කොළඹ නගර සභා බලබල ප‍්‍රදේශයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය බවත්, දැඩි සංචරණ සීමා යොදා පාලනයට යටත් කර කිසිවකුට ඇතුළුවීමට හෝ පිටවීමට නොහැකි ලෙස දැඩි පාලනය කර මෙය සිදු කළ යුතු බවත්, ඒ හේතුවෙන් කොළඹ නගර සභා සීමාව අවම වශයෙන් සති තුනක කාලයකට වසා දමන ලෙසත් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය රජයෙන් ඉල්ලා සිටී.
එසේ නොකළහොත් විශාල ව්‍යසනයකට මුහුණ දෙන්න රටක් ලෙස සිදුවන බවද මේ වන විට කොරෝනා මරණ සංඛ්‍යාව එන්න එන්නම ඉහළ යනවා මිස අඩු නොවන බවද ඇය පැවසුවාය.
කොළඹ නගර සභා සීමාව තුළ ජීවත්වන වයස්ගත පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ බව ද සඳහන් කරන නගරාධිපතිනිය ඔවුන් බේරාගත හැකි දැයි අද වනවිට ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බවත් කියා සිටී.
නිවසටම වී සිටින්නයි කොපමණ කිව්වද පැල්පත්වාසීන්ට එසේ කිරීමේ හැකියාවක් නැතැයිද තව දුරටත් පෙන්වා දෙයි.










