින අලි මිනිස් ගැටුමට අමතරව තවත් බරපතල පාරිසරික හා සමාජීය ගැටළු රාශියකට ඉදිරියේදී මුහුණපෑමටට සිදුවනු ඇති බවත් වනජීවී අඩවි සහකාරවරුන්ගේ සංගමය කියා සිටී.

වන වගා කිරීමේ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්‍වයෙන් පැවැති ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ රැස්වීමකදී ගත් තීරණවලට අනුව වනජීවී රක්ෂිත අනතුරට පත්වී ඇති බව වනජීවී අඩවි සහකාරවරුන්ගේ සංගමය විසින් වනජීවී අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා වෙත අද (16) යවන ලද ලිපියකින් පෙන්වා දී තිබේ.

වස්ගමුව ජාතික වනෝද්‍යානයට නව පිවිසුමක් ලෙස අඹන්ගඟ ප්‍රදේශයේ ආරම්භ කිරීමට බලාපොරොත්තුවන නව පිවිසුම් මාර්ගයද ඉදිරියේදී රක්‍ෂිතයේ වන සතුන්ගේ පැවැත්මට බලවත් තර්ජනයක් බවද වනජීවී අඩවි සහකාරවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

වනජීවී අඩවි සහකාර වෘත්තිකයින්ගේ සංගමය “පොලොන්නරුව කලාපයේ වනජීවී රක්‍ෂිතවලට එල්ලවී ඇති අහිතකර බලපෑම් ඉවත් කිරීම සඳහා” මැයෙන්  වනජීවී අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා වෙත අද (16) ලිපියක් යොමු කරමින් මේ බව පෙන්වා දී තිබේ. එම සංගමයේ ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. ජී. වීරසේන මහතාගේ අත්සනින් යුතුව යොමු කර ඇති එම ලිපියේ මෙසේද දැක්වේ.

2020 නොවැම්බර් 15 වෙනි දින පොලොන්නරුව පුලතිසි චන්‍ද්‍ර මණ්ඩපයේදී විදුලි වැට, අගල් ඉදිකිරීම් හා වන වගා කිරීමේ ගරු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්‍වයෙන් පැවැති ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ රැස්වීමේ ගත් තීරණවලට අනුව වනජීවී රක්ෂිත අනතුරට පත්වී ඇති බව දන්වා සිටිමි.

මනම්පිටිය මහවැලි ගඟ පාලම ස්ථානයේ සිට ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් මහවැලි ගඟට සමාන්තර වනසේ යක්කුරේ දක්වා මාර්ගයක් ඉදි කිරීමට දෙපාර්තමේන්තු සහ අමාත්‍යංශ නිලධාරීන්ගේ විරෝධය නොතකා තීරණය කර ඇති බව වනජීවී නිලධාරීන්ගෙන්  අප සංගමයට තොරතුරු වාර්තාවී ඇත.

රක්‍ෂිතයක් මැදින් මාර්ගයක් ඉදි කිරීම මගින් සිදුවන්නේ රක්‍ෂිතයේ ජීවත්වන වනජීවී ගහනයන් සහ ඔවුන්ගේ පරිසරය ඛණ්ඩනය වීමයි. ජීවීන්ගේ වඳවීමේ සීග්‍රතාවය ගහණයේ විශාලත්වය මත තීරණය වේ. වාසස්ථාන ඛණ්ඩනය වීමෙන් ගහණයන් ජීව විද්‍යාත්මකව හුදෙකලා කුඩා ගහණයන් බවට පත්වේ. ඉන් සිදුවන්නේ ගහණයේ වඳවීමේ සීග්‍රතාවය බලවත් ලෙස ඉහළ යාමයි.

යක්කුරේ ගම්වාසීන්ට දැනට පොලොන්නරුව සිට මහියංගණය දක්වා දිවෙන කාපට් ඇතිරූ  මාර්ගය ඔස්සේ යක්කුරේ දක්වා ප්‍රවාහණ පහසුකම් ලබා ගැනීමේ හැකියාව තිබියදී ශ්‍රී ලංකාවටම අගනා වියලි කලාපයේ පවතින මෙවැනි එකම තෙත් බිම් ජාතික වනෝද්‍යාණය මැදින් මාර්ගයක් තැනීම මගින් තවත් මෙවැනිම මහජන ඉල්ලීම්වලට වැරදි පූර්වාදර්ශයක් ලැබෙන බවත්, මෙවැනි මහජන අවශ්‍යතා සඳහා කෙටි මාර්ග සෙවීම ඥාණාන්විත නොවන බවත් අප සංගමය සැලකර සිටිමු.

එසේම ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යාණය මැදින් කිලෝ මීටර් 13 ක් දිගින්  මෙම මාර්ගය ඉදි කිරීම නිසා දැනට ඉතිරිවී ඇති බන්ඩියා විල්ලුව සහ හඳපාන්විල්ලුව, වැනි සුවිශේෂී විල්ලු පද්ධතිය විනාශයට ලක්වීමද අනිවාර්යෙන් සිදුවන්නකි- එමෙන්ම දැනට පවතින අලි මිනිස් ගැටුමට අමතරව බරපතල පාරිසරික විනාශයක් සිදුවීමට අඩිතාලම වැටෙන බව අප සංගමය කියා සිටිමු.

මහවැලි බී කලාපය, මහවැලි සී කලාපය පොලොන්නරුව ඇතුළු ප්‍රදේශවල මහජනතාවට මේ හේතුව නිසා දැඩි වන අලි ගැටළුවකට මුහුණපෑමට ස්ථිරවම සිදුවන බව ප්‍රකාශකර සිටිමි- නිලධාරීන්ගේ විරෝධය මැද මෙ සංවර්ධන කටයුතු සිදු කිරීමෙන් ඉදිරියේදී මුහුණපෑමට සිදුවන පාරිසරික හා සමාජයීය ගැටළුවලට, මෙයට නායකත්වය දෙන සෑම පුද්ගලයෙකුම වගකිවයුතු බව අවධාරණයෙන් කියා සිටිමි.

එසේම වස්ගමුව ජාතික වනෝද්‍යානයේ නව පිවිසුමක් ලෙස අඹන්ගඟ ප්‍රදේශයේ ආරම්භ කිරීමට බලාපොරොත්තුවන නව පිවිසුම් මාර්ගයද ඉදිරියේදී රක්‍ෂිතයේ වනසතුන්ගේ පැවැත්මට බලවත් තර්ජනයක් වන බව දන්වා සිටිමි- එසේ කිරීමට අවශ්‍යවන්නේ නම් ක්‍ෂෙත්‍රයේ වගකිවයුතු පාර්ශවවලින් අදහස් ලබා ගැනීමෙන් පසුව දීර්ඝකාලීන සැලැස්මකට අනුව එය කලයුතු බවත් සංගමයක් ලෙස අප දන්වා සිටිමු- මේ වන විටත් පිවිසුම් මාර්ග දෙකක් ඇලහැර කිරිඔය ප්‍රදේශයෙන් සහ හඳුන්ගමුව ප්‍රදේශවලින් ලබාදී ඇති බවත් දන්වා සිටිමු.

ශ්‍රී ලංකාව සෞභාග්‍යයේ දැක්ම කරා ගෙනයාමට නම් හුදෙක් වනජීවී සම්පත් සෘජුව පරිභෝජනය කිරීම වෙනුවට වනජීවී සංරක්‍ෂණය තුලින් ලැබෙන්නාවූ අති මහත් ප්‍රතිලාභ මැනැවින් හඳුනාගෙන ඒ ඔස්සේ රට මෙහෙයැවිය යුතුබව අප සංගමය අවසන් වරට වගකිවයුතු සෑම පාර්ශවයකින්ම ඉතා ඕනෑකමින්  ඉල්ලා සිටිමු

SendShareShare
Previous Post

තත්ත්වය භයානකයි: රෝසි සති 2කට කොළඹ වහන්න කියයි

Next Post

බඩ ඉරිඟු වගාව ප්‍රචලිත කරලීමේ රජයේ වැඩපිළිවෙළ ක්‍රිස්බ්‍රෝ පැසසුමට ලක්කරයි

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.